IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


සුරක්ෂා රක්ෂණය දී ඇති සමාගමේ ටෙන්ඩරය අවලංගු කරන්නැයි ජනපති නියෝග

(අජන්ත කුමාර අගලකඩ)

පාසල් සිසුන් සඳහා වන සුරක්ෂා රක්ෂණය දී ඇති රක්ෂණ සමාගමේ ටෙන්ඩරය අවලංගු කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (06) පැවැති කැබිනට් රැස්වීමේදී දැනුම් දී ඇතැයි වාර්තාවේ.

සුරක්ෂා රක්ෂණය සම්බන්ධයෙන් සිය නිරීක්ෂණ ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා මෙම දැනුම් දීම කර ඇති බව රජයේ ආරංචි මාර්ගවලින් පැවැසේ.

මෙම රක්ෂණය දේශීය සමාගමකට නොදී විදේශීය සමාගමකට දීම සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා විරෝධය පළකර ඇති බව එම ආරංචි මාර්ග කියයි.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා  දැනටමත් එම රක්ෂණය ක්‍රියාත්මක වන බැවින් ටෙන්ඩරය අවලංගු කිරීමේ හැකිවේ නැතැයි පවසා ඇත.

අදාළ සමාගම තෝරාගෙන ඇත්තේ ටෙන්ඩර් කැඳවීමකින් බවත් එම සමාගමෙන් සිසුන්ට වරප්‍රසාද රැසක් හිමිවන බවත් ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කර ඇතැයි වාර්තාවේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට විශේෂ සාකච්ඡාවක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සහ අධ්‍යාපන ඇමැතිවරයා හා නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් හෙට (07) පැවැත්වීමට ද කැබිනට් රැස්වීමේදී තීරණය වී ඇතැයි දැනගන්නට තිබේ.

අය වැය නිසා අද කැබිනට් රැස්වීම පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි.



අදහස් (8)

සුරක්ෂා රක්ෂණය දී ඇති සමාගමේ ටෙන්ඩරය අවලංගු කරන්නැයි ජනපති නියෝග

p.salahudeen Thursday, 07 March 2019 02:23 AM

සුරක්ෂා තනිකර වංචාවක්. ජනාධිපතිතුමා හරි.

:       54       1

Sanjeewa Thursday, 07 March 2019 03:17 AM

මේක තනිකරම බොරුවක්. වන්දි ගෙවන්නෙ නැ . විවිධ හේතු කියලා මගහරිනවා.

:       43       1

himal Thursday, 07 March 2019 03:18 AM

යම් ටෙන්ඩරයක් අවලංගු කරනවා නම් ඒ නිසා එම සමාගම නඩු පැවරුවහොත් එහිදී ගෙවීමට සිදුවන අලාභය ජනපතිවරයා පුද්ගලිකව දරනවාද? නැතහොත් එයත් රටේ බදු මුදලින් ගෙවනවාද?

:       0       16

krishantha Thursday, 07 March 2019 03:19 AM

අවලංගු කරන්න බැරිනම් අලාභය ඇමතිගෙන් අයකරගන්න. හැබැයි එහෙම කිව්වම එය අනිත් අයගෙත් ෆයිල් අදිනවා කියාවි . හැම කිල්ලොටේම හුණු තියන එකනේ ගැටලුව .

:       3       0

wedage Thursday, 07 March 2019 03:28 AM

අකිලටත් ලොකු වරප්ප්‍රසාද ලැබෙනවා ඇති

:       4       0

රවින් Thursday, 07 March 2019 04:18 AM

ගණන් ගන්න එපා .

:       0       0

sena Thursday, 07 March 2019 05:46 AM

මේ විකාර දේශපාලන වැඩ නිසා රට එකතැන පල්වෙනවා

:       0       3

මුණසිංහ Thursday, 07 March 2019 10:17 AM

අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙන වංචා දූෂණ සොයන්න වෙනම කමිටුවක් දාන්න. ටැබ් , සුරක්ෂා , පෞද්ගලික පාසල් , ප්‍රධාන පෙලේ ජාතික පාසල්වලට ඇමතිගේ හිතවතුන් පත් කිරීම නිසා එය අවලංගු කිරීම, අවිධිමත් ගුරු ස්ථාන මාරු, පාසල් වලට හිතවතුන්ගේ ළමුන් ඇතුළත් කිරීම, පාසල්වලට කම්කරු ආදි පත්වීම් දීමේ දී කුරුණෑගලට පමණක් සීමාවීම හා සමහර පාසල්වලට 20 පමණ වූ පත්වීම් ලබා දීම වැනි දේ පිළිබදව සොයා බැලිය යුතුයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 567 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 494 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 423 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site