(කවිතා සුබසිංහ)
කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුවියකට පිහියකින් ඇන බරපතල තුවාල සිදුකර ඝාතනය කිරීමට තැත් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණයා 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහර ප්‍රධාන මහේස්ත්‍රාත් හේශාන්ත ද මැල් මහතා අද (14) නියම කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ ධනුෂ්ක විකුම් කුමාර නැමැත්තෙකි.
විශ්වවිද්‍යාල සිසුවියට පිහියකින් ඇණීම සම්බන්ධයෙන් ඔහු ඊයේ (13) අත්අඩංගුවට ගැණිනි.
සැකකරු ද තම ජීවිතයට හානිකර ගැනීමට සූදානම්ව සිට ඇති බවත් ඔහුගේ ගමන් බෑගයේ තිබී පෙට්‍රල් බෝතලයක් හා ගිනි පෙට්ටියක් ද හමු වූ බවත් අධිකරණයේ දී කියවිණි. බරපතල තුවාල ලැබූ තරුණිය රාගම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.
COMMENTS
අනේ මන්දා... ගැහැණුත් ජීවිත සමග සෙල්ලම් කරනවා. අන්තිමට තමන්ගේ ජීවිතය නැති වෙනකම් දන්නේ නැහැ..
ආදරය විහිලුවක් කරගන්න කාටත් මේවා හොඳ පාඩම්. තව පොඩ්ඩෙන් ජීවිත දෙකක්ම අපරාදේ විනාශ වෙනවා.
කව්ද දන්නේ මෙයා පෙට්‍රල් බෝතලයක් හා ගිනි පෙට්ටියක් ළඟ තියාගෙන හිටියේ තව කෙනෙකුට අනතුරක් සිදු කරන්නටද කියා...
ඔයා කොහොමද දන්නේ ගෑණු ළමයා ජීවිතේ එක්ක සෙල්ලම් කළා කියලා.. සමහරවිට නොගැලපීම් තිබ්බ හින්දා ගෑණු ළමයා අයින් වෙන්න හිතුවද කියලා කවුද දන්නේ.. වුනේ මොකද්ද කියලා හරියට දන්නේ නැතුව චෝදනා කරන්න හොඳ නැනේ...
මේ සටහන සියලුම විචාරකයින්ටයී. මේ තරුණයා ඔබගේ දරුවෙක්නම් හෝ, සහෝදරයෙක්නම් ඔබ ක්‍රියා කරන්නේ කෙසේද? ඒ අයුරෙන්ම මොහු ගැනත් අනුකම්පාවෙන් බලා, සටහන් යොදන්න. ඔහු රටට අවශ්‍ය අධ්‍යාපනයෙන් දක්ෂ තරුණයෙක්. ඔහුගේ මානසික තත්වය වෙනස් කලොත්, රටට වටිනා පුද්ගලයෙකු බවට පත් විය හැක. ඒ විදියට අප සැවොම හිතුවොත්, කාදිනල් තුමා ප්‍රකාශ කලමෙන්, අප රට බෞද්ධ රටක් වනු ඇත.
විවාහයෙන් වෙන් වීමට අධිකරණයෙන් අවසර ලැබුනත් , පෙම් සබඳ තාවයෙන් ඉවත් වීමට සමාජයෙන් අවසර නොලැබේ
පෙට්‍රල් බෝතලේ තිබ්බේ වතුර. ගිනි පෙට්ටියක් ගත්තේ ගිනි පෙට්ටි ගිනි ගනන් නිසා කලින් අරන් තියා ගන්න. අඹ ගෙඩියක් කපන්න හදද්දි කෙල්ලෙක් ඇවිල්ලා අඹ ගෙඩිය උදුර ගන්න හැදුවා. කෙල්ල පිහියේ හැපුණා. මම මේ කෙල්ලව දැක්කෙත් අදමයි කියලා කියන්නෙ නැද්ද බලමු.
අපේ ජාතික සංකේත බවට දැන් පත්වී තිබෙන්නේ ආයුධ ! කඩු පිහි මන්න කැති!