
(රොමේෂ් මධුෂංඛ)
එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු නායකයෙකු වූ ත්‍යාගදීපන් දිලීපන් නැමැත්තාගේ 33 වන ගුණ සැමරීමෙහි යෙදුණු උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වූ එම්. කේ. සිවාජිලිංගම් මහතා අද (15) කෝපායි පොලීසිය සිය බාරයට ගෙන ඇත.
හිටපු මන්ත්‍රීවරයා යාපනය උරුම්පිරායි ප්‍රදේශයේදි දිලීපන් නැමත්තාගේ රුව ඇතුළත් බැනරයක් ඉදිරිපිටදී පහන් දැල්වීමට ගත් උත්සහයකදී එම ස්ථානයට ගිය කෝපායි පොලිස් නිලධාරීන් විසින් ඔහු පොලිස් භාරයට ගන්නා ලදී.
මේ පිළිබඳව කෝපායි පොලීසියෙන් කළ විමසීමකදී කියාසිටියේ මන්ත්‍රීවරයා මේ වන තෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවටත්, මහජන සාමය කඩවන අයුරින් ක්‍රියාකරන්නේ යැයි සැක පිට පොලිස් බාරයට ගෙන කෝපායි පොලිස් ස්ථානයට රැගෙනවිත් අවවාද කර මුදා හැරීමට කටයුතු කරන බවත් ය.
එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු නායකයෙකු වූ ත්‍යාගදීපන් දිලීපන් නැමත්තා 1987 සැප්තැම්බර් 15 වැනිදා ඉන්දීය සාමසාධක හමුදාවට එරෙහිව යාපනයේදී මාරාන්තික උපවාසයක් ආරම්භ කර සැප්තැම්බර් 26 වැනිදා මිය ගියේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවවාද කර නිදහස් කරන තරමට මෙය ලේසි නැහැ.. මෙයාව මාට්ටු කළ යුතුයි.
දෙකක් දුන්නා නම් තමයි හොඳ...
තිලිපන්ගේ උපවාසය ප්‍රභාකරන් විසින් මෙහෙයවපු තව එක මිනීමරුවෙක්. මේ මිනිස්සු ජාතිවාදය අවුලුවන්න මේ වගේ වෙනවා.. ඇත්තටම මේ මිනිසා සිරගත කළ යුතුයි. මොකද එයා මේ සෙල්ලම් කරන්නේ මිනිස්සුන්ගේ හැඟීම් එක්ක...