(ඉන්දිකා රාමනායක)
කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් මෙරටදී පුද්ගලයන් තිදෙනකු මියගොස් ඇති බවට ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතා එරෙහිව පොලිස් මුලස්ථානය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව නීති කොට්ඨාසය බාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව සරත් ෆෝන්සේකා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා තලාහේන ප්‍රදේශයේ පැවැත්විණි.
එහිදී සරත් ෆෝන්සේකා මහතා සදහන් කර ඇත්තේ තිදෙනකු මියගොස් ඇති බවත් ඉන් දෙදෙනකු ඉතාලියේ සිට මෙරටට පැමිණි දෙදෙනකු බවයි.
මෙම සම්බන්ධයෙන් එම හඬපටය සමඟ පොලිස් මුලස්ථානය වෙත ලැබුණු පැමිණිල්ලක් අනුව පොලිස් මුලස්ථානයේ අපරාධ විමර්ශන බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ මෙම පරීක්ෂණය ආරම්භ කර ඇති බවද අජිත් රෝහණ මහතා කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිටපු හමුදා ප්‍රධානියා වන මොහුට අප හද තුළ ඇත්තේ අසීමිත වූ ගෞරවයකි. එහෙත් සරත් ෆොන්සේකා නමැති " මන්ත්‍රියාට " අප හද තුළ ඇත්තේ ඉතාම අප්‍රසන්න හැඟීමකි.
අවංකව පරීක්ෂණ කරලා හොද දඬුවමක් දෙන්න ඕනේ... මෙයාටත්, අනිත් අයටත්.. පාඩමක් ඉගෙන ගන්න. හැබැයි ඒක වෙයිද දන්නේ නෑ.
මාළුවා නහින්නේ කට හින්දාලු. මේකත් ජම්පරය අන්දන්න තරම් වැරැද්දක්...
කතාවක් කියලා රටම අනතුරේ දාපු කෙනෙක්...