(දසුන් රාජපක්ෂ)
කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයට අනුබද්ධිතව සේවය කළ ස්වදේශීය නිලධාරීනියක් පැහැරගෙන ගිය බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (29) එම නිලධාරිනියගෙන් සහය ඉල්ලා සිටියේය.
එම නිලධාරිනිය මේ වන තෙක් කටඋත්තර ලබාදීමට කටයුතු කර නොමැති තත්ත්වයක් හමුවේ පැමිණිල්ලක් නොමැතිව ඉදිරි විමර්ශන සිදුකිරිමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව ද අගමැතිවරයා කීය.
මෙම පැහරගැනීම එකහෙළාම හෙළාදකින බව ද මින් ඉදිරියට මෙවැනි දේවල් සිදුවීමට ඉඩ නොතබන බවද අගමැතිවරයා අවධාරණය කළේය.
අභිනවයෙන් ජල සම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍ය ධූරයෙහි අද (29) වැඩ බාරගත් වාසුදේව නානායක්කාර මහතාට සුබ පැතුම් එක්කිරිමට එම අමාත්‍යාංශයට පැමිණි අග්‍රාමාත්‍යවරයාගෙන් මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට ප්‍රතිචාර දක්වමින් මෙම අදහස් ඉදිරිපත් විය.
COMMENTS
පරීක්ෂණ විතරක් කලාට මදි මහත්තයො, සම්පූර්ණ විමර්ශනයක් කරලා පිළි නොගත්තත් ලෝකෙට ඇත්ත හෙළි කරන්න වෙයි
කොටින්ට සහ අපේ රටේ අවුල් වියවුල් නිර්මාණය කරපු සාතිශය බහුතරයක් ද්‍රෝහීන්ට ලැගුම් දෙන ඔය රට අපේ රටට කරන්නෙම හතුරුකම්. ඒ නිසා මොවුන් ගෙන යන මේ බොරු ප්‍රචාරය වඩාත් පැහැදිලිව මේ රටේ සහ ලෝකයාගේ ඉදිරියේ විශේෂ මාධ්‍ය හමුවකදී ඔප්පුකර ලෝකයාට මොවුන්ගේ ව්‍යාජ මුහුණ හෙලිකල යුතුයි.
හරියට හරි, මේකෙන් වාසි කාටද ආණ්ඩුවට නෙවෙයි.. ඉතින් ඉස්සෙල්ලම ප්‍රශ්න කරන්න ඕන විපක්ෂේ අයගෙන්... ආණ්ඩුව සහ සිංහල අප අපකීර්තියට පත්කරන්න ගත්උත්සාහයක්..!
සිදුවීමට අදාළ පුද්ගලයින් පැමිණිලි කරන්නේ නැතිනම් සාක්ෂි දෙන්නේ නැතිනම් මෙවන් අකරතැබ්බයකට භාජනය වූ තැනැත්තාට කිසිම කම්පනයක් තිබෙන බව පෙන්වන්නේ නැතිනම් මෙහි කුමක් හෝ රහසක් තිබෙනවා නේද? සිද්ධිය ඇත්තටම හිංසාකාරී ලෙස සිදුවුණා නම් අදාළ තැනැත්තා තම මව්රටට යනවා. නමුත් මෙතැන එහෙම දෙයක් නැත.
හොරාගේ අම්මාගෙන් පේන බලනවා කියන්නේ මේකටයි ... අනේ කාලේ වනේ වාසේ කිව්වලු... ඡන්දය දුන්නු සැමට සුබ අනාගතයක්...!!!
ඇවිල්ලා දවස් 10 යිනේ පරණ සෙල්ලම පටන්ගත්තා..
මහින්ද බබා...