( බන්ධුල ඉලේපෙරුම )
තමන්ගේ සේවාදායකයා ජනපති වී සිටිද්දී අලි සබ්‍රි අධිකරණ ඇමැති වීම ගැටලුවක් යැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා අද(9) පාර්ලිමේන්තුවේදී අයවැය කාරක සභා අවස්ථාවේ අධිකරණ අමාත්‍යංශ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක්වෙමින් පැවසීය.
“අලි සබ්‍රි දක්ෂයෙක් වෙන්න පුළුවන්. නමුත් තමන්ගේ සේවාදායකයා ජනාධිපතිවෙලා ඉඳිද්දී තමන් අධිකරණ ඇමැති වීම ගැටලුවක්. ජනතාවට මේක ප්‍රශ්නයක්. මම කොසොල් රජ්ජුරුවන් දුටු 5වැනි සිහිනය කියන්නම්. එදා කොසොල් රජ්ජුරුවෝ දැකලා තිබුණා මුඛ දෙකක් තියෙන අශ්වයෙක් මුඛ දෙකින්ම ආහාර ගන්නවා. මේක බුදුරජාණන් වහන්සේ පැහැදිලි කර දුන්නා. අනාගතයේ අධාර්මික පාලකයන් නිසා නීතිය අනීතිය වෙනවා. යුක්තිය අයුක්තිය වෙනවා. ඉතින් නීතිඥයොත් විනිශ්චයකරුවොත් දෙපැත්තෙන්ම අල්ලස් ගනිමින් කටයුතු කරනවා. මම කියන්නේ නෑ මේ අධිකරණ ඇමැතිතුමා එහෙමයි කියලා. මම ඒක නිකන් කිව්වේ” යැයි ද හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා කියා සිටියේය.
“අද ලංකාවම බොරුවෙන් වෙලාගෙන. අර කැලණියෙ නාග රාජයා ආවා. දැන් සූර පප්ප එකේ හිටපු වෙද පප්පගෙ අරිෂ්ටෙ බෙදනවා. කවුද පැණිය බෙදන අනික් බෙදන්නේ. ජාතිවාදය වපුරපු කෙනෙක් තමයි අනික් පැත්තෙන් පැණිය බෙදන්නේ. මම පැණියට විරුද්ධ නෑ. මේකට ක්‍රමවේදයක් හදන්න” යනුවෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
COMMENTS
ඇමතිකමක් දරාගෙන ඉන්නකොට මරාගෙන මැරෙන්න බෝම්බ කාරයෙක් මිනිස්සු මරන්න පල්ලියකට එනවා කියලා දැනගෙන සිටීමත් ගැටලුවක්...
තාත්තා බෝම්බේ ගැන කීව එක් ගැටලුවක්. මම ඒක කාටවත් නොකීව ඒක ගැටලුවක් නොවේ. මීට, ලංකාවට අබිං ගෙන් වූ අබිං මුදලාලිගේ පුතානෝ...
ඒක කොහේවත් ඉන්න ඔබ ගැටළුවක් කරගන්න එපා.. අලිසබ්රි නීතිඥයෙක්.. ඒ ගොල්ලන් වෘත්තියේ යෙදෙන විට යාළුකම් තාත්තා, පුතා කම් නැහැ.
ඇමෙරිකාවේ නම් පස්ස උඩ දාලා පිලි ගන්නේ. ලංකාවේ ධම්මික බණ්ඩාර නම් පයින් ගහන්නේ. ඔය කියන සිංහල බෙහෙත සායනික පරීක්ෂණයට භාජනය කරන්නට බැරි? එවැනි පරීක්ෂණයකින් මේ බෙහෙත අසමත් වුවා නම් මෙය ප්‍රතික්ෂේප කල හැක. එවැනි දෙයක් නොකර වැල් වටාරම් දෙඩවීමෙන් පෙන්නුම් කරන්නේ තමන්ගේ හීනමානය පමණයි.
අපිටත් ගැටලවක් කතෝලිකයෙක් වෙලත් , කතෝලික ජනතාව 300ක් මියයන බව දැනගෙනම ඒ බව නොකියා ගෙදරට වෙලා හිටියේ කොහොමද කියලා...?
අනේ මල්ලියේ "නුබට" මෙය කෙසේ ගැටළුවක් "වන්නේහුද" ..?
බීරි අලින්ට වීණා ගායනා කරන්නේ මොකටද? කොච්චර කිව්වත් ඇහෙන්නෙ නෑ.
ආචාර ධර්ම, ගුණ ධර්ම නැහැ...
ඔබ නිවැරදියි.
ඇත්ත.
සියගානක් මැරෙන්න ඇරලා, දාස්ගානක් අනාත වෙනකන් ගේ අස්සට වෙලා නැට්ට අස්සෙ ගහන් බුදියගත්තු මොන නරිද නේද?
මෙවැනි දෙයින් සිදුවන්නේ රටේ නීති පද්ධතිය පිළිබඳව ජාත්‍යන්තර විශ්වාසනීයත්වය බිඳ වැටීම පමණයි. රට ජාත්‍යන්තරව කොන්වී, රටට ආයෝජකයින් නොපැමිණෙන්නේ මේ නිසයි. මේ අභාග්‍යසම්පන්න තත්වයට රටේ දේශපාලකයින් වගකිව යුතුයි.
හරීන්ගේ ප්‍රකාශය තමයි ලොකු... සජියට රෙදි නැතුව කඩේ පලයල්ලකෝ යහපාලකයෝ...
සේවාදායකයා ජනපති වී අලි සබ්රි මහතා එසේ වීම සැබැවින්ම ගැටලුවක්. කල්තියාම දෙදෙනා අතර කිසියම් එකඟතාවක් තිබුණාද දන්නේ නැහැ. කොසොල් රජු දැකපු හීන තවත් ඒවා සැබෑ වෙලා. උසස් යැයි සම්මත අය පහළ ගොස් පහත් යැයි සම්මත අය ඉහළ යාම, ඉතා අඩු බුද්ධි මට්ටමක් ඇති අය ඉහළ බුද්ධිමතුන් දේවත්වයෙන් පිදීම ආදී දේ ගත හැකිය. මේවා සියලු දේශපාලන පක්ෂ සඳහා පොදුය. ඇත්තටම බුදුන් වහන්සේගේ උතුම් නාමයටද නිගාදෙමින් පැමිණි එම නාගයා ගැන හා ඒ මහා රැවටීම ගැන කිසිදු පියවරක් නොගැනීම කනගාටුවට කරුණකි. එම පැණිය සම්බන්ධව මීට වඩා සුදුසු ක්‍රමවේදයක් තිබිය යුතුවේ. පැණි ඔතරම්ම හොඳ නම්, නිෂ්පාදකයා ඒවා බී මුඛ ආවරණයක්ද නොමැතිව නොබියව ලෙඩුන් ළඟට ගොස් ඔවුන් සුවකළ යුතුය. සෞඛ්‍යය ගැන නොදත් ඇතැම් දේශපාලකයන් මේ ගැන මෙතරම් උනන්දු වීම නම්, සැකයට කරුණකි. සමහර දේශපාලකයන් කෝවීඩ් එන්නත දැන්ම අවශ්‍ය නැතැයි කියන්නත්, මේ පැණියට පක්ෂව මොරදීමත්, සැබැවින්ම මවිතයට කරුණකි.
අර ට්‍රම්ප් එක්කලා ගුග්ලියානි වැඩකරන්නේ කිසි අවුලක් නැතිව. මෙහෙ තමයි සේරම ගැටලු...
තාත්තද කිව්වේ?
ඔය වගේ අඩන්න වෙන්නේ නැහැ. තාත්තා බෝම්බ ගහන්නෑ කියලා කියපු වෙලාවෙ හරියට ආරක්ෂාව ගැන දැනුවත් කළා නම්....
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ යැයි සැක කරන පාර්ශව ඒ ගැන විමර්ෂණය කරන කොමිසම්වල හිටියට කමක් නැත්ද? එතකොට කොටින්ට උදව් කරපු අදටත් උදව් කරන බෙදුම්වාදීන් රජයේ ආශිර්වාදයෙන් ව්‍යවස්ථා සංශෝධන කෙරුවට කමක් නැත්ද? වෙනස තේරෙන්නෙ නැති නිසයි අහන්නෙ....
මෙයාට ලැජ්ජා නැහැ. නොසණ්ඩාල කතාමයි කියන්නේ... අගරදගුරුතුමන්ගෙන් බැටකෑවා. දැන් තව කාගෙන් හරි බැට වදිනවා. කට වහගෙන ගෙදර ඉන්න...
හරීන් තාත්තා කියන දේ අහලා පල්ලි නොගිහින් හිටි ආදර්ශමත් නායකයෙකි. මිනිස්සු ක්කොම මැරුණත් එයාට ප්‍රශ්නේ ධම්මික මහත්තයාගේ පැණිය. පාර්ලිමෙන්තු ලැයිස්තුවෙන් රිංගලා රට හදන්න කතාව. ලැයිස්තුවෙ ආපු කෙනාට ජනමතයක් නියෝජනය කරන්න බැහැ කියන එක පේනවා කියන මෝඩ කතාවලින්.
නඩු 35කට ජනාධිපතිතුමාගේ පෙනී හිටියා කිව්වාම පුදුමයි නඩු 35ක් තියන එක්කෙනෙක් රටෙ ජනාධිපති කරගත්තු 69 ලක්ෂයට කරන නිගාවක් නේද? අනේ මන්දා නිකන් කිව්වෙ?