
(නිමන්ති රණසිංහ සහ ඡායාරූප ශාන්ත රත්නායක)
වැලිකඩ බන්ධනාගාර චැපල් වාට්ටුවේ වහලය මත නැග විරෝධතාවයේ නිරත සිරකරුවන්ගේ ඉල්ලීම් ඉටු කිරීමට තමන්ට හැකියාවක් නැතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
ඔවුන්ගේ එම ඉල්ලීම් සම්බන්ධයෙන් සලකා බැලිය යුත්තේ අධිකරණ අමාත්‍යාංශය සහ නීතිපති දෙපාර්තමේන්තුව පමණක් බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
තමන් ද නිදහස් කරන ලෙසට බල කරමින්.චැපල් වාට්ටුවේ රඳවා සිටින සිරකරුවන් 10 දෙනකු එහි වහලය මත නැග විරෝධතාවයක නිරත වන්නේ ඊයේ (20) පස්වරුවේ සිට
සුළු වැරදි සඳහා බන්ධනාගාර ගත කර සිටි රැඳවියන් 89 දෙනකු ඉකුත් 12 වැනි දාට යෙදී තිබුණු "සිරකරු දිනය" නිමිත්තෙන් ජනපති පොදු සමාව යටතේ නිදහස් කෙරුනි.
ඒ අනුව වැලිකඩ බන්ධනාගාරයේ චැපල් වාට්ටුවේ රැඳී සිටි සිරකරුවන් 10 දෙනකු බන්ධනාගාරයේ වහලයක් මත නැගී විරෝධතාවයක් ආරම්භ කළේ, ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වී සිටින තමන් ද නිදහස් කරන ලෙස බල කරමිනි.
උපවාසයේ නිරත සිරකරුවන් සමග සිද්ධියට අදාළව බන්ධනාගාර කොමසාරිස්වරයකු සාකච්ඡා කර ඇති අතර ඔහු පෙන්වා දී ඇත්තේ ඔවුන්ගේ ඉල්ලීම බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ඉටුකළ නොහැකි එකක් වන බවයි.
වහලයක් මත නැග විරෝධතාවයේ නිරත සිරකරුවන් 10 දෙනාට සහාය පළ කරමින් ඊයේ ( 20 ) රාත්‍රියේ වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් බහුතරයක් ආහාර වර්ජනය කර තිබුණු බවද බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.
මරණ දඬුවම සහ ජීවිතාන්තය දක්වා වූ සිරදඬුවමට ලක්ව සිටින සිරකරුවන් 1,500 ක් පමණ වැලිකඩ චැපල් වාට්ටුවේ රඳවා සිටින අතර ඔවුන්ගෙන් වැඩි පිරිසක් මත්කුඩු ජාවාරම්කරුවන් සහ දරුණු ඝණයේ අපරාධකරුවන් බව බන්ධනාගාර මූලස්ථානය සඳහන් කරයි.
වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින මුළු සිරකරුවන් ගණන 2,800 කට ආසන්න බව ද එම දෙපාර්තමේන්තුව පවසයි.
COMMENTS
සිරකරුවන් භාර ඇමති සිරකරුවන්ගේ හිසට පිස්තෝලෙ එල්ල කරන රටක ඔවුන් ගැන කවර කතාද? බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා සිරකරුවන්ගේ පුනරුත්ථාපනය පිලිබදව දීර්ගකාලීන වැඩපිලිවෙලක යෙදී සිටියා නමුත් පුනරුත්ථාපනය කියලා ලියන්නවත් දන්නේ නැති ඇමතිලාත් එක්ක දක්ශ රාජ්‍ය සේවකයෝ කොහොමද වැඩ කරන්නේ?
මරණ දඬුවම ලබා තියෙන අයට ඒක ලබා දෙන්න...
ඒ අය හරි. කවුද ආදර්ශය දුන්නේ මෙහෙම වෙනන
හරක් පාර්ලිමේන්තුවට ගොස් මිනීමරුවන්ව නිදහස් කරපු ඒවායේ ප්‍රතිඵලයි මේ... අසන්නට ඇත්තේ දැන් නුඹලාට සැපයිද හරකුනේ කියලා පමණයි...