IMG-LOGO

2025 ජනවාරි මස 14 වන අඟහරුවාදා


සෙල්ෆි ගත් රන්ජන්ට සති 2ක් අමුත්තන් බලන්න බෑ

(ඉන්දිකා රාමනායක සහ තිළිණි ද සිල්වා)
අගුණකොලපැලැස්ස බන්ධානාගාරයේ දී සෙල්ෆි ඡායාරූපයකට පෙනී සිටීම සිද්ධිය සම්බන්ධයෙන් වරද බාර ගත් හිටපු පාර්ලිමේන්තු මන්ති‍්‍ර  රංජන් රාමනායක මහතාට අද (11) සිට  සති දෙකක කාලයක් අමුත්තන්  බැලීම තහනම්  කර ඇති බව බන්ධනාගාර  මාධ්‍ය ප‍්‍රකාශක   සහ පාලන හා පුනරුත්ථාපන  කොමසාරිස් චන්දන ඒකනායක මහතා කීය.
රංජන් රාමනායක  මහතා එකී වරද සම්බන්ධයෙන් චෝදනා ප‍්‍රත‍්‍රයක් සම්බන්ධයෙන්  අද දිනයේ බන්ධනාගාර විනය  ශාලාවට  ඉදිරිපත් කර ඇති අතර  එහිදී රාමනායක මහතා එකී වරද බාරගත් බව චන්දන ඒකනායක මහතා කියා සිටියේය.
එකී වරද බාර ගැනීම  නිසා බන්ධනාගාර ආඥාපනයේ  70 වගන්තිය අනුව බන්ධනාගාර අධිකාරිවරයා ඔහුට අමුත්තන් බැලීම සති දෙකකට කාලයකට තහනම් කර  ඇති බවද චන්දන ඒකනායක මහතා කීය.

 

 


රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාට අමුත්තන් බැලීම සති 02කට තහනම් කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

අමුත්තෙකු සමග සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට දඬුවම් වශයෙන් තහනම් කළ බව ද මාධ්‍ය ප්‍රකාශකවරයි සඳහන් කළේය.

වැඩි විස්තර පසුව



අදහස් (13)

සෙල්ෆි ගත් රන්ජන්ට සති 2ක් අමුත්තන් බලන්න බෑ

dasun Thursday, 11 March 2021 10:22 AM

කවදා ඉඳලද බන්ධනාගාර කොමසාරිස් දඬුවම් දෙන්න පටන් ගත්තේ...? 20න් ආපු බලතලයක්ද?

:       12       47

Demuni Uduwara Thursday, 11 March 2021 10:53 AM

හිරගෙදර හොඳින් විනය පවත්වා ගනියි.

:       11       19

Raveendra Thursday, 11 March 2021 11:14 AM

වරප්‍රසාද වලට මුවාවී දියවන්නාව පට්ටියේ 225 නටන නාඩගම් දෙස බැලීමේදී මොනතරම් අසීලාචාර තිරිසනුන්ද යන්න තේරුම් ගැනුමට බාලාංස පන්තියේ දරුවෙකුට වුවද ඉතා පහසුයි.

:       1       27

Ruhunu Thursday, 11 March 2021 11:29 AM

දඬුවම බරපතල වෙයිද මන්දා...? අපි පොඩි කාලේ වැරැද්දක් කළාම ගුරුවරු අපිව දණගස්වලා තිබ්බා. දැන් කාලේ ලොකු අය වැරැදි කළාම දෙන්නෙත් ඒ වගේ දඬුවම්.

:       7       10

pradeepa Thursday, 11 March 2021 11:41 AM

රංජන් හිරේ ගියේ මොකටද? හොරකම් කරලාද? චේන් කඩලාද? ජනතාවගේ බදුමුදල්වලට වංචා කරලාද? අරක්කු, කුඩු විකුණලාද? ඉක්මණටම පොහොසත් වෙලාද? ලොකු මාලිගාවල් හදලාද?

:       9       43

Tharindu Thursday, 11 March 2021 01:26 PM

කට නිසා තමයි මේ ඔක්කොම වුණේ...

:       25       10

ඩෙස්මන්ඩ් Thursday, 11 March 2021 12:11 PM

එතකොට තනියම සෙල්ෆි ගැහුවාට කමක් නැද්ද? දුමින්දට එක නීතියක්, අනික් අයට තව නීතියක්...

:       4       51

යකඩයා Thursday, 11 March 2021 01:16 PM

තැලෙන යකඩයක් හම්බ වුණාම කම්මල් කාරයින් සේරම උඩ පැනපැන තලනවා කිව්වලු. මේ වගේ මරි මෝල් වැඩවලින් වෙන්නේ තැලෙන කෙනාගේ ජනප්‍රියත්වය තවතවත් වැඩිවෙන එකයි...

:       4       26

Prasad Thursday, 11 March 2021 01:40 PM

චොකා වගේ කෙනෙක්ට නම් සුළු දඬුවමක්...

:       3       18

Rata Perata Thursday, 11 March 2021 06:19 PM

රංජනුත් ඔය හොරු ගැන කියන්නේ නැතිව, බදු සල්ලි ටිකත් හොරකම් කරගෙන බෙන්ස් එකට ගියා නම් ඔය කිසි කරදරයක් නෑ. අපේ රට බොහෝමයක් අජූත ජනතාවට ඕනෑ ඒ වගේ අය තමයි.

:       0       2

BamunuarachchiFriday, 12 March 2021 10:42 AM

එකම කාර් පර්මිට් එක දෙදෙනෙකුට විකුණලා ජරමරයක් තිබෙනවා නේද?

:       0       1

Bamunuarachchi Friday, 12 March 2021 02:22 AM

මොන සති දෙකක්ද? ජීවිත කාලයම තියාගෙන අමුත්තන් බලන්න බෑ කියන්නකෝ අපිට මොකද කියලා බලන්න. අපි බලාගෙන ඉන්නේ අවුරුදු 4 අවුරුදු 40 වෙනකම් මෙයා ගල් කඩන, පොල්ලෙලි ගහන පොටෝ බලන්න.

:       3       2

sharm warn Friday, 12 March 2021 05:44 AM

මේවා නිසා තමයි මානව හිමිකම් අයත් උඩ පැන පැන අපිටම තලන්නේ. අඩුගානේ මේ හොරකම් කළා නම් විතරක් දන්න අය ඒකවත් තේරුම් ගන්න ඕනෑ. මහලොකුවට දේශපාලන පළිගැනීම් කියකියා තමන්ගේ අයට යුතුකම් ඉෂ්ඨ කරනවා. මේ අගේට කටේ නරිවාදම් බේරෙන්නේ. මේක දේශපාලන පළිගැනීමක් කියලා මොලේ තියන ඕනෑම කෙනෙකුට තේරෙනවා.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 

දියත

ඇමැති බංගලා කුලියට ගන්න පෞද්ගලික ආයතනත් පෝලිමේ
2025 ජනවාරි මස 14 545 0

ඇමතිවරුන්ගේ බංගලා කුලියට ලබාගැනීමට පෞද්ගලික ආයතනත් දහයකට වැඩි සංඛ්‍යාවක් ඉල්ලීම් ඉදිරිපත් කර ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යා


වැවිලි සමාගම් 23ක් කෝටි 59 ක් රජයට අහිමි කරලා
2025 ජනවාරි මස 14 215 0

රජයේ ඉඩම් බද්දට ගත් වැවිලි සමාගම් විසිතුනක් රුපියල් කෝටි 59 කට ආසන්න බදු මුදලක් රජයට ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳ


දිස්ත්‍රික්ක 5කට නාය අනතුරු ඇඟවීම්
2025 ජනවාරි මස 14 139 0

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක පහක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 12ක් සඳහා නායයෑමේ පළමු මට්ටමේ අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කිරීමට ජ


ජනපති- ෂී ජින් පිං හමුව හෙට
2025 ජනවාරි මස 14 262 1

චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට (15) පස්වරුවේ චීන මහජන ශාලාවේදී චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතා හමුවීමට නියම


නව සංචාරක කලාප 13ක්
2025 ජනවාරි මස 14 1077 4

සංචාරක කලාප 13 ක් අලුතින් හඳුනාගෙන ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. යාපනය - කුච්චවෙලි, අනුරාධපුර, පොළොන්නරුව, මහනුවර, මාතලේ සහ ත්‍රිකුණාමළය වැනි ප්‍


චීනාට මැණික් පන්නන්න බැරිවේ
2025 ජනවාරි මස 14 819 0

රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනා මැණික් තොගයක් , සිය ඇද සිටි යට ඇදුම් අතර සඟවා ගෙන චීනය වෙත රැගෙන යාමට තැත් කළ චීන ජාතික පියකු සහ දියණියක කටුනායක ගුවන් තොට


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 202 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 545 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 298 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site