(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අල්ලස් හා දූෂණ සිද්ධීන් සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 48 දෙනෙකු පසුගිය කාලයේදී (2020වසර වන විට) වැඩ තහනමට ලක්ව ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අලුත්ම වාර්තාවක සඳහන් වේ.
මේ සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස එම කාරක සභාව සුරාබදු දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට දැනුම් දී ඇත.
වැඩ තහනමට ලක්වූ නිලධාරීන් සම්බන්ධ ලිපි ගොනු 18ක කටයුතු මේ වනවිට අවසන් කර ඇති බවත් අල්ලස් චෝදනා සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව සිටින නිලධාරින් පිළිබඳ අධිකරණ කටයුතු සිදු වෙමින් පවතින බවත් එම දෙපාර්තමේන්තු ප්‍රධානීන් පසුගියදා දැනුම් දුන්නේ යැයි රජයේ ගිණුම් පිළිබඳ පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පවසයි.
අධිකරණ තීන්දුවලින් පසු දෙපාර්තමේන්තු මට්ටමෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව එම ප්‍රධානීන් කාරක සභාවට වැඩිදුරටත් දැනුම් දී ඇත.
මේ අතර සුරාබදු දෙපාර්තමේන්තුවේ තනතුරු පුරප්පාඩු 292ක් (පසුගිය වසර වන විට)නොපිරවීම සම්බන්ධයෙන්ද කෝපා කමිටුව අප්‍රසාදය පළකර ඇත.
මින් සියයක් ජ්‍යෙෂ්ඨ සහ තෘතීක මට්ටමේ තනතුරුවේ.
මේ තත්වය දෙපාර්තමේන්තුවේ කාර්යසාධනයට අහිතකර ලෙස බලපා ඇතැයි එම කාරක සභාවේ සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා පැවැසීය
COMMENTS
සුරාබදු නිලධාරීන්ගෙන් 95% අල්ලස් ගනිති ,