ජයන්ත සමරකෝන්

සිරකරුවන්ට ඡන්දය ප්‍රකාශ කිරිමට අවස්ථාවක් ලබාදෙන ලෙසට මැන්ඩාවුස් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා හෙට (9) ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කරන බව සිරකරු අයිතිවාසිකම් සුරැකිමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා මහතා පැවසීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 වන වගන්තියට අනුව ඡන්ද බලය අහිමි නොවූ එහෙත් සැකකරුවකු ලෙස හෝ දඬුවම් නියමව බන්ධනාගාරගතව ඇති ඡන්ද හිමි නාම ලේඛනයේ නම සඳහන් තැනැත්තන්ට තම ඡන්දය ප්‍රකාශ කිරිමේ අයිතිය පවතින බවටත් එම සිරකරුවන් අවුරුදු තුනකට අඩු සිරදඬුවම් විදින්නන් විය යුතු බවටත් මැතිවරණ කොමිසමෙන් මේ පිළිබඳ කරන ලද විමසුමකදී දැනුම් දී ඇතැයි ඒ මහතා කීය.