IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


සිරිකොත ගමට - නව වැඩසටහනක්


(අංජුල මහික වීරරත්න)
 
එක්සත් ජාතික පක්ෂයේ පූර්ණ ප්‍රතිසංවිධානය ඉලක්ක කර ගනිමින් සිරිකොත ගමට යනුවෙන් නව වැඩසටහනක් ඇරැඹූ බව එක්සත් ජාතික පක්ෂ මහා ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ලංකාදීපයට පැවැසීය.
 
මෙහි පළමු වැඩසටහන ලබන මාර්තු 10දා කළුතර දිස්ත්‍රික්කය පුරා පැවැත්වීමට නියමිත බවද මහ ලේකම්වරයා කීය.
 
එක්සත් ජාතික පක්ෂ නායක සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂයේ සියලුම නායකයන් මැති ඇමතිවරුන් මෙම ගමින් ගමට යන වැඩසටහනට සහභාගී වීමට නියමිතය.
 
මෙහිදී පක්ෂයේ ශාඛා සමිති, ලක්වනිතා, තරුණ සමිති ප්‍රතිසංවිධානය කරමින් දැවැන්ත ප්‍රතිසංවිධානයක් කිරීමට නියමිත බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා කීය.
 
සිරිකොත ගමට වැඩසටහන රට පුරා සියලු දිස්ත්‍රික්කවල සංචාරය කිරීමට නියමිත බවද මහලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

 



අදහස් (4)

සිරිකොත ගමට - නව වැඩසටහනක්

Bamunuarachchi Wednesday, 27 February 2019 02:16 PM

රටට මේ අවුරුදු 4 කරලා තිබෙන සංවර්දනය ගැන හිතලා ගම්වල මිනිස්සු සිරිකොතට ගල් ගහන්න ලැහැස්ති උනොත් මොන පාරට තාර දාලාද සිරිකොත බේරා ගන්නේ. වැඩේ පටන් ගන්න කලින් ඒ ගැනත් සිතන්න.

:       480       610

Nihal Wednesday, 27 February 2019 08:02 PM

සාර්ථක ගම්පෙරලියකින් ගම දියුණු උනාට ,තව තවත් .නියමයි ඇ

:       1       0

කැලුම් Wednesday, 27 February 2019 10:45 PM

ඕක කොළඹ තිබිලත් අපට ගමෙත් ඉන්න බැරිකොට ගමට ගෙනාවොත් ඉතින් අපි මුහුදට

:       0       30

සමනල්ලු ගමට Thursday, 28 February 2019 06:04 AM

යන්න කලින් කාර්පට් දාපු ගමන් නැවත හාරපු පාරවල් හදාගෙනම යන්න හොඳේ !

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 66 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 346 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site