( +++ ඉන්දිකා රාමනායක)
යාපනය බන්ධනාගාරය ඉදිරිපිට තාප්පයක සිරකරුවන් විසින් නිර්මාණය කර තිබූ චිත්‍රයකට අදාළව ප්‍රතිමා තුනක් එම ස්ථානයේ ස්ථාපිත කිරීමට යාමේදී ද්‍රවිඩ ජාතික සන්ධානයේ හිටපු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් මහතා ද්‍රවිඩ ජාතික මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් එයට විරෝධය පෑම නිසා ඒවා එම ස්ථානයෙන් ඉවත් කළ බව පොලිස් ආරංචිමාර්ග කියයි.
පෙරේදා (21) මෙම සිද්ධිය සිදුවී තිබිණි.
තාප්පයේ ඇඳ තිබූ චිත්‍රයට අදාළව සංඝමිත්තා තෙරණිය, මිහිඳු හිමියන් හා කාවන්තිස්ස රජුගේ ප්‍රතිමා තුනක් මෙහි නිර්මාණය කර තිබිණි.
සිංහල බෞද්ධ ඉතිහාස කතා දැක්වෙන ප්‍රතිමා උතුරට අවශ්‍ය නොවන බවත්, වහාම මේ ප්‍රතිමා නිරාවරණය කිරීමෙන් වළකින ලෙසද කියමින් මන්ත්‍රීවරයා ඇතුලු පිරිස එම ස්ථානයේ නොසන්සුන්කාරී ලෙස හැසිරීම නිසා බන්ධනාගාර නිලධාරීන් එම ප්‍රතිමා ඉවත් කිරීමට පියවර ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
යාපනය බන්ධනාගාරයේ හින්දු සිරකරුවන් පිරිසක් ඉකුත් වසරේ බන්ධනාගාරයේ පැවැති තරගයක් වෙනුවෙන් සංඝමිත්තා තෙරණිය, දඹකොළ පටුන හරහා ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩම කරවීම චිත්‍රයට නගා තිබූ අතර, සංඝමිත්තා තෙරණිය, මිහිදු හිමියන් හා කාවන්තිස්ස රජතුමාගේ ප්‍රතිමා තුනක් ද එහි ඉදිකර තිබූ බව පොලිස් ආරංචිමාර්ග පවසයි.
තරගයෙන් පසුව එම චිත්‍ර හා ප්‍රතිමා ආවරණය කර තිබූ අතර මේ දිනවල රට පුරා තාප්පවල චිත්‍ර ඇඳීමේ කලාවක් පවතින හෙයින් බන්ධනාගාර සිරකරුවන්ද එම අවස්ථාවට එක්වෙමින් මෙම චිත්‍ර හා මූර්ති නිරාවරණය කර ඇත.
සිද්ධිය සැලවීමත් සමග සිවාජිලිංගම් ඇතුලු උතුරේ දේශපාලකයන් පිරිසක් පෙරේදා එම ස්ථානයට පැමිණ චිත්‍ර ඇඳීමේ නිරත පිරිසට සිය විරෝධය දක්වා ඇති අතර, එහිදී ඔවුන් සමග වචන හුවමාරුවක් ද සිදුවී ඇතැයි කියති.
සිංහල බෞද්ධ ඉතිහාස කතා යාපනය නගරයේ නිරූපණය කිරීමට ඉඩ දිය නොහැකි බවට පැවසීමෙන් පසු බන්ධනාගාර නිලධාරීන් විසින් එම ප්‍රතිමා එම ස්ථානයෙන් ඉවත්කිරීමට පියවර ගත් බවද පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.
අස්වැසිම සමාජ සුබසාධන ප්‍රතිලාභ ලබන පවුල්වල වයස 70 වැඩි වැඩිහිටියන් හැර සෙසු වැඩිහිටියන්ගේ මාසික වැඩිහිටි දීමනාව තැපැල් සහ උප තැපැල් කාර්යාල හරහා ගෙව
බණ්ඩාරගම ගම්මන්පිල වැව අසලදී අද (16) අලුයම මෝටර් රථයක් අනතුරට පත්වීමෙන් එය පැදවූ තරුණයකු මිය ගිය බව බණ්ඩාරගම පොලිසිය කියයි.
නොරෝච්චෝල ලක්විජය බලාගාරයෙ අක්‍රියව තිබු ජනන යන්ත්‍ර තුන අතරින් පළමු හා තුන්වන ජනන යන්ත්‍ර නැවතත් නිසි ලෙස තම විදුලිය නිෂ්පාදනය ආරම්භ කර ඇති බව විදුල
කටුනායක ගුවන් තොටුපොළ ඉතිහාසයේ විශාලතම මත්ද්‍රව්‍ය වැටලීම සිදු කරමින් , රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් රුපියල් කෝටි තිස් හයක්
කලක පටන් පැවති ආරවුලක් ගනිමින් පුද්ගලයෙකු තියුණු ආයුධ වලින් කපා කොටා ඝාතනය කර ඇති බව කළුතර දකුණ මූලස්ථාන පොලිසිය පවසයි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
සිවාජිගේ විරෝධයෙන් යාපනේ‘සංඝමිත්තා-මිහිඳු-කාවන්තිස්ස‘ ප්‍රතිමා ඉවතට
Wijebahu Monday, 23 December 2019 04:45 AM
කෝ මේ රට රකින වීරයා? ඔක්කොම වීරකම් ඡන්දෙ ගන්නකම් විතරයි.
BamunuarachchiMonday, 23 December 2019 05:26 AM
ගහන්න ඕනේ සාත්තරේ දන්නා මිනිස්සු අනිකා ගහනකොට පස්සට පනින බව ගකලා නැද්ද. හැබැයි වෙලාව බලලා ටෙක්නිකල් නොකවුට් එකක්ම දෙනවා එහෙම වීරයෝ. මේ විදිහට තමයි උත්තර දෙන්න ඕනේ.
hemanthaMonday, 23 December 2019 09:13 AM
අඩියක් පස්සට අරන් වීරයා ගහනකම් කට ඇරගෙන බලන් ඉන්න.
BamunuarachchiMonday, 23 December 2019 04:07 PM
"අඩියක් පස්සට අරන් වීරයා ගහනකම් කට ඇරගෙන බලන් ඉන්න" ඔබ අඩුම ගණනේ මූවි එකක ගහගන්නවා දැකලාවත් තිබෙනවා. ඔහෙලා තමයි චිත්‍රපටියක ගහ ගන්නකොට පත්තරයකින් මුහුණ වහගන්නවා. නැතිනම් ටී.වී. එක ඕෆ් කරනවා.
BamunuarachchiTuesday, 24 December 2019 01:30 AM
"හැත්තෑ දෙවැනි ජාතික නිදහස් දිනයේදී ජාතික ගීය සිංහලෙන් පමණක් ගායනා කිරීමට රජය තීරණය කර ඇත." ඔය දෙන්න පටන් ගත්තේ. දැන් ඔයාලට දුකද?
BamunuarachchiTuesday, 24 December 2019 10:32 AM
ඔන්න ඔය පහරවල් වලට තමයි බොක්සින් වල කියන්නේ.
BamunuarachchiThursday, 26 December 2019 03:10 PM
හේමන්ත යාලුවට ත්‍රස්ත විමර්ශන ඒකකයට එන්න කියළලු නේද කතා කරකර ඉන්න. අපේ නායකයින් කශේරුකාවක් තිබෙන මිනිස්සු එ්ක දන්නවද?
කුමාරMonday, 23 December 2019 05:31 AM
89 කාලේ හිටපු කීර්ති විජේබාහු වලෙන් නැගිටල වගේ
janabala Monday, 23 December 2019 06:50 AM
ෆොන්සේකා මහත්තයද ? එයා ඉන්නවා කලබල නොවී උපාය ශිලිව ප්‍රතිප්‍රහාර පෙබරවරියෙන් පසුව
Bamunuaraachchi Monday, 23 December 2019 08:09 AM
විජේබාහු නමින් ඔය ගොබ්බ අදහස් ඉදිරිපත් කරන්න එපා. රනිල් නැතිනම්, සජිත් නැතිනම්, රවී නැතිනම් ඔබේ නියම නමින් ඉදිරිපත් කරන්න. අපි එහෙමයි නියම නමින් වැඩ...
athuraTuesday, 24 December 2019 04:21 AM
බමුණු, හිතන් ඉන්නෙ රටක් පාලනය කරනව කියන්නෙ චිත්‍ර පටියක් වගේ කියලද.
DIMAA Monday, 23 December 2019 04:48 AM
ගෝඨාභය නාමේ... වැඩ කරන අපේ විරුවා...
කුමාර දිසානායක Monday, 23 December 2019 04:49 AM
ගෝඨා නොවේ.. කවුරු ආවත් මේ අය බය නෑ. ඔවුන්ගේ ජාතිවාදී අදහස් එළිපිටම ප්‍රකාශ කරනවා. කෝ ඒවට නීතිය. කවුරුත් අරින්න හදන්නේ සිංහල අපිටම තමයි. පාඨලීව ගත්තෙත් දේශපාලන පළිගැනීමකට... ඕවට මහ ඡන්දෙදි වන්දි ගෙවන්න වෙයි. ජනාධිපති එක පක්ෂයක. පාර්ලිමේන්තුවේ බහුතරයක් අරන් සජිත්ව අගමැති කරලා ජාතිවාදය නැතිකරලා ඔය චිත්‍ර මකන්න ඕනෑ.
eresh S kumara Monday, 23 December 2019 04:54 AM
ඔන්න පුතේ දකුණේ තියන සිවාජිලිංගම්ගේ පිළිම ටිකත් ගැම්මට ඉවත් කරමු. සංහිඳියාවනේ...
BamunuarachchiMonday, 23 December 2019 05:28 AM
දකුණේ කොහෙද සිවාජිලගේ පින්තුර පිළිම. අයින් කරන්න තිබෙන්නේ කතරගම ගොයියාගේ තමයි
jayantha Monday, 23 December 2019 04:55 AM
ඔය පිස්සෝ රැළ තමා රටේ ප්‍රශ්න ඇති කරන්නේ. අනික් පැතිවල තියන හින්දු කෝවිල් වල පිළිම කොළඹ එනකොට සිවාජිලට පෙන්නේ නැද්ද ?
silvaMonday, 23 December 2019 07:59 AM
පිස්සු කෙලින්න එපා. දෙමළ දෙවියන් ඔක්කොම ඉන්නේ පන්සල්වල... ඕවා ඉවත් කළොත් කොහොමද අපේ හාමුදුරුවරු බෙන්ස්, බී.එම්.ඩබ්ලිව් ගන්නේ.. ඔය දේවාලවල හෙඩ් ක්වාටස් තියෙන්නේ බෙල්ලන්විලයි...
Bamunuarachchi Monday, 23 December 2019 08:02 AM
ඔව් මේ අය අපේ ඉවසීමේ සීමාව ටෙස් කරනවා. හිටපු ගොබ්බ ආණ්ඩුව මුලසිටම මේවාට විරුද්ධ වුණා නම් දෙමල්ලු කට හොල්ලන්නේ නැහැ. ඡන්දෙ බලාගෙන සිංහලයා පාවා දුන්නා. දෙමළ ඡන්ද ලැබුණා සිංහල ඡන්ද නැති වුණා. දැන් ගොඩඒමක් නෑ රනිල්. එජාපෙ වළ අපි කපන්නම්. සිංහලයනි එකතුවෙයව්! පළමුව රට දෙවනුව ජාතිය තුන්වෙනුව ආගම. රට රැකගන්න එකතුවෙයව්! අපි අපේ රටේ තුන්වෙනි පුරවැසියෝ නොවෙයි. යහපාලකයන් සිංහල අපිව 3 වෙනි පුරවැසියන් කළා...
athuraMonday, 23 December 2019 10:48 AM
බමුණාට හොඳටම අසනීපයි වගේ.. දැන් තියෙන්නේ යහපාලනයද? හිටපු ආණ්ඩුව නිසා මෙහෙම වුණා. අරහම වුණා නෙමෙයි දැන් ඉන්න අය ආවේම එයාලා ආවම ඕවා වෙන්නේ නැහැ කියලනේ...
BamunuarachchiWednesday, 25 December 2019 02:05 AM
ඇයි හලෝ ඔහෙලගේ යහපාලන ආණ්ඩුව අවුරුදු 5 ක් ජීවත් උනේ ඊට ඉස්සෙල්ලා ආණ්ඩුවේ ණය ගැන කියලනේ. එක අමතකද ?
Bishan Monday, 23 December 2019 05:02 AM
කොයි ආණ්ඩුවක් ආවත් එච්චරයි. වෙනස් වෙමින් පවතී හීනෙන්....................
jagath Monday, 23 December 2019 05:06 AM
ඉල්ලගෙන කන්න යන්නේ මේපාර. ජනාධිපතිතුමනි කිසිම ප්‍රතිපාදනයක් වෙන් කරන්න එපා ඔය අයට. උතුරේ ඉන්න ආරක්ෂක නිලධාරින්ට සහ පොලිසියේ නිලධාරින්ට හැරෙන්න. ජාතිවාදය ඇවිස්සීමට දැන් රටේ නීති තියෙනවා නේද? ඇයි මෙයාව අත්අඩංගුවට ගන්න බැරි...?
Bishan Monday, 23 December 2019 05:06 AM
නමට දේශහිතෛෂි නමුත් ජාතිවාදියා කෝ ?
palitha Monday, 23 December 2019 05:15 AM
ඝෝඨා නෙවේ කවුරු ආවත් මේ අය බයනෑ. ඔවුන්ගේ ජාතිවාදී අදහස් එළිපිටම ප්‍රකාශ කරනවා. කෝ ඒවට නීතිය...? කවුරුත් වැඩේ දෙන්න හදන්නේ සිංහල අපිටම තමයි. පාඨලීව ගත්තෙත් දේශපාලන පළිගැනීමකට. ඕවට මහ ඡන්දෙදී වන්දි ගෙවන්න වෙයි. ජනාධිපති එක පක්ෂයක. පාර්ලිමේන්තුවේ බහුතරයක් අරන් සජිත්ව අගමැති කරලා ජාතිවාදය නැතිකරලා ඔය චිත්‍ර මකන්න ඕනෑ...
ashen Monday, 23 December 2019 05:18 AM
වෙලාවකට හිතෙනවා තාමත් තියෙන්නේ පරණ ආණ්ඩුවමද කියලා? එත් පස්සේ මතක් උනාම දැන් තියෙන්නේ රට බේරා ගැනීමේ අවසන් අවස්ථාව උදා කරගත් දේශප්‍රේමී ආණ්ඩුව කියලා මගේ හිතට පුදුම ආඩම්බරයක් එනවා. මට හිතෙන්නේ දැන් වෙලා තියෙන්නේ ආණ්ඩුව දේශප්‍රේමී වෙලා. එත් කලින් ආණ්ඩුව කාලේ දේශප්‍රේමී වෙලා රට බේරගන්න කෑ ගහපු කී බෝඩ් වීරයෝ ටිකට මොකක්දෝ වෙලා. ආණ්ඩුවට බැනලා වැඩක් නැහැ ඉතින්.
janahitha Monday, 23 December 2019 06:48 AM
ආණ්ඩු බලය තියෙන්නේ එජාප , ටි එන් ඒ , මුස්ලිම් කොන්ග්‍රස් එක අතේ ප්‍රශ්න ඇති උනොත් ඒ ය බලය නැවත අතට ගන්නවාමය " වෙලාවකට හිතෙනවා තාමත් තියෙන්නේ පරණ ආණ්ඩුවමද කියලා" ඔබගේ කියමන එය හරි ආණ්ඩුව ඔවුන් අතේ 62 දෙලක්ෂේ හැදුන හැටි අමතක කල යුතු නොවේ
athuraMonday, 23 December 2019 07:33 AM
කිතුලට නැග්ග මිනිහටත් කියන්න කතාවක් තිබුණනේ...
ලුම්බිණි Monday, 23 December 2019 05:20 AM
හොඳයි මෙහෙම හිතමු. සිවාජිලිංගම්ලා එළාර රජුගේ පිළිමයක් අනුරාධපුර හිරගේ ඉදිරිපිට තිබුවොත් එකට කැමති වෙනවද?
Indika Monday, 23 December 2019 05:22 AM
යාපනයේ බෞද්ධාගම තහනම් නම් ලංකාව බෞද්ධ රටක් කියන්න බෑනේ
Chris Monday, 23 December 2019 05:36 AM
දැනට මේ ගැන කලබල නොවිය යුතුයි. නමුත් මේ ජාතිවාදීන්ගේ බෙදුම්වාදී වැඩසටහන් නම් දුටු තැන විනාශ කළ යුතුව ඇත.
Mahee Monday, 23 December 2019 05:56 AM
දකුණේ දේශපාලුවන් දකුණේ ජනතාව රවටන්න යොදාගන්න උපක්‍රමම උතුරේ සහ නැගෙනහිරෙ දේශපාලුවන් ඒ ඒ ප්‍රදේශවල ජනතාව රැවටීමට යොදා ගන්නවා. මෙහෙම ප්‍රතිමා ඉදිකිරීමට විරුද්ධ වුනේ නැත්නම් සිවාජිලාට පැවැත්මක් නැහැ. ඒ හින්ද ජාතිවාදී ගින්නට නිතරම පිදුරු දමමින් සිටීම ඔවුන්ගේ පැවැත්මට අවශ්‍යමයි. අපෙත් එහෙම කට්ටිය ඉන්නවනේ. අපේ නායකයින් මේ තත්වය හරියට වටහාගෙන දෙමළ ජනතාව ඔවුන්ගේ නායකයන් ලෙස පෙනී ඉන්න ජාතිවාදීන්ගෙන් ගලවා ගත්තොත් මිසක්, ඒ ජනතාවගේ ආරක්ෂාව තිබෙන්නේ ඒ ඊනියා ද්‍රවිඩ නායකයන් වෙත නොව ශ්‍රී ලංකා රජය වෙත බව සැබෑවටම ඒත්තු ගන්නුවොත්, මිසක් මේ ප්‍රශ්නය හැමදාම පවතියි.
NuwanMonday, 23 December 2019 06:20 AM
මෙන්න මේ දේ තමයි හරියටම කරන්න ඕන. මේක තමයි ඇත්තම ප්‍රශ්නය සහ පිළිතුර
ගරසරපMonday, 23 December 2019 09:24 AM
අනිවාර්යයෙන්... දකුණේ ජාතිවාදී දේශපාලනයට සීමාවක් තිබුණත්. 100% ඡන්ද ඒ පැත්තට නැතත්... උතුරේ ජාතිවාදී හා කුලවාදී දේශපාලනය 100% ක්‍රියාත්මකයි. මේකෙන් ඒ මිනිස්සු ගලවාගන්න විශාල පරිවර්තනයක් උතුරේ සහ දකුණේ සිදුවිය යුතුයි.
Deepal Nirosh Monday, 23 December 2019 06:01 AM
කවුරු බලයට ආවත් උතුරේ මේ දේශපාලඥයන් තම ජාතිවාදී මන්ත්‍රය අඛණ්ඩව මතුරනවා. ඔවුනට ශක්තිය දෙන්න විදේශීය රටවල් හා රාජ්‍ය නොවන සංවිධාන සූදානමින් ඉන්නෙ. ගෝඨා තමා අර කියපු ශක්‍රයාගේ වයිමා ආවත් මේ ජාතිවාදී ප්‍රවනතාවට ඒකවර තිත තබන්න බැහැ. ඒය පියවරෙන් පියවර කළ යුතු කාරියක්.
mahinda Monday, 23 December 2019 06:05 AM
කලබල වෙන්න එපා ඒවා ප්‍රගතිසීලි උද්ඝෝසන පසුගිය නොවැම්බර් වලට ඉස්සරයි ඒවා ජාතිවාදී.
ranil Monday, 23 December 2019 06:22 AM
අනේ බමුණෝ. ඔයාලා වගේ මිනිස්සු.
janahitha Monday, 23 December 2019 06:44 AM
ඇයි අපි විරුද්ධ වන්නේ ලාංකීය රජෙක් ගේ පිළිරුවක් අපිට ප්‍රශ්නයක් නැහැ
Maalaka Monday, 23 December 2019 07:16 AM
කෝ මේ ගෝඨාභය සහ කමල් ගුණරත්න..? දැන් සනීපද?
Lion Monday, 23 December 2019 07:40 AM
කෝ අපේ ළමයි ගොම්මන්පිල, වංශ, කමල් ගුණරත්න..? ඒ ගොල්ලෝ කොහෙ ගිහිල්ලද?
රුසිරු මිහිරිපැන්න Monday, 23 December 2019 07:49 AM
මේවා කියන්නේ කට කහනවටයැ...
MD Monday, 23 December 2019 07:51 AM
පිස්සො කලබල කළාට ඩොක්ටර් එහෙම නෑනේ. ශිවාජි ගැන දන්නවා ගොඩක් අය. ඔහොම යන්න දෙන්න අපි කලබල නොවී රජයට ඉඩ දෙමු...
Bamunuarachchi Monday, 23 December 2019 08:12 AM
"අනේ බමුණෝ. ඔයාලා වගේ මිනිස්සු." ඔව් අපි කෙලින් කතාකරන නිර්භය මිනිස්සු... මොකක්ද ප්‍රශ්නය?
kotiyd Monday, 23 December 2019 08:33 AM
මුන්ට දඟලන්න තව දෙනවද? යාපනේ සිංහල මිනිස්සු පදිංචි කරන්න මේ අය වෛර කාරයෝ....
muhan Monday, 23 December 2019 08:49 AM
කෝ ඡන්දෙට කලින් හිටපු දේශප්‍රේමීන්?
sanath Monday, 23 December 2019 08:51 AM
සිවාජිලා එක්ක කොටින්ට කතිරේ ගැහුව අයියලා ඉන්න තරම දැක්කම කොල්ලෝ කෙල්ලෝ අඳින වෝල් ආට් ටික දූෂණය කරන්නේ මොක්කුද කියලා හිතාගන්න පුළුවන්...
Maalaka Monday, 23 December 2019 09:35 AM
බයියන්ට උත්තර නැති හින්ද හිතේ අමාරුවට කියන දේ පැහැදිලි මදි
BamunuarachchiThursday, 26 December 2019 03:12 PM
අන්න යාලුවා කොළඹ ගෙන්නලා. යන්න ගිහිල්ලා හම්බවෙන්න. අහන්න දුක සැප. ඔහෙලා සිංහල ජාතියටම ද්‍රෝහීන්...
kap Monday, 23 December 2019 09:38 AM
බමුණා කෙලින් කතා නම්, කී බෝඩ් වීරයෙක් වෙන්නේ නැතුව යන්නකෝ යාපනේට දැන්. ගිහින් දාන්නකෝ ඔයාගේ රැගුම් එතන.
BamunuarachchiTuesday, 24 December 2019 01:38 AM
ඔයා මොන ඉස්කෝලේද ඉගෙනගත්තේ? සටන් බිමේ සටන් කිරීමයි සටන් මෙහෙය වීමයි දෙකක්. සටන මෙහෙයවන්නා ආයුධ අරන් සටනට යන්නේ නැත. ප්‍රභාකරන් සටනට ආවෙත් නැත ෆෝන්සේකත් සටන් බිමට ගියෙත් නැත.
athuraTuesday, 24 December 2019 04:28 AM
බමුණු, සටන මෙහෙයවන්නෙ ලංකාවේ ඉදන්ද පිට රටක ඉදන්ද.
BamunuarachchiTuesday, 24 December 2019 10:36 AM
බමුණු සටන මෙහෙයවන්නේ ලංකාවේ ඉඳන්ද, පිටරටක ඉදන්ද? ලංකාවේ ඉඳන් පිටරට ඉඳන් සටන් කෙරුවේ ඩයස් පෝරාව එක්ක 2005 සිට 2010 දක්වා සටන ගෙනිච්චා.
සනත් පෙරේත Friday, 03 January 2020 04:39 AM
අනේ හැබෑට කෝ අර දියසේන කුමාරයා ? ධනේශ්වරයේ දියසේනලා පුළුවන් ඇඹුල් පොල්පිති වලින් කපා ගන්ට දුසිමක් වුණත් .එයැයි දැන් කියන්නේ සිංහලයෝ මෙහෙ එනකොට එයැයිලු නොවැ මෙහෙ හිටියේ ? අවුරුදු ලක්ෂ ගණනකට පෙර පටන් මේ රටේ ගොඩනැගී තිබුණ ශිෂ්ටාචාරය, කෘෂිකර්මය, වාරි කර්මාන්තය පිළිබඳව අපේ ඒ ශ්‍රේෂ්ට පුරාවිද්‍යාඥායන් විසින් කරන ලද අනාවරණයන් හා සාක්ෂි පයිසයකට මායිම් නොකොට ඒවා ඉතිහාස පොතට වැද්ද නොගත් අපිට ඔහොම වෙලා මදි නේද ? ඔව් ඉතිං සියල්ල , සියළු කලා ශිල්ප , කර්මාන්ත ලැබුණේ මහින්දාගමනයෙන් පසුව ඉන්දියාවෙන් නොවැ ? දැන් ඉතිං වත්ත බද්දට දී ඉමු අපි ඇස්සට දත නියවාගන ?