
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදය පැවැත්වෙද්දී මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර සහ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහත්වරුන් අතර ඇතිවූ බහින්බස්වීමක් නිසා පාර්ලිමේන්තුවේ උණුසුම් තත්වයක් අද (3) පෙරවරුවේ ඇතිවිය.
සරත් ෆොන්සේකා තමා නිවටයකු යැයි පැවසූ බව සඳහන් කළ විරසේකර මහතා තමුන්නාන්සේගේ නිවටකම කුහකකම මුළු රටම දන්නා බවද ප්‍රකාශ කළේය.
"පොලීසියට බොරුවට චෝදනා කරන්න එපා" යැයිද සරත් වීරසේකර මහතා පැවසීය.
ටින්කරින් ලසන්ත අත්අඩංගුවට ගන්නැයි නොකියපු සරත් ෆොන්සේකා ඔහු ඝාතනය කළ විට අද දුක් වන බවත් ඒ පුද්ගලයා ඝාතනයට ලක්වූයේ සඟවා ඇති ආයුධ සොයද්දී බවත් හෙතෙම සඳහන් කළේය.
මේ අවස්ථාවේදී සරත් ෆොන්සේකා සරත් වීරසේකර මහතාට විවිධ දේ පවසමින් බැන වදිනු දැකගත හැකි විය.
මේ එහිදී ඇතිවූ සංවාදයයි.
වීරසේකර මහතා :
"ඔයා ඉන්න පොඩ්ඩක්. මට කතා කරන්න දෙන්න. මම ඔයාට විරුද්ධ වුණේ නැහැ. පොඩ්ඩක් නිහඬ වෙලා අහගෙන ඉන්න."
"මෙතුමා ආරක්ෂක ඇමැති වෙන්න සිහින මවනවා. යහපාලන රජයේ මහජන ආරක්ෂක ඇමැති වෙන්න හැදුවා. නමුත් දුන්නේ නැහැ මිනිහගේ හැටි දන්න නිසා. මෙතුමාට වගේ දූෂණ චෝදනා අපිට නැහැ. වීදුරු ගෙවල්වල ඉඳලා ගල් ගහන්න එපා."
සරත් ෆොන්සේකා මහතා:
මෙතුමා ලයියා කියන දරුණු අපරාධකාරයාගේ මල්ලි එක්ක ගිහිල්ලා ගොඩනැගිල්ලක් විවෘත කරනවා.මෙතුමා මට නිවටයි කිව්වා කිව්වා. නිවටයා කවුද කියලා රටේ ජනතාවගෙන් අහන්න.මේ සරත්ද ඒ සරත්ද කියලා.
මේ අවස්ථාවේදී දෙදෙනා අතර යළි බහින්බස්වීමක් ඇතිවිය.

COMMENTS
තමන් කරපු කියපු දේවල් තුලින් "පුස් වෙඩි" කියලා අන්වර්ථ නාමයක් හදාගත්තේ කවුද කියලා දන්නෝ දනිති. තවත් මොන කතාද...?
යුද්ධය දිනපු සරත් සහ ජිනීවා ගිය සරත් යනු අහස පොළව මෙන් වෙනස් දෙදෙනෙකි. නාවික හමුදාවේද කිසිම කැපී පෙනෙන වැඩක් නොකරපු සරත්ට ලැබුනේ ග්‍රාමාරක්ෂක බලකායයි. ඒකටත් පණදුන්නේ සරත් ෆොන්සේකාගේ මූලිකත්වයෙන් යුත් යුද හමුදාවයි. ඔහුට ජීප් කට්ටක් පවා දුන්නේ යුද හමුදාවයි. ඉන්පසු ඔහු පාර්ලිමේන්තු පැමිණ සරත් ෆොන්සේකාටද පම්පෝරි ගැසුවේ යුද්ධය දිනන්න ඉදිරියෙන්ම ඔහුත් සිටි බවයි. නමුත් ඔහු සරත් ෆොන්සේකාගෙන් ලුණු අැඹුල් අැතිව අසාගත්තේත් එදයි. එක එක්කෙනාගෙන් පින්සේණ්ඩු මුදල් වලින් ජිනීවා ගොස් අපේ රටට වීර චරිතයක් මවාපාන්න ඔහු උත්සාහයක් ගත්තේය. ඔහු ජිනීවා ගොස් රටට වැඩදායක එක් දෙයක් හෝ කලේ නම් මෙහි දක්වන්න. කඩේ යන වේගය කෙසේද යත් ඔහුට ඔහුගේ අමාත්‍ය විෂය පවා අමතක වේ.
කයිවාරු ගැහැව්වාට පොලිස් ඇමතිගේ කැරැට්ටුව ගැන කවුරුත් දන්නවා...
අනේ අනේ සරත්. පොලිසිය ඔය කියන තරම් බොළඳයිද? ආයුධ හොයන්න ගිහිල්ලා මේ වනවිට කොපමණ පිරිසක් මිය ගියාද? කුමන තරාතිරමේ අපරාධ කරුවෙක් වුවත් අධිකරණය මරණ දණ්ඩනය නියම කරන තුරු පොලිසියට මරාදැමිය නොහැකියි. මේ සුරඟන කතා කියමින් හිතක් පපුවක් නැතුව මිනි මරන්නේ කෙසේද? රෑට කරදරයක් නැතිව හොඳින් නින්ද යනවද?
මේ සරත් පිටිගල කොලේ වහලා ගහනවා. හිටපු හමුදාපතිතුමාගේ සුදුකොඩි කතාව නිසා තමයි. ජිනීවාවලින් ශ්‍රී ලංකාවට පරිප්පු කන්න සිද්ද වුණේ... ඒවා අමතකද?
අප්පච්චිගේ බයියෙක් වීම ගැන මම ගොඩක් සතුටු වෙනවා. කොටි ත්‍රස්තවාදීන්ගෙන් අපේ මව්බිම බේරාගත් නිසා... මේ පිටිගල රෙදි අපුල්ලන්නේ... යහපාලනේ බැංකු හොරුන්ටද? නැතිනම් මෙලෝ රහක් නැති ජෙප්පන්ටද?