






රටේ ඇතිවී තිබෙන දේශපාලන අර්බුදයට එරෙහිව විද්වත්හු, වෘත්තිකයෝ, කලාකරුවෝ සහ සිවිල් සංවිධාන කිහිපයක සාමාජිකයෝ පිරිසක් අද (12) කොළඹ ලිප්ටන් වටරවුමේදී උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි.
මෙම උද්ඝෝෂණයට පැමිණි පිරිස් සටන් පාඨ කියවමින් විරෝධතා පැවැත්වූ අයුරු ඡායාරූප වල දැක්වේ.
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි
COMMENTS
ඔබගෙ ව්‍යාපාරය සමඟ 110% එකඟ වෙමි.
ඇයී පුරවැසී මතයට පමණක් හිස නමනේ? පුරවැසී මතයට වඩා රටවැසී මතය ප්‍රබල බව සියලුදෙනා වටහාගත යුතුය.
පුරවැසි මතයට හිසනමන්න, ආණ්ඩුව විසුරවල ඡන්දයක් තියන එකනේ කරන්න ඕනේ.
හරි හරි . . . . අපි ඡන්දයක් තියමු. පාර්ලිමේන්තුවේ 224 නෙවෙයි රටේ තීරණ ගත යුත්තේ. මහජනතාවගේ බහුතර අදහස් වලට අනුව. අපි ඡන්දෙකට යමු.
මේ අය වගේම මම ඇතුළු අනිත් අයත් මේ රටේ පුරවැසියෝ තමයි. මේ වෙලාවේ සුදුසුම දේ ඡන්දයකට යාම බව රටේ බහුතරයකගේ මතයයි. එතකොට ජනාදිපති ගත්තු තීන්දු තීරණ වැරදිනම් ඒ බව රටට කියල තමන් කැමති අය පත් කරගන්න පුළුවන්.
සල්ලිවලට තමා මේ අය රඟපාන්නේ..
රිචී... පාර්ලිමේන්තුවේ 225ට හිස නමන්නේ නැතුව හැම පනතක්ම ගේනකොට ජනමතය විමසන්න ඡන්දවලට යන්න ඕනෑද..?
එන්.ජී.ඕ හරක්... යුද්ධය තියෙනකොටත් රඟනවා, නැති කොටත් රඟනවා.
මේ අයට සල්ලි දීලා පෙළපාලි යවන එක වියදම් අඩුයි.