(නිමල කොඩිතුවක්කු)
බෞද්ධ, හින්දු, කතෝලික, ඉස්ලාම් ආදි වශයෙන් වෙන වෙනම අමාත්‍යාංශ පවත්වාගෙන යනවා වෙනුවට පෙර පැවති ආකාරයට සියලුම ආගම් සඳහා එක් අමාත්‍යාංශයක් පත් කරන ලෙසට මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ අද (14) රජයෙන් ඉල්ලීමක් කළහ.
එමෙන්ම ආගමික හෝ ජාතියක නමක් සහිත දේශපාලන පක්ෂ තහනම් කළ යුතු බව ද අගරදගුරුතුමෝ සඳහන් කළහ.
බොරැල්ල අගරදගුරු මැදුරේ පැවති මාධ්‍ය හමුවකදී අගරදගුරුතුමෝ මේ බව පැවසූහ.
එමෙන්ම රට තුළ හටගෙන ඇති ගැටුම්වලට දේශපාලන පක්ෂවල ප‍්‍රාදේශීය මට්ටමේ නායකයන් සම්බන්ධ බැවින් තමන්ගේ ගෝල බාලයන් පාලනය කරගන්නා ලෙස දේශපාලන පක්ෂ නායකයින්ගෙන් ඉල්ලා සිටින බවත් අගරදගුරුතුමෝ පැවසූහ.
පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවී දින 20කට වඩා ගතවූ අවස්ථාවේදී බුද්ධිමත් පුරවැසියන් ලෙස ආරක්ෂක අංශවලට සහාය දක්වනවා මිස නීතිය අතට ගෙන කටයුතු කිරීම සුදුසු නොවන බවත් එතුමෝ වැඩිදුරටත් කීහ.
රටේ සංස්කෘතියේ කොදු නාරටිය බුද්ධ ධර්මය බවත් බුද්ධ ධර්මයේ හැසිරීම අනිත් ආගම් වලට ආශිර්වාදයක් බවත් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.
බුද්ධ ධර්මයෙන් සංස්කෘතිය පෝෂණය වන රටක ජීවත් වීමට ලැබීම පවා වාසනාවක් බවත් පැවසූ අගරදගුරුතුමෝ සෙසු ආගම් ඒ පිළිබඳ අවබෝධයෙන් කටයුතු කළ යුතුව ඇතැයිද සඳහන් කළහ.
‘‘පාස්කු ඉරිදා පාහාරය සිදුවී දින 20කට වඩා ගතවූ අවස්ථාවේදී බුද්ධිමත් පුරවැසියන් ලෙස අපි ඒ කටයුතු වලට සහාය දක්වනවා මිසක් නීතිය අතට අරන් කටයුතු කිරීම සුදුසු වන්නේ නැහැ. රට තුළ හටගෙන ඇති කලබලකාරි වාතාවරනය තුනී කර ගැනීමට තමයි දැන් හැම උත්සාහයක්ම ගන්නේ.
මේ ප‍්‍රශ්නය පිලිබඳ හරියාකාරව තේරුම් ගන්න බැරි අයට මත්පැන් පොවලා ඒ අයව මේ කටයුතු වලට සම්බන්ධ කරන සමහර අය ඉන්නවා කියලා දැන් අපිට පෙනී ගෙන යනවා.
මේ පිරිස් අතර විවිධ දේශපාලන පක්ෂවල ප‍්‍රදේශීය මට්ටම් වල නායකයන් ඉන්නවා කියලා අපිට දැනගන්න ලැබිලා තියෙනවා. තමන්ගේ ගෝලබාලයින් පාලනය කරන්න කටයුතු කරන්න කියලා ඒ දේශපාලන පක්ෂවල නායකයින්ගෙන් මම ඉල්ලීමක් කරනවා.
තමන්ගේ ගෝලබාලයින්ට බීමත් කමින් නීතිය අතට අරගෙන ඉස්ලාම් ජනතාවගේ ආගමික ස්ථානවලට, කඩ සාප්පු වලට පහර දිලා ඒක වීරකමක් ලෙස සැලකීමෙන් වළකින්න කියලා මම ඉල්ලා සිටිනවා. ඒ වගේ කාඞ්බෝඞ් වීරයෝ අපේ ලංකාවට අවශ්‍ය නැහැ.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත වෙසක් උත්සවය, රාමසාන් උත්සවය ආදි උත්සව වල ඒ ඒ ආගමිකයන්ට නිරත වෙන්න ඉඩදිලා හැකි ඉක්මනින් මේ රට සාමාන්‍ය තත්වයට ගෙන ඒමට ඉඩ දෙන්න කියලා මම ඒ සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.
මේ වෙලාවේදී හැඟිම් වලට යට වෙලා එක එක්කෙනා කියන කරන දේ වලට ඇවිස්සිලා සාමය කඩකිරීමේ ක‍්‍රියාදාමයට යන්න එපා කියලා මම විශේෂයෙන්ම සියලූ දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.
මේ තතත්වය අපි පාලනය කර ගත්තේ නැත්නම් අපේ රට හුඟාක් ව්‍යාකූල තත්වයකට පත්විය හැකියි.’’ යැයිද අගරදගුරුතුමෝ එහිදී පැවැසූහ.
(ඡායාරූප - ඉෂාන් සංජීව)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමා කියන දේ හරි... ඔය ගෝලබාලයෝ තමයි මේ දේවල් කරන්නේ. නියම දේශප්‍රේමීන් නම් මේ වෙලේ මේ ආණ්ඩුවට විරුද්ධවයි පාරට බහින්න ඕනේ. විපතට පත් වූ අය තාම ඉන්නේ වේදනාවෙන් සහ කම්පනයෙන්. ඒ අය මේ විදිහට හැසිරෙන්නේ නැහැ.
ඉතාම හොඳ ඉල්ලීමක්...
මෙන්න කරනවා නම් නියම වැඩ... හැබැයි අපේ උන්දැලා නම් මෙව්වා කරනවා බොරු..
ගොඩක් හොඳ අදහසක්...
ඉතාමත් අනර්ඝ යෝජනාවක්... මෙය තමයි වියයුතු වන්නේ... ආගමික, ජාතික සංහිඳියාව ඉබේම හැදෙයි.
ඔබතුමාගේ යෝජනාවට සියයට දහස් වාරයක් එකඟයි. එම අමාත්‍යවරයාට උපදෙස් දීම සඳහා උගත්, බුද්ධිමත් , දේශපාලකයන්ට කඩේ නොයන, ජනතා විශ්වාසය දිනාගත්, පෞද්ගලික වරප්‍රසාද ලබානොගත් සහ ලබා නොගන්නා ස්වේච්ඡාවෙන් කටයුතු කරන රටේ අනාගතය ගැන හිතන මණ්ඩලයක් පත් කළ යුතුයි.
සැබෑවටම මෙතුමන් අපේ කාලයේ දාර්ශනිකයෙකි. බණ පදයක් ඇසුවා හා සමානව මානව සංහතියේ යහපැවැත්ම අපේක්ෂිත උන්වහන්සේගේ චින්තනය අපේ සිත් සනහාලයි...
ඔය වගේ රටට වැදගත් යෝජනා කිසිවක් මේ සක්කිලි දේශපාලුවන් කනකට ගන්නේ නෑ කාදිනල්තුමනි... එතකොට කොහොමද තක්කඩි දේශපාලුවන් තව ටිකකට ඇමතිකම් දෙන්නේ? සුළු ජාතික ඡන්ද හිඟා කන්නේ? මේ ගැටුම් සේරම ආණ්ඩුවේ සැලසුම් සහගත වැඩ... ආණ්ඩුවේ රතු තොල් කල්ලිවල තවතව සෙල්ලන් එයි. ඉස්සරහට සිංහල මිනිස්සු ජාතිවාදියෝ කියලා හංවඩු ගහන්න, ඡන්ද කල් දාන්න, දේශද්‍රෝහී යෝජනා සම්මත කරගන්න, ඇමරිකානු හමුදාවට රටට එන්න දෙන්න වගේ තව දේවලට...!
හොඳ අදහසක්...
ඉතා වටිනා අදහසකි. ආගම්, ජාති භේදයෙන් තොරව එකම ශ්‍රී ලංකික ජාතියක් ලෙස සිතන්නට, ක්‍රියා කරන්නට අඩිතාලමක් දැමීම අවශ්‍ය වී ඇත. සිංගප්පූරුව මැනවින් මෙලෙස ක්‍රියා කරමින් චීන-මැලේ-දමිල සහ වෙනත් ජාතීන් "සින්ගප්පූරීන්" ලෙස එක්ව කටයුතු කිරීමට පදනම දමා දියුණුවට පත්ව පළමු ලොකයේ දියුණුම රටක් බවට ඉතා කෙටිකලකින් පත්ව ඇත...
සියළු ආගම් තහනම් කරන එක තමයි විසඳුම. ආගම අවශ්‍ය අය ඒක තමුන්ගේ ගේ ඇතුලෙදි අදහගන්න. අනික් මිනිස්සුන්ට වදයක් නොවී.
ඒක කරන්න බැහැ කාදිනල්තුමනි. ඔබ වහන්සේම පිළිගන්නවා බෞද්ද ආගම මේ රටේ ප්‍රධාන ආගම බව. මේක සිංහල බෞද්ධ රටක්.. එමනිසා බෞද්ධ ආගමේ පැවැත්මට කළයුතුදේ බොහොමයි. එමනිසා බෞද්ධ අමාත්‍යාංශයක් අපිට වෙනම ඕනේ...
මේ වගේ කාලින වැදගත් යෝජනා ක්‍රියාත්මක කිරීමට දැන්වත් පාලකයින්ට ඇස් පෑදේවා..!!!
අගරජගුරු තුමාගේ අදහස් හා යෝජනා අති විශිෂ්ටයි. ඒ වුනාට අපේ දේශපාලකයින් ඒවාට කොහෙත්ම කැමති නැති බව අපට විශ්වාසයි. ඉදිරි මැතිවරණයකදී මේ 225 එලවා දමා රටට ආදරය කරන නව නායකත්වයක් පත් කර ගනිමු.
ඒ ඉල්ලීම මුළුමනින්ම සාධාරණයි, එකඑක ජාතීන්ට හෝ ආගම්වලට වෙනම අමාත්‍යාංශ දීමෙන් රජය රටේ බෙදීමක් ඇති කරනවා. බෙදුම්වාදය පතුරනවා. එපමණක් නොවෙයි, පළාත් සභා වෙනමම තිබියදී, මහා ආණ්ඩුවෙන් එකඑක පළාත් වල එකඑක විෂයන් සඳහා අමාත්‍ය තනතුරු ඇතිකිරීමත් අනවශ්‍යයි. එමගින් රටේ විවිධ කොටස්වලට එක එක හැන්දෙන් බෙදන බව ඔප්පු වෙනවා.
අනිවාර්යයෙන් ක්‍රියාත්මක කළයුතු ඉතාම ප්‍රශස්ත තීරණයක්...
ඉතාම කාලෝචිත යෝජනාවක්...
බලන්න මොන තරම් වටිනා කතාවක්ද? ඇයි හාමුදුරුවනේ ඔයාලට ඔය ටික කියාගන්න බැරි... බෞද්ධයකු වශයෙන් මට මොනතරම් දුකක් ඇති වුණාද?
ඔබතුමාගේ වටිනා ප්‍රකාශයන්ට මගේ ප්‍රණාමය පුදකරමි.
මොනතරම් කාලෝචිත ප්‍රකාශයක්ද මැල්කම් රන්ජිත් පියතුමා ප්‍රකාශ කළේ. මම හිස නමා අාචාර කරනවා පියතුමාට...
ඉතා හොඳ කාලෝචිත යෝජනාවක්, ස්තුතියි
ඔබතුමා මිනිසුන්ට මග පෙන්වන්නෙක්...
එහෙම කරනවා නම් හුඟක් හොඳයි. මොකද දැනට ඉන්න බුද්ධ ශාසන ඇමති පෙන්දෙක්නේ...
ඉතා හොඳ ඉල්ලීමක් රදගුරුතුමනි
හරියට හරි. ඉස්සර එහෙම තමයි තිබුණේ...