
(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
කොළඹ මහාධිකරණය පැනවූ වසර තුනක සිර දඬුවම් හා දඩ නියම වී ඇප මත මුදාහැර සිටි හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන මහත්වරු එම චෝදනා වලින් නිදොස් කොට නිදහස් කිරීමට අභියාචනාධිකරණය අද (19) තීන්දු කළේය.
ඉකුත් 2015 ජනාධිපතිවරණය සමයේ දිවයින පුරා විහාරස්ථානවලට සිල් රෙදි බෙදා හැරීම මගින් රජයට අයත් රුපියල් මිලියන 600ක මුදල් අවභාවිත කිරීම හා පාඩුවක් සිදු කිරීමේ චෝදනාවට මොවුන් වරදකරුවන් කර තිබිණී.
තමන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති අභියාචනා පෙත්සම් පිළිබද තීන්දුව ලබා දෙමින් කුමුදුනි වික්‍රමසිංහ සහ දේවිකා අබේරත්න යන මහත්මීන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දෙන ලදී.
මෙම අභියාචන පෙත්සම් පිළිබද අභියාචනාධිකරණ තීන්දුව ඉකුත් 13 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබූ නමුත් කොළඹ අලුත්කෙඞ් බල ප්‍රදේශයට නිරෝධායන ඇදිරි නීතිය පනවා තිබීම හේතුවෙන් එදින එය ප්‍රකාශයට පත් නොකෙරුණු අතර ප්‍රකාශ්‍යට පත් කිරීම අදට කල් තැබිණි.
තමන්ට දඬුවම් නියම කර ඇති ආකාරයන් නීතියට පටහැනි බවත් තමාව සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස්කරන ලෙසත් ඉල්ලමින් ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන මහත්වරු විසින් මෙම අභියාචන පෙත්සම් ගොනු කර තිබිණි.
ඉකුත් ජනාධිපතිවරණය සමයේ දිවයින පුරා විහාරස්ථානවලට සිල් රෙදි බෙදා හැරීම හරහා රජයට අයත් රුපියල් මිලියන 600 ක මුදල් අවභාවිත කිරීම හා පාඩුවක් සිදු කිරීමේ චෝදනාවට විත්තිකාර අභියාචකයින්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා නඩු විභාගයක් පැවත්විණි.


ඡායාරූප -රොමෙෂ් ධනුෂ්ක සිල්වා
COMMENTS
නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ...
වංචාවට, දූෂණයට, නාස්තියට තරාතිරම නොබලා දඬුවම් දෙනවා.
මෙන්න තවත් ඡන්ද ප්‍රතිපලයක්.
සාදු සාදු සාදු !!! තව තව රජයේ මුදල් අවභාවිතා කිරිමට ශක්තිය ලැබේවා.
අපි නවමු තව නවමු...
යහපාලනය ට තිබූ ප්‍රධාන ගැටළු අතර සිල් රෙදි බෙදා දීම සහ පෙරහැර වල අලි ඇතුන් ගමන් කිරීමද විය.
"වංචාවට - දුෂණයට - නාස්තියට තරාතිරම නොබලා දඬුවම් දෙනවා"
ඊයේ තමයි කිව්වේ වංචාවට දුෂණයට දඬුවම් දෙනවා කියලා.
එතකොට සිල් රෙදි බෙදුවේ කවුද ?
එක රටක් එක නීතියක්, අනේ ජාතිය අමතල පැය කීයද?
එහෙනම් මේ කෝටි 60 මේ දෙන්නාගේ සල්ලි වෙන්න ඇති.
අපේ රටේ අධිකරණය ලෝකය හමුවේ විස්වාසයක් තියෙන අධිකරණයක් ලෙස පිළිගැනීමක් නැති වෙනවා.
අපි දන්නවා සර්ල සිල් රෙද්දක් තරම්ම පිවිතුරු අය කියලා.
හැට නවලක්ෂේට සතුටුයිද දැන්.?
අම්මො මෙයාල නිදහස් වෙලා මෙන්න ...
මිනීමරුවන් පාර්ලිමේන්තු යන කාලේ සිල් රෙද්දත් නඩුවක් ද මහත්තයෝ.
අපි නම් මොකුත් කියන්නෙ නෑ ඔන්න. මොන එහෙකටද පොලිසි ගානේ රස්තියාදුවෙන්නේ.
නඩුවෙන් නිදහස් වුනත් තමන්ගේ හෘදශාක්ෂියෙන් නිදහස් වෙන්න බෑ.
ඉන්න හිතෙන රටක්.
අයියෝ කියලා වැඩක් නැහැ. ශ්‍රී ලංකාවේ විනිසුරු පද්ධතිය විශ්වාස කිරීමට මිනිසුන්ට හැක්කේ කෙසේද,?
කවුද වැරදි කාරයා.....
නඩුත් හාමුදුරුවන්ගේ.... බඩුත් හාමුදුරුවන්ගේ......
එතකොට දැන් මුල්‍ය වංචා වෙලාම නැද්ද මෙයාල අතින්. අපිද එතකොට හොරු....
රුපියල් මිලියන 600 කට මොකද වුණේ! අපේ මුදල්. ප්‍රතිපූරණය කරන්නේ කවුද?
මේක ඓතිහාසික නඩු තීන්දුවවක් වෙනවා. මීට පස්සෙ රජයේ සේවකයින්ට රටේ මුල්‍ය නීති වලට හිර නොවී දේශපාලනඥයන්ගේ ඉල්ලීම මත සහ තමන්ගේ අභිමතය පරිදි ඕනෑම මුදලක් වියදම් කිරීමට පුළුවන් වෙනවා. සිල් රෙදි විතරක් නෙවෙයි තමන් කැමති ජන කොට්ඨාශයකට රජයේ මුදලින් මෝටර් රථ වුනත් බෙදා දීමේ අවසරය ලැබෙනවා.