( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

පාස්කු ඉරුදින දින ප්‍රහාර සිද්ධියෙන් විපත පත් වූ සම්බන්ධයෙන් සූම් අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවකදී තමා සිදු කළ ප්‍රකශයකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමාව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ආචාර්ය සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් විසින් අද (02) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අපරාධ විමර්ශන කොට්ටාසයේ විශේෂ ඒ්කකයේ ස්ථානාධිපති ලලිත දිසානායක , අපරාධ පරීක්ෂණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ රොහාන් ප්‍රෙම්රත්න , නියෝජ්‍ය පොලිස්පති  ඩබ්ලිව් .තිලකරත්න , පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න , ජාතික බුද්ධි සේවයේ අධ්‍යක්ෂක මේජර් ජනරාල් සුරේෂ් සලේ , නීතිපති ඇතුළු පිරිසක් නම් කරන ලැබ සිටිති.

අදාළ ප්‍රකාශය මත තමා අත්අඩංගුවට ගැනීමේ සූදනාමක් පවතින බැවින් එමිග්න සිය මූලීක අයිතිවාසිකම් කඩ වී ඇති බවට ප්‍රකාශ කරන ලෙසත් , වගඋත්තරකරුවන්ට එරෙහිව නොතීසි නිකුත්කරන ලෙසත් ,තමාව අත්අඩංගුවට ගැනීම වලක්වලන අතුරු නියෝගයක් වගඋත්තරකරුවන්ට එරෙහිව නිකුත් කරන්නැයිද ආචාර්ය සිරිල් ගාමීණී ප්‍රනාන්දු පියතුමා සිය මූලික අයිතිවාසිකම් පෙත්සමින් ඉල්ලා සිටී.