( ලසන්ත නිරෝෂණ පෙරේරා )
මෙවර සිරිපා වන්දනා සමය චාරිත්‍රානුකූලව ඊයේ නිමවු අතර සිරිපා උඩමළුවේ තැන්පත් කර තිබු සාධාතුක කරඬුව සහ සමන් දේව ප්‍රතිමා පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රී පාද රාජ මහා විහාරාස්ථානයට වැඩම කරවීම අද (8) සිදු කෙරේ .
රන් සිවිගෙය සහිත විශේෂ රථ දෙකකින් එම වැඩම කරවීම නල්ලතන්නියේ සිට සිදුකෙරිණි.
අද උදෑසන එම කටයුතු ආරම්භ විය. පස්වරුවේ දි පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රී පාද රාජ මහා විහාරස්ථානයේ සමන් දේවමන්දිරයේ ආරක්ෂිත කුටියේ දේව ප්‍රතිමා තැන්පත් කිරීමට නියමිතය .
ශ්‍රී පාදස්ඨානාධිපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියන්ගේ අනුශාසනා මත රටේ පවතින වාතාවරණය නිසා සීමිත කණ්ඩායමක් පමණක් සහභාගී කරවාගෙන මෙවර සිරිපා වන්දනා සමය අවසන් කිරීමේ චාරිත්‍ර ඉටුකෙරිණි.







(ඡායාරූප - රංජිත් රාජපක්ෂ)
COMMENTS
කොරෝන නිසා මෙවන් අසරණ මිනිසුන් මුලා කරගෙන ආදායම් මාර්ග සලසාගන්න මිත්‍යා මත වල රැස් බැස ගොස් ඇත. මේවට කරන්න පුළුවන් එකම දේ අසරණ වුනු අහිංසක මිනිස්සුන්ගේ පොකට්ටුවට විදින එකයි. මෙදා පොටේ එකත් බැරි උනා. බෞද්ධ දර්ශනයට සම්පුර්ණයෙන්ම පටහැනි මෙවන් දේවල් වලින් විනාශ වෙන්නේ බෞද්ධ දර්ශනයේ සැබෑ අරුතයි
ඉහත අදහස් දමා ඇති සියලු දෙනාම කිසිවක් දන්නේ නැත...
ඇත්ත අදහස් දානවානම් හොදයි සියලු දෙනාම...
"සියලුම අයහපත් ක්‍රියාවන්ගෙන් වළකින්න, සියලුම යහපත් ක්‍රියාවන් පමණක් කරන්න, සිත සම්පූර්ණයෙන්ම පිරිසිදු කරගන්න. " මේක නේද බුදුන්වහන්සේලා විසින් දේශනාකළ ධර්මයේ මූලික හරය. දේව සංකල්පය විවිධ හේතුන් නිසා මිනිසා විසින්ම නිර්මාණය කර ගන්නා ලද දෙයක් බවයි මට නම් හිතෙන්නේ. කාලාන්තරයකට පසු " බුද්ධාගම" තුළටත් එවන්දේ ඇතුල්වීම තේරුම් ගන්නට පුළුවන්. ඒක දැන් අපි " අදහන " ආගමේම කොටසක් වෙලා. පන්සල්වල විහාරාධිපති ස්වාමීන් වහන්සේලාගේ 18 රියන් පිළිම නිර්මාණය කර දායකයින් ලවා වන්දනාමාන කරවා ගන්නා තැනට දැන් අපේ රටේ " බුද්ධාගම " පත්වෙලා නේද? සමහර භික්ෂූන් වහන්සේලා ධර්ම දේශනා වලදී " බුදුන් වහන්සේ කිසිම දවසක දායකයින්ට පන්සිල් හෝ අටසිල් සමාදන් කර නැහැ" කියලත් දේශනා කරන්නේ... තව මොනවද ඉතින්?
මැරුණ හෝ ඝාතනය කළ ඇතෙකුගේ දළ බුද්ධ ධර්මයට සම්බන්ධ කරගන්න ඕනෙද? බුදු සමිඳුන් වැඩවාසය කරන කාලයේ ඇත්දළ සැරසිල්ලක් තිබුණු වගක් අහලා තිබෙනවද?
කොරෝනා එක්කම මහා බලගතු කියපු දේවල් ඔක්කෝමත් වැහිලා ගියා... ඒකට හේතුව බෞද්ධයන් හින්දු දෙවියන් සහ බෞද්ධ දෙවියන් පටලවා ගැනීම සහ දෙවියන්ගෙන් බුද්ධ ශාසනය, ධර්මය සහ තමන් (බෞද්ධයන්) ආරක්ෂා කරන්න ඉල්ලනවා වෙනුවට... හින්දු ආගමේ වගේ පොල් ගහන්න... අනුන්ට වින කරන්න දේවාල යොදා ගැනීම. අබෞද්ධයින් හිතනවා බෞද්ධයන් දෙවියන් "අදහනවා...‘‘ කියලා. ඒක වැරදියි. දෙවියන් අදහන්නේ හින්දුන්. බෞද්ධයින් කරන්නේ දෙවියන්ට පින් දීලා බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න ඉල්ලීම. කතරගම දෙවියන් (මහාසේන රජු), සමන් දෙවියන් (සුමන සමන් කුමාරය) දෙන්නම බුදුරදුන්ගෙන් බණ අහල සෝවාන් වුනු අපේ රජවරු. බෞද්ධයන්ගේ විෂ්ණු දෙවියෝ තමයි උපුල්වන් දෙවියෝ. දෙන්නගේම හමේ පාට නිල්. මුල් විෂ්ණු දෙවියෝ හින්දු... නමුත් සමහර බෞද්ධයින් විෂ්ණු දෙවියන් බුදුදහම වැළඳ ගත්තා කියල විශ්වාස කරනවා. පත්තිනි, කන්නගි කියන්නේත් දෙන්නෙක්. සැමියා මරපු පලිය ගන්න හින්දු කන්නගි මධුරා පුරය විනාශ කළා කියනවා. නමුත් බෞද්ධ පත්තිනි දෙවියෝ ලංකාව සහ බෞද්ධයන් ආරක්ෂා කරනවා. දැඩිමුණ්ඩ දෙවියන් බුදුදහම හා සම්බන්ධයි. මිනිස්සු ආරක්ෂා කරනවා. ගම්භාර දෙවියෝ දේවත්වයට පත්වුණු යක්ඛ රජෙක්. රාවණා රජුගේ අවතාරයක් කියලත් කියනවා...
තවත් තියෙනව. සීනිගම දෙවොල් දෙවියෝ ඉහත ආත්මයක බුදුරදුන්ගෙන් බණ අහපු, බුදුරදුන්ට දානය පිලිගන්වපු බමුණෙක්. ඒ පිනින් දේව ආත්මයක් ලැබුන කියල කියනව. දැඩිමුණ්ඩ දෙවියෝ, මාරයා ආව වෙලාවේ අනිත් හැම දෙවිවරුම බය වෙලා දුවත්දී බුදුරදුන් අත නොහැර පුටුව පිටිපසට වෙලා සැඟවිලා ඉඳල තියෙනව කියලා කියනවා. දැඩිව මුණ්ඩයක් මෙන් හිටි නිසා දැඩිමුණ්ඩ නම ලැබුන කියල පොත පතේ තියෙනව. මේ හැම දේවාලයක්ම මිනිස්සුන්ගෙන් හිස් වෙන්න හේතුව වුනේ අපි හැමෝටම නැවත හිතන්න බල කරන්න. බුදු දහම සහ සම්බන්ධ දෙවිවරුන්ට පින් අනුමෝදන් කිරීම විතරයි මින් පස්සේ කලයුත්තේ. හින්දු ආගමේ මෙන් පූජා වට්ටි, මුදල්, විවිධ පාට රෙදි සහ විශේෂයෙන් පොල් ගැහිල්ල නවත්තන්න ඕනේ. මල් වලට අමතරව පූජා කරන්න ඕනේ නම් පූජා කරන්න ඕනේ කිරිබත් විතරයි. දෙවියෝ හුඟක් සතුටු වෙයි. ඊළඟට තව වැදගත් දෙයක් තියෙනව. රාවණා රජ්ජුරුවෝ දෙවි කෙනෙක් වුනේ නැහැ. හේතුව ඔහු මිය ගියේ නැති නිසා. එහෙම නොවුනේ ලංකාව ආරක්ෂා කරන්න.
බෞද්ධ භික්ෂූන්ට වඩා දැන් ඉන්නේ නයි පෙන්නන දේව වන්දනාවේ ධාතු වන්දනාවේ යෙදෙන පිරිසක්...
සමන් දෙවිඳු අද නොමැතිද දම් දීපේ ... කිමද දෙවිඳුනේ ! අප සැම කල පාපේ ... වයිරස් මරුවා පලවා හැර ඒ සාපේ ... දුරලනු මැනවි !!! රැකදී අප හෙළ දීපේ ...
අබෞද්ධයන් කියනව බෞද්ධයන් දෙවියන් "ඇදහීම" මිත්‍යාව පසුපස යාමක්ලු. බෞද්ධයෝ කවදද දෙවියන් " ඇදහැව්වේ?" දෙවියන් අදහන්නේ හින්දුන්. බෞද්ධයන් කරන්නේ දෙවියන්ට පින් අනුමෝදන් කිරීම. බෞද්ධයන් තමන් රැස් කරගන්න පින් දෙවියන්ට "අනුමෝදන්" කරලා ඉල්ලන්නේ බුද්ධ සාසනය ආරක්ෂා කරන්න, ධර්මය ආරක්ෂා කරන්න සහ තමන් (බෞද්ධයන්) ආරක්ෂා කරන්න කියන එක. මේ සියලු දෙවියන් බුදුන් සරණ ගිය දෙවිවරු මිසක් හින්දු ආගමේ දෙවිවරු නෙමෙයි. ඔවුන්ගේ පැවැත්ම තියෙන්නේ බෞද්ධයන් අනුමෝදනා කරන පින් මත. කතරගම දෙවියන් (මහාසේන රජු), සමන් දෙවියන් (සුමන සමන් කුමාරය) දෙන්නම බුදුරදුන්ගෙන් බණ අහල සෝවාන් වුනු රජවරු. උපුල්වන් සහ විෂ්ණු ගැන කියනව නම් උපුල්වන් දෙවියෝ ලංකාවේ දෙවිකෙනෙක්. බෞද්ධයන්ගේ විෂ්ණු දෙවියෝ තමයි උපුල්වන් දෙවියෝ කියන්නේ. දෙන්නගෙම හමේ පාට නිල. මුල් විෂ්ණු දෙවියෝ හින්දු, නමුත් සමහර බෞද්ධයන් විෂ්ණු දෙවියන් බුදුදහම වැළඳ ගත්ත කියල විශ්වාස කරනවා. පත්තිනි, කන්නගි කියන්නේත් දෙන්නෙක්. සැමියා මරපු පලිය ගන්න හින්දු කන්නගි මදුරා පුරය විනාශ කළා කියනවා. නමුත් පත්තිනි දෙවියෝ බුදුන් සරණ ගිය සතහට සෙත සලසන දෙවි කෙනෙක්...
අපේ මිනිස්සුන් මුස්ලිම් මිනිස්සුන්ට බැන බැන දැන් මුස්ලිම් මිනිස්සුන් වාගේ ඇඳුම් ඇඳගෙන ඉන්නවා!!