IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


සුර්ය විදුලිබල ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නැයි අගරදගුරුතුමෝ ඇමැතිගෙන් ඉල්ලති

(රංජන් කස්තුරි)

 

විදුලිබල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරිමේ දී හැකිතරම් සුළං හා සුර්ය විදුලිබල ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමෝ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

ඇමැතිවරයා අද (23) පෙරවරුවේ කොළඹ අගරදගුරු නිල නිවසට ගොස් කාදිනල්තුමන් බැහැ දුටු අවස්ථාවේ කාදිනල්තුමෝ එම ඉල්ලීම කළහ.

ගල්අගුරු, පොසිල ඉන්ධන වැනි බලශක්ති මුලාශ්‍ර නිසා රටේ පරිසරයට විශාල හානියක් සිදුවන බවද ඕසෝන් ස්ථරයට මෙන්ම මහජනතාවගේ සෞඛ්‍ය තත්වයට ද එහි අහිතකර බලපෑම් ඇති වන බව කාදිනල්තුමෝ පැවසුහ.

මෙරට බලශක්ති අවශ්‍යාතාවයෙන් 70% ක්ම හරිත බලශක්ති උත්පාදනයෙන් ලබාගැනීමේ වැඩපිළිවෙළ ලබනවසරේ සිට ආරම්භ කරන බවද එහිදී ඇමැතිවරයා කීහ.



අදහස් (11)

සුර්ය විදුලිබල ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නැයි අගරදගුරුතුමෝ ඇමැතිගෙන් ඉල්ලති

eresh S kumara Monday, 23 December 2019 10:04 AM

සුර්ය බලයෙන් විදුලිය උත්පාදනය කොතෙක් දුරට සාර්ථකද කියල මිනිසුන් දැනුවත් කලයුතුයි. ලංකාවේ දැනට එවැනි පුද්ගලික ආයතන 250ක් පමණ තියනවා . එයිනුත් මහාපරිමාණ හා කුඩා යන දෙපිරිසම මේ සදහා යොදාගතහැකියි .සාමාන්‍ය නිවසකට නම් සුර්ය පැනල මගින් අදාල ඒකක ප්‍රමාණය උත්පාදනය කරගත හැකියි. වැයවන ඒකක ප්‍රමාණය වගේම වැඩි ඒකක ප්‍රමාණය රජයට දීමෙන් අදායමක් උපයගන්නටත් පුළුවන්. ඒ සදහා රජයේ දැනට ක්‍රියාත්මකවන 8% ණය ක්‍රමවේදයක් ද පවතියි.

:       0       18

sharm warn Monday, 23 December 2019 10:20 AM

සුර්ය බල ශක්තිය භාවිතය එජාප ආණ්ඩුවේ විදුලි ඇමති විසින් නැවත දැමුවනේ. දැන්වත් එය නිවැරදි කරන්න. සුළං බල ශක්තියත් භාවිත කළ හැකි තැන් වලදී ඒ සදහා ජනතාවට අනුබල දෙන්න. පරිසරයට හානිදායක ජල විදුලියෙන් එලියට එන්න.

:       29       19

AmarasinghaMonday, 23 December 2019 12:27 PM

මේකට ඩිස්ලයික් දාලා වැඩක් නැහැ. මොහු කිව්වේ ඇත්ත... සූර්ය බලශක්තිය භාවිතය එජාප ආණ්ඩුවේ විදුලි ඇමති විසින් නැවත දැමුවා තමයි. මමත් ගෙදරට නෙට් මීටරින් ගන්න ඉදල එක කඩාකප්පල් වෙලා ගියා.

:       1       4

athula Monday, 23 December 2019 11:11 AM

ඔය ඇමති දන්නවද පරිසරයේ ඇති වැදගත්කම? මම නම් හිතන්නේ නැහැ ඔවුන් දන්නවා කියලා. ඔච්චර නටන්න ඕනේ නැහැ පසුගිය දිනවල අපේ මහාචාර්යවරයෙක් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ එතුමා සොයාගත්ත සුළං බලයෙන් මුළු රටටම විදුලිය දෙන්න පුළුවන් ක්‍රමවේදයක් එතුමා කිව්වේ.. මුලදී ටිකක් වියදම් කරන්න වෙයි. පසුව කිසිම වියදමක් නැතුව සුළං බලයෙන් රටම බබළවන්න පුළුවන් කවුද හෙව්වේ..? කොමිස් එකට මොකද වෙන්නේ එහෙම වුණොත් කෝ බලමු අපේ ජනාධිපතිතුමන්වත්... එතුමාව ගෙන්වලා විමසාවිද කියලා..

:       0       10

BamunuarachchiMonday, 23 December 2019 03:59 PM

ඔව් ඒ ඇමති ඔබතරම් පරිසරය ගැන දන්නේ නැත.

:       1       0

sachith Monday, 23 December 2019 11:51 AM

ඔබවහන්සේ මෙහෙම කිව්වම අපේ කට්ටිය බලයට එන්නේ ඉන්න ටිකේ පුළුවන් තරම් කොමිස් ගන්න. මේවගේ පුනර්ජනනීය බලශක්ති වලින් ගන්න පුළුවන් කොමිස් බොහොම අඩුයි.. ඩීසල්, ගල් අගුරු, පුද්ගලික ජලවිදුලි බලාගාර එක්ක බලනකොට... එ්ක නිසා බලයට අාවම මේවා කරනවා වගේ පෙන්නලා හදිසි මිලදීගැනීම් කියලා අවුරුදු 5ක් හරියන්න කොමිස් එක කඩාගන්නවා.

:       0       7

Silva Monday, 23 December 2019 12:16 PM

දැන් මෙතුමාගේ ආගමික සේවාව ඉවරද? දැන් කරන්නේ අාර්ථික ප්‍රතිසංස්කරණ දේශපාලන හා කඩේයාමද? මෙයත් තව දේශපාලන වෙන්න හදනවා මෙච්චර කල් ගෞරවයක් තිබුණු කතෝලික ආගමත් මේ කුණුගොඩට අැදලා දාන්න වගේ මෙයා හදන්නේ...

:       3       249

joshop gunasekara Monday, 23 December 2019 12:37 PM

මේ තැනැත්තන්ට අගමැතිකමේ වැඩේ බාරදුන්නා නම් මොකද?

:       0       117

Ruwan Monday, 23 December 2019 01:02 PM

සෝලා පැනල් සහනදායි ක්‍රමයට මහජනතාවට ලබාදීමට බලධාරීන් ක්‍රියාකළ යුතුයි.

:       0       3

Walter White Monday, 23 December 2019 01:51 PM

දැන් අපේ රටේ හැම ආගමකම පූජකයෝ කන බොනදේ ගැන බුද්ධි සේවා ගැන විකල්ප බලශක්ති ගැන දේශනා දෙනවා... හරිම අගෙයි. ඔය ආගම්වල තියෙන බොරු අතෑරලා ටික වෙලාවකට හරි සැබෑ ලෝකේ දිහා බලන එකත් ඉතින් වටිනවා.

:       0       1

Nimal Monday, 23 December 2019 03:21 PM

ආණ්ඩුවේ ඉහළම උපදේශක තනතුරකට උන්නාන්සේ සුදුසුයි කියලයි පෙනෙන්නේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 28695 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18204 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 11156 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 684 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 207 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 861 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site