IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


සිරකරුවකුට දීමට සූදානම් කර තිබූ ලක්ෂ 10ක හෙරොයින් සොයාගනී

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

මාතර මහාධිකරණයේ නඩුවකට ඉදිරිපත් කිරීම සදහා රැගෙන එමින් සිටි රක්ෂිත බන්ධනාගාර ගතව සිටින සිරකරුවෙකුට ලබා දීමට සූදානම් කර තිබු බව කියන රුපියල් ලක්ෂ 10ක් පමණ වටිනා හෙරොයින් මත් කුඩු තොගයක් සමග තිදෙනෙකු සැක පිට ප්‍රශ්නකිරීම සදහා අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස දූෂණ මර්දන ඒකකය පවසයි.

ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් මත් කුඩුග්‍රෑම් 57 යි මිලි ග්‍රෑම් 3180 ක් පොලීසිය සොයා ගෙන ඇත.

මෑත කාලයේ මාතර දිස්ත්‍රික්කයෙන් සොයා ගත් වැඩිම හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රමාණය මෙය බව පොලීසිය සදහන් කරයි.

මාතර පොලිසියට ලැබුණු තොරතුරක් මත විෂ මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකයේ  නිලධාරීන් කණ්ඩායමක් සිවිල් ඇදුමින් සැරසී දිනයක් පුරාවට මාතර අධිකරණ සංකීර්ණය ඉදිරිපිට රාජකාරියේ යෙදී තිබුණි.

ඒ අනුව සැක කටයුතු පුද්ගලයෙකු පරීක්ෂා කිරීමේදී ඔහුගේ කලිසමේ සගවා තිබු හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 57 යි මිලි ග්‍රෑම් 940 ක ප්‍රමාණය පළමුව සොයා ගෙන ඇත. මාතර තලල්ලේ පදිංචි 38 හැවිරිදි එම සැකකරු මත්ද්‍රව්‍ය බෙදාහරින ජාවාරම්කරුවකු බවත් ඔහු සහ බිරිද මීට පෙර මත්ද්‍රව්‍ය ළඟතබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව වසරකට ආසන්න කාලයක් රිමාන්ඩ් භාරයේ සිට ඇප ලබා පැමිණ තිබෙන බවද පොලිසිය කියයි.

ඔහුගේ මාමණ්ඩිය ද මත් කුඩු ජාවාරමට සම්බන්ධව මේ වන විට අගුණුකොල පැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින බවත් ඔහුට ලබා දීම සදහා වෙනත් සිරකරුවකු මගින් බන්ධනාගාරය තුලට මත්කුඩු යැවීමට සැලසුම්කර තිබෙන බවට සැක කරන බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

ඊට අමතරව සැක පිට අත්අඩංගුවට ගත් “කැරට්”හා “බීට්”යන අන්වර්ථ නම් වලින් හදුන්වන අනෙක් සැකකරුවන් දෙදෙනා මාතර හිත්තැටියේ හා බතූතාපාරේ පදිංචිකරුවන්ය.

ඔවුන් තිදෙනාගේ ම බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට කටයුතු කරන බවත් ප්‍රධාන සැකකරු රදවා තබා ගැනීමේ නියෝග යටතේ තබා ගෙන තව දුරටත් ප්‍රශ්නකරන බවත් පොලිසිය කියයි.

සැකකරුවන් මත්කුඩු ජාවාරමට යොදා ගත් බව කියන යතුරු පැදියක් හා ජංගම දුරකතනයක් ද පොලීසිය භාරයට ගෙන ඇත.



අදහස් (0)

සිරකරුවකුට දීමට සූදානම් කර තිබූ ලක්ෂ 10ක හෙරොයින් සොයාගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site