(ජේ.කේ.එල්. චාමින්ද, සුමතිපාල දීයගහගේ සහ ඩී.ජී. සුගතපාල)
උණවටුණ රූමස්සල වෙරළ තීරයේ ගල් පර්වතයක් මත නැගී සෙල්ෆි ඡායාරූප ගනිමින් සිටියදී මුහුදට වැටී අතුරුදහන් වූ තරුණයින් දෙදෙනාගෙන් එක් අයකුගේ මළ සිරුර අද (18) සොයාගත් බව හබරාදුව පොලිසිය පවසයි.
හමුවී ඇත්තේ නිලංග මලිත් නමැති තරුණයාගේ මළ සිරුරය.
ඒ ආසන්න මුහුදු තීරයේ මෙම තරුණයාගේ මළ සිරුර පාවෙමින් තිබියදී නාවික හමුදාව මගින් සොයාගෙන ඇත.
තරුණයින් තිදෙනෙකු ගල්පර්වතයට නැගී සෙල්ෆි ඡායාරූප ගසමින් සිටියදී රළ පහරකට හසුව මුහුදට වැටී ඇත. මින් එක් තරුණයකු ගල් පර්වතයක එල්ල දිවි බේරාගත්තේය.
මෙසේ අතුරුදහන්වූයේ ගිනිමැල්ලගහ ප්‍රදේශයේ පදිංචි 19 හා 20 හැවිරිදි තරුණයින් දෙදෙනෙකි.
තරුණයාගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙන යාමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
691
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
331
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1117
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සෙල්ෆි ගැනීමට ගොස් අතුරුදන් වූ අයෙකුගේ සිරුර සොයාගනී