(සුජිත් හේවාජුලිගේ)
බන්ධනාගාර ගත රැඳවියන් 16,000කට කොවිඩ් මර්දන එන්නත දැනට ලබාදී ඇතැයි බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන් පුනරුත්ථාපනය කිරීම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පැවැසීය.
තවත් රැඳවියන් පන්දහසකට පමණ කොවිඩ් මර්දන එන්නත ලබාදීමට කටයුතු කරගෙන යන බවද හෙතෙම සඳහන් කළේය.
බන්ධනාගාර ගතව සිටින රැඳවියන් සංඛ්‍යාව 21,000කි.
මහනුවර බන්ධනාගාරයේ රැඳවියන්ට මොඩර්නා එන්නත ලබා දුන් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
රැඳවියන්ට එන්නත ලබාදෙන්නේ බන්ධනාගාරවල කොවිඩ් පැතිරීම වැළැක්වීමේ පියවරක් ලෙස යැයි බන්ධනාගාර ප්‍රධානීහු පවසති.
බන්ධනාගාර රැඳවියෝ දහසකට වැඩි පිරිසක් කොවිඩ් වයිරසයට මෑත කාලයේදී ගොදුරු වූහ.
COMMENTS
මෙතරම් කුඩා රටක මේ තරම් සිරකරුවන් ලෙඩවී ඇත්නම් රට පුරා ඉතා විශාල සිරකරුවන් සංඛ්‍යාවක් ඉන්නවා විය හැක. මෙය සමාජ විද්‍යාඥයන්ගේ අවධානයට යොමුවිය යුතු ඛේදනීය සමාජ ප්‍රශ්නයක් බව සිතුවාද? මෙය පරීක්ෂණකොට විසදුම් සෙවිය යුතු සමාජ ගැටළුවකි.