( රංජන් කටුගම්පොළ සහ තිළිණි ද සිල්වා )
අමාත්‍ය මණ්ඩල අනුමැතියෙන් ස්ථාපිත කළ සෙලන්දිවා ලෙෂර්ස් ඉන්වෙස්මන්ට් නැමැති සමාගමට රජයට අයත් දේපල පැවරීම හෝ විකීණීම නවතාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කර තීබු මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් නව සංශෝධිත පෙත්සමක් සති තුනක කාලයක් ඇතුළත ගොනු කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම්කාර පාර්ශවයට අද (24) නියෝග කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ නියෝග කළේ පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ දර්ශන වේරදූවගේ මහතා විසින් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමක් පිළිගැනීමෙන් පසුවය.
මෙම පෙත්සම අද (24) සූම් තාක්ෂණය ඔස්සේ සලකා බැලු අතර ශ්‍රේෂ්ඨාධිකරණයේ සලකා බැලීම සදහා දින නියම වූ නඩු විභාගයන් ඊයේ සිට ප්‍රථමවරට එම තාක්ෂණය හමුවේ අධිකරණයේ කැදවිමද විශේෂත්වයකි.
පෙත්සම බුවනෙක අළුවිහාරේ , මුර්දු ප්‍රනාන්දු , ශිරාන් ගුණරත්න යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.
මෙම පෙත්සම සම්බන්ධයෙන් සංශෝධන කළ යුතුව ඇති බවත් , ඊට අමතරව මුදල් ඇමතිවරයා සහ මහබැංකු අධිපතිවරයාගේ තනතුරු වෙනස් වී ඇති බැවින් , එම තනතුරු සංශෝධනය කළ යුතු බවත් , එම සංශෝධන වලින් අනතුරු නව සංශෝධන සහිත පෙත්සමක් ගොනු කිරීමට සති තුනක කාලයක් ලබා දෙන්නැයි පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ දර්ශන වේරදූවගේ මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එම ඉල්ලීම සලකා බැලූ විනිසුරු මඩුල්ල නව සංශෝධිත පෙත්සම සති තුනක් ඇතුළත ගොනු කරන ලෙස පෙත්සම්කාර පාර්ශවයට නියෝග කළ අතර ලබන නොවැම්බර් 29 වැනිදා යළි කැදවීමට දින නියම කෙරිණි.
අමාත්‍ය මණ්ඩල අනුමැතියෙන් ස්ථාපිත කළ සෙලන්දිවා ලෙෂර්ස් ඉන්වෙස්මන්ට් නැමැති සමාගම මගින් තුළින් රටේ ආරක්ෂාව , භෞමික අඛණ්ඩතාවය සහ ස්වෛරීභාවයට තර්ජනයක් වන බවද , එමගින් රටේ ජනතාවගේ මූලික අයිතවාසිකම් කඩවන ලදැයි ද සදහන් කරමින් , එම සමාගමට රජයට අයත් දේපල පැවරීම හෝ විකීණීම නවතාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා වෘත්තීකයින්ගේ ජාතික පෙරමුණේ ලේකම් ඉංජිනේරු කපිල රේණුක පෙරේරා මහතා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන ලදී.
එසේම එම සමාගමේ කොටස් , කොළඹ කොටස් වෙළද පොළේ ලැයිස්තුගත කිරීම වළක්වාලන අතුරු නියෝගයක්ද නිකුත්කරන්නැයි පෙත්සම්කරු ඉල්ලා ඇත.
2025 දෙසැම්බර් මස 18
689
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
329
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1116
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සෙලෙන්දිවා සමාගමට එරෙහිව පෙත්සමට නව සංශෝධිත පෙත්සමක් ගොනු කරන්න කල් දෙයි