(නිමන්ති රණසිංහ)
නීති විරෝධී ලෙස සීශෙල්ස් මුහුදු සීමාවට ඇතුළු වූ ශ්‍රී ලාංකික ධීවරයන් දොළොස් දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරඇත.
ධීවර යාත්‍රා දෙකකින් සීෂෙල්ස් මුහුදු සීමාවට පැමිණ සිටි මෙම ධීවරයින් දොලොස් දෙනා එම මුහුදු තීරයේ ධීවර කටයුතු කරමින් සිටියදී එරටේ හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව එම වාර්තා සඳහන් කරයි.
ඉකුත් මැයි මාසයෙන් පසු සීෂෙල්ස් මුහුදු සීමාවට පැමිණි අනවසර ධීවර බෝට්ටු පහක් එම වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන ඇති බව ද බවද එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd