
(ලසන්ත නිරෝෂණ පෙරේරා)
ඓතිහාසික කූරගල පුදබිමේ ඉදිවෙන අසදිස සාක්‍යසුගත මහ සෑ මලුවේ නිදන් වස්තු තැන්පත් කිරිමට පෙර පන්සියයක් මහා සංඝරත්නය සහභාගී කරවමින් සෙත් පිරිත් දේශණාවක් පෙරදින රැය පහන්වන තුරු පැවැත්විණි.
අඩි 125 ක් උසැතිව කුරගල මහා සෑය කොත්පළඳවීම ජාතික වෙසක් අත්සවයට සමගාමිව වෙසක් පුර පසළොස්වක පොහෝදා පැවැත්වීමට නියමිතය.
සබරගමු පළාතේ ඉදිකෙරෙන ව්ශාලතම චෛතය වන කූරගල චෛත්‍යය දිස්ත්‍රික්ක හයකට දර්ශනය වන බව කුරගල ගොඩනැංවිම භාර වතුරකුඹුරේ ධම්මරතන හිමියෝ පවසති .
ඓතිහාසික වටිනාකමක් ඇති කූරගල රජමහා විහාරය මේ වන විට නැවත බෞද්ධ ජනතාවගෙත් මුලුමහත් ලෝකයාගෙත් ගෞරවාදරයට පත්වෙමින් පවතින බව ො වතුරකුඹුරේ ධම්මරතන හිමියෝ පැවසුහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාදු සාදු සාදු ...නිර්මල බුදු දහම මුළු ලොවම පැතිරේවා
සාදු සාදු
සාදු... සාදු.. සාදු...සරුවපිත්තල අභිභවා නිර්මල සැබෑ දහම අවබෝධ කර ගැනීමේ වටිනාකම අපරටේ සියලුම දෙනාට පසක් වේවා. නැත්නම් අපටත් මතු යම් දවසක බුදුන් වහන්සේ දේශනාකර වදාළ සැබෑ දහම සොයා ඇමෙරිකාවට යන්නට වේවි.
දිනෙන් දින දියුණුවට පත්වන කූරගල රජමහ විහාරය ලෝකයේ සෑම දෙනෙකුගේම වන්දනාමාන වලට ලක්වන පූජනිය වන්දනීය ස්ථානයක් බවට පත්වන දිනය ඈතක නෙවෙයි.
මම බැලුවේ මොකො එක දේසපාලුවෙක්වත් පේන්ඩ නැත්තෙ ඇයි කියලා???
ගමට, රටට, ජාතියට කිසිඳු මෙහෙයක් ඉටු නොකරමින් පින්බත් ගිලමින් ගොඩනැගිල්ලක් වටා ඒකරාශී වෙමින්, ළමා අවදියේ කුසට නොලද බඩගෝස්තරය මත දේශපාලකයින්ගේ ජරාව බුදිමින්, මහේශාක්‍ය ලීලාවෙන් වැජඹෙමින් අඥානයින්ගේ සාදුකාර පිදුම් ලබන පිංගුත්තරයින්ගේ තවත් රටක් මේ ලෝකයේ තියනවාද කියලයි මම මේ හොයා බලන්නේ... කොහෙද ඉතින් කුසගින්නේ ඉඳගෙන ගොඩනැගිල්ලක උස නරඹලා, අනුන්ගේ කුසගිනි නිවන එකටනේ අපේ මෝඩයින් ආගම ධර්මය කියලා කියන්නේ...!
අන්‍ය ආගමිකයන්ගේ ග්‍රහණයට හසුව තිබුන මේ බෞද්ධ සිද්දස්තානය නැවත වන්දනාමානයට ඉඩ සැලසීමට වත්මන් රජයේ කැපවීම සියලු බෞද්ධයන්ගේ ප්‍රණාමයට ලක්විය යුත්තක්. මාවනැල්ල, දීඝවාපිය වැනි අනෙකුත් ස්තානයන්ගේ තිබුණ ගැටළු නිමාකරලීම සතුටට කරුණක්. ඇත්තෙන්ම මේ රජයෙන් වුන අයිතිහාසික සිදුවීමක්. ජාතියේ උත්තමාචාරය.
කාලයක් කූරගලත් අහිමිවීමේ තර්ජනයක් තිබ්බාණේ.ඒවත් මතක් කරගෙන, බැති සිතින් මෙත් සිතින් වන්දනා කරමු.
අපගේ ප්‍රණාමය පුද කරමි
කවුරුවත් නැතිද රාජපක්ෂලාටයි ,රටටයි ,ආණ්ඩුවටයි බනින්න ?
සාදු සාදු අපිත් අනුමෝදන් වෙමු ඒ කුසලය... අපි හැමෝටම අන්තිමට පිහිටට එන්නේ අපි කරගත්තු කුසල් විතරයි...
බුදුන් වහන්සේ දෙසූ දහම අනුව පමා නොවී අප නිවන සකස් කර ගන්නවා.. කඩිමුඩියේ චෛත්‍ය හදලා ඉවර කරලා වෙලාවක් තිබ්බොත් නිවනටත් වැඩක් කරගනිමු...