IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


සරසවි පනත සංශෝධනයට කැබිනට් පත්‍රිකාවක්

(බිඟුන් මේනක ගමගේ)

1978 අංක 16 දරන විශ්ව විද්‍යාල පනත සංශෝධනය කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැබිනට් මණ්ඩලයට අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරනු ලැබ තිබේ.

මෑතකාලීන සංවර්ධනය සමඟ පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන වඩාත් ඵලදායී ලෙස නියාමනය කිරීමේ අරමුණෙන් මෙම සංදේශය ඉදිරිපත් කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට දන්වා ඇත.

විශ්වවිද්‍යාල සහ අනෙකුත් උසස් අධ්‍යාපන ආයතන පිහිටුවීම, නඩත්තු කිරීම සහ පරිපාලනයත් පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන පාලනයත් සිදුකරනු ලබන්නේ විශ්ව විද්‍යාල පනත සහ එහි සංශෝධන මඟිනි.

ඒ අනුව පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන වඩාත් ඵලදායී ලෙස නියාමනය කිරීමේ අරමුණෙන් ශක්තිමත් නෛතික රාමුවක් සැකසීමට මෙම අමාත්‍ය මණ්ඩල සංදේශයෙන් යෝජනා කර ඇත.

අදාළ සංශෝධන සිදුකිරීම සඳහා විශේෂඥ දැනුම සහිත මණ්ඩලයක් විසින් සංකල්ප පත්‍රිකාවක් සකස් කරනු ලැබ තිබේ.

එම සංකල්ප පත්‍රිකාවට අනුව විශ්වවිද්‍යාල පනත සංශෝධනය කිරීමට නීති සම්පාදනය කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක වෙත නියම කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ඉල්ලා සිටින බව එම අමාත්‍ය මණ්ඩල සංදේශයේ වැඩිදුරටත් සඳහන් වේ.  



අදහස් (1)

සරසවි පනත සංශෝධනයට කැබිනට් පත්‍රිකාවක්

sampath Wednesday, 24 July 2019 01:45 PM

මේකට නම් අත නොතියන එකයි හොඳම වැඩේ. අනෙක මේවා කඩිමුඩියේ නොකළ යතු වැඩ.. ජනාධිපතිවරනයක් අතළඟ තියන් කෙසේවත් බරපතල තීන්දු නොගත යුතුයි.

:       9       87

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 637 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 531 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 433 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site