(නිමන්ති රණසිංහ)
සැලසිනේ රූපවාහිනී ආයතනයට අයත් බැංකු ගිණුමේ මුදල් එම ආයතනයේම සුභසාධක සංගමයේ ගිණුමට බැර කරමින් එයින් රුපියල් කෝටියකට අධික මුදලක් වංචා කළැයි කියන සිද්ධියට අදාළ විමර්ශන ගොනු ජනාධිපති කොමිසන් සභාව වෙත යොමු කිරීමට නියමිතව ඇතැයි මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ අද (30) සඳහන් කළේය.
ඉකුත් ජනවාරි මස 22 වැනිදා නිකුත් කරන ලද රජයේ ගැසට් පත්‍ර අංක 2159/16 රජයේ නිලධාරීන්ට අර්ධ රාජ්‍ය නිලධාරීන් සම්බන්ධව මූල්‍ය අපරාධ විමර්ශන අංශය මගින් සිදුකරනු ලැබූ සහ දැනටමත් සිදුකරමින් පවතින විමර්ශන ක්‍රියාවලිය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරනු ලැබූ ජනාධිපති කොමිසන් සභාව වෙතින් මෙම විමර්ශනයට අදාළ උදෘත ගොනු ඉල්ලා ඇති බැවින් ඒවා ලබා දීමට අවසර දෙන ලෙස ද මුල්‍ය විමර්ශන කොට්ඨාසය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
පොදු දේපල පනත ප්‍රකාරව වරදක් සිදුකළැයි සැලසිනේ රූපවාහිනී ආයතනයේ හිටපු සභාපති ප්‍රදිප් උදයකුමාර එදිරිසිංහ මහතා අත්අඩංගුවට ගැනීම සඳහා රතු නිවේදන ලබාගැනීමට ඉංග්‍රීසි භාෂාවෙන් විවෘත වරෙන්තුවක් නිකුත් කිරීමටද අධිකරණයෙන් නැවතත් නියෝගයක් නිකුත් විණී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තියෙන්නේ හොරා කාපුවා විතරනේ. ජනතාවට කිසිම දෙයක් හොයල බලන්න වෙලාවක් නැහැ.මේ අය කරන්නේ හොරාකාලා යනවා. අනික් කට්ටියත් ඒ දේම කරනවා. කෝ රටේ නිතිය ? ජනතාවට සුළු වරදක් කරන්න බැහැ අධිකරණයෙයි පොලීසියෙයි කොන්ද කෙළින් වෙන්නේ. එතකොට මහා මිලියන ගණනින්. කන්නේ එකෙක්. නැගී සිටින්හේ නැහැ. මේක පුදුම රටක්. මහා උන්ටයි පවුලේ අයටයි ඕන හොරා වැඩක් කරන්න පුළුවන්. නඩු ඇසීම තහනම්. අපායේ ලෝදිය හැලිය මග බලාගෙන ඉන්නේ කට්ටිය එනකම්.