(අංජුල මහික වීරරත්න)
තේ, පොල්, රබර් ඇතුළු සියලු බෝග සඳහා කාබනික පොහොර ආනයනය කිරීමට රජයේ පොහොර සමාගම් දෙකකට අද(16)සිට අවසර ලබාදුන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
මෙතෙක් කාබනික පොහොර ආනයනය කිරීමට අවසර ලබා දී තිබුණේ වී වගාව සඳහා පමණි. මේ අතර ඔක්තෝබර් මාසය වනවිට සියළුම බෝග වගාවන් සඳහා හිඟයකින් තොරව වෙළඳපොලෙන් පොහොර මිලදී ගත හැකිවන පරිදි පොහොර ආනයනයට පෞද්ගලික අංශයටත් අවස්ථාව ලබාදීමට ද පියවර ගන්නා බව ද අමාත්‍යවරයා කීවේය.
COMMENTS
මේකෙන් වෙන්නෙ ලෝකෙ හැමතැනම තියන විෂබීඡ ලෙඩරෝග කන්දරාව අපේ රටට සල්ලි දීලම ගේන එක තමයි.
මේවා මේ විදියට අවිධ්‍යානුකුලව කරනවානම් රටකට ශාක සත්ව නිරෝධානය කුමටද.?
කාබනික පෝරත් එක්ක විශබීජ ලෙඩරෝග එන එක වලක්වන්න ක්‍රමවේදයක් අනුගමනය කරනවද? නැත්නම් රටම විනාශයි.
වසර 2-3 කින් අපේ බෝග වලට රෝග මිලියන ගණනක් සහ නව දහස් ගණන් කෘමීන් හා දිලීර ඇති වේ.
කෘෂිකර්ම පිලිබඳ බහුශ්‍රැතයා. කියන දේ විශ්වාස කරමු. ලෙඩ රෝග වලට ඉන්පසුව මෙයාල ගෙනත් දෙන කාබනික කෘෂි රසායන ද්‍රව්‍ය පාවිච්චියට ගනිමු. කොහොමත් ඒවා කාබනික ද්‍රව්‍ය තමා.
විද්‍යාත්මක අවභෝදයක් නැති දේසපාලුවෝ බරපතල තීරණ අරගෙන කරන්න යන මේ මහා විනාසය ගැන සියලු විද්‍යාඥයන් වහාම හඬ අවදි කරන්න. ඒ අය දන්නවද වයිරස් දිලිර බැක්ටීරියා මයිකොප්ලාස්මා කියන්නේ කජු ඇටද කොස් ඇටද කියලාවත්. වහාම පෙරට එන්න නැත්නම් ඉදිරියේදී කියාවි උන්ට ඕව ගැන ඔබලා හරියට කිව්වේ නැහැ කියලා. ඔය ක්ෂුද්‍ර ජිවියොත් එක්ක අපිට දැනටමත් කරන්න වෙලා තියෙන හරියවත් ඒ අයට තේරෙන්නේ නැහැ.
පිටරට අසූචි කාබනික පොහොර කියලා මෙහෙට ගෙන්නන්නේ නැතුව හිටියනම් හොඳයි.
දැන් ඕකට ඩොලර් යන්නේ නැද්ද.?
කරන්න යන්නේ චීනේ තියෙන නාගරික අපද්‍රව්‍ය වලින් හැදූ බැරලෝහ සහිත කාබනික පොහොර ලේබල් ගහපු ජරාව ගෙන්වන්න.