
(අජන්ත රත්නායක)
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය සංවිධානය කර තිබූ විරෝධතා පා ගමනකට එක්ව සිටි සෞඛ්‍ය වෘත්තීය සමිති නායකයින් පිරිසක් මුව ආවරණ රහිතව ඊට එක්වී සිටි අයුරු කුරුණෑගලදී අප කැමරාවේ සටහන් වූයේ මේ අයුරිනි.
පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලයේ සභාපති රවි කුමුදේශ්, රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය ඇතුළු වෘත්තීය සමිති නායකයින් පිරිසක් අදාල පෙළපාලියට නායකත්වය දෙමින් ඉදිරියෙන්ම ගමන් කළ නමුත් ඔවුහු මුව ආවරණ පැළඳ නොසිටියහ.
මෙම විරෝධතා පා ගමන සඳහා හෙදියන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්, රසායනාගාර තාක්ෂණ නිලධාරීන් ඇතුළු සෞඛ්‍ය සේවයේ නියුතු දහසකට වැඩි පිරිසක් එක්ව සිටියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැටයි නියරයි ගොයම කනවා. කට ඇරියොත් රටේම සෞඛ්‍ය ආරක්ෂාව ගැන කතාව. වැදි බන කාරයෝ. නීතිය අකුරටම ක්‍රියාත්මක කරන්න. නීතිය අකුරට ක්‍රියාත්මක කරනකොට ඒ්කට එරෙහි වෙන අයගේ රැකියාව ගැනත් කල් ඇතුවම තීරණයක් අරගෙන ඉන්න. මේ අය රටට පිළිලයකි.
එක රටක එක නීතියන් නම් තරා තිරම නොබලා දඩුවම් දිය යුතුයි.අනික මේ අය කෑ ගසන්නේ අනුන් වෙනුවෙන් නොව තමන් වෙනුවෙන්. කොහොම හරි මූණස්තාඩු ටික පෙන්වල තැනකට යන්න තමයි දගලන්නෙ. දෙතුන් පැත්තෙම ඉන්න වෘත්තීය සමිති කාරයො ඔහොම තමයි. කොහොමටත් සාධාරණ සාමාජයක් මේ කපේදි ඉටු වෙන්නෙ නැහැ.කවුුරැත් එකයි.
ඔිව මොනවද ලංකාවෙ ගැහැණුකෙනෙක් අප්‍රිකන් රටකට ගිහින් ඔමික්‍රෝන් අරගෙනත් ආවෙ...
දාන්ට එපා අපේ එව්වා. අපි නම ලියයි මීට පස්සේ.
දේවාලයේ කපුව දේවාලය ඇතුලෙ පැහැරුවට දෙවියෝ කෝප වෙන්නේ නැහ කියලා කියනව නේ. මේ ඉන්න කපු රාලලත් මහ මඟ පැහැරුවට පාලකයෝ කෝප වෙන්නේ නැත්තේ දෙගොල්ලම එකම නිසා වෙන්න ඇති. දෙවොලට යන ගැත්තටත් පුරවැසියටත් දෙන දඩුවම එකයි.
කාලකන්ණි රටට හෙන හතම වැදුනත් කමක් නැහැ අපිට ඕනේ කෙසේ හෝ බලය ලබාගන්න...තමන්ටත් වැඩක් නැති රටටවත් කිසිදු "වගතුවක්" නැති මුසලයන්..
මේ කාලකන්නි අපතයන් සැමදාම කලේ තම මවුබිම අගාදයට තල්ලු කර ,මුදලට කෑදර කමින් පාවාදීමයි
ගුරා දන්නවා කරන්නේ බොරුවක් කියලා .ඒ උනාට බොරුව හැමදාමත් රකින්න බෑ