(අජන්ත කුමාර අගලකඩ)
සියලුම පළාත් සභාවල මැතිවරණ ලබන මැයි මස 31 වැනිදාට පෙර එකම දිනයකදී පැවැත්විය යුතු බවට යෝජනාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද (29) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරනු ලැබීය.
ජනාධිපතිවරයා විශේෂ කැබිනට් සංදේශයක් ලෙස ඒම යෝජනාව ඇමැති මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබිණි.
දැනට නිල කාලය අවසන් වී ඇති පළාත් සභාවල සහ නිල කාලය අවසන්වීමට නියමිතව ඇති පළාත් සභාවල මැතිවරණය මැයි මස 31 වැනිදාට පෙර එකවර පැවැත්විය යුතු බවට සහ පැරණි අනුපාත ක්‍රමයට ඡන්දය පැවැත්විය යුතු බවට ද එමගින් යෝජනා කර ඇත.
මේ අතර පළාත් සභා මැතිවරණය සඳහා නාමයෝජනා බාරදිමේදී අපේක්ෂක ලැයිස්තුවේ කාන්තා නියෝජනය 25% ක් විය යුතු බවද ජනාධිපතිවරයා සිය යෝජනාවෙන් ඉදිරිපත් කර ඇත.
ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද එම කැබිනට් සංදේශය ලබන සතියේදී සාකච්ඡාවට ගැනීමට නියමිතය.
සබරගමුව,නැගෙනහිර සහ උතුරු මැද යන පළාත් තුනේ නිල කාලය ඉකුත් 2017 වසරේ සැප්තැම්බර් මාසයේදී අවසන් වුණ අතර මධ්‍යම,වයඹ සහ උතුරු යන පළාත් සභා තුනේ නිල කාලය ඉකුත් වසරේ සැප්තැම්බර් මාසයේ අවසන් විය.
දකුණු පළාත් සභාවේ නිල කාලය ලබන අප්‍රේල් 10 වැනිදා ද , බස්නාහිර පළාත් සභාවේ නිල කාලය ලබන අප්‍රේල් අගදී ද , ඌව පළාත් සභාවේ නිල කාලය ලබන ඔක්තෝබර් මාසයේදී අවසන් වීමට නියමිතව ඇත.
COMMENTS
හොඳ යෝජනාවක් ශ්‍රී .ලං.නි.පක්ෂය නේද පැරණි ක්‍රමයට පළාත් සභා ඡන්දය පවත්වනවාට විරුද්දව සිටියේ. දැන් එහෙමනම් ප්‍රශ්නය නිරාකරණය වුණා
අපි අපේ වටිනා ඡන්දය ඉතා බුද්ධිමත්ව භාවිතා කරමු!
එජාප ය ඕක අනුමත කරන්නෑ. මොනවා හරි කිය කිය මඟහරිනවා විශ්වාසයි.
මේක මේ පවතින තත්වය පාලනය කරන්න ගෙනාපු උගුලක් වෙන්න බැරි නැහැ.
අපි දැන් වයසට ගිහිල්ලා. අනේ තරුණ ළමයිනේ උගත්තු සොයලා පළාත් සභාවට එවන්න. නැත්නම් අපේ අතීතය වගේ ඔබලාගේ අනාගතය ඔබලම තමයි විනාශ කරන්න උදව්කරන්නේ. ඔය 50 හට වැඩි අය ගෙදර යවන්න. පෙබරවාරි 4, කාටද නිදහස ලැබුනේ. 1956 ඉඳලා කරපු වින්නැහිය අද තවමත් ඉදිරියටම කෙරෙනවා.
ජනාධිපතිවරයාට තිබෙන්නේ පළාත් පළාත් සභා මැතිවරණය ලංකාව පුරා එකවර පැවැත්වීමට කටයුතු කිරීම නොව කෝටි ගණනින් මුදල් විනාශ කරන රටටත් වැඩක් නොමැති මහජනයාටත් සේවයක් නොමැති වසර 30 කට පෙර පිහිටුවන ලද පළාත් සභා ක්‍රමය ඉදිරියටත් පවත්වාගෙන යනාවාද කියා ජනමත විචාරණයක් පවත්වා රටවැසියාගෙන් දැනගන්න
මොනවද ඔට්ටු එජාපය මේක සම්මත කරන්න ඉඩ දෙන්නේ නැහැ. ඡන්දයට බයේ ඡන්ද කල් දැමීම ප්‍රජාතන්ත්‍රවාදය නම් වේ
පලමුව,පළාත්සභාවල, මැතිවරණය, දෙවනුව මහා මැතිවරණය, අවසානයට ජනාධිපති මැතිවරණය...එජාප අය වෙව්ලනවා ඇතිනේ...
මොකටද ඔච්චර හදිස්සි ඡන්ද තියන්න? ඊට වඩා කරන්න තියෙනවා.
වෙසක් පොසොන් ළඟ නිසා හොඳට වියදම් කරලා දන්සැල් දෙයි ඡන්දේ ඉල්ලන කට්ටිය.
මේ කුඩා රටට පළාත් සභා පවත්වා ගෙන යාමත් සම්පත් නාස්තියක්. අනේ ඔය පළාත් සභා අහෝසි කරලා දමන්න බැරිද?
පළාත් සභා මැතිවරණයට සෑම පක්ෂයකින්ම රැකියා විරහිත උපාධිධාරීන් ඉදිරිපත්කරන්න. උපාධිධාරීන් පමණක් ඉදිරිපත් කල විට දැනට වඩා හොඳ සේවයක් කෙරේවි. රැකියා විරහිත උපාධිධාරීන් කොටසගේත් රැකියා ප්‍රශ්නය විසදෙනවා. ඒ වගේම ඔය උපාධිධාරීන් අතර දේශපාලන විද්‍යාව ආණ්ඩුක්‍රම රාජ්‍ය පරිපාලනය ආර්ථික විද්‍යාව ආදී දේශපාලනයේදී වැදගත් වන විෂයන් හැදෑරු අය සිටිනවා. වඩා පලදායක සේවයක් ස්ථිරයි.
ඇයි මේ යෝජනාව අවුරුද්දකට කලින් ගෙනාවේ නැත්තේ? ආණ්ඩුවට නෙවේ මහා ජනතාවට ඕන විදියට රට පාලනය කරන්න
මේක මහින්දගේ බලපෑමක්...
‘සියළු පළාත් සභා ඡන්ද මැයි 31ට පෙර පැවැත්වීම“ = “මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට නියමිත මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම“ සමීකරණය ඔප්පු කරන්නයි මේ හදන්නෙ.
කිසිම දේශපාලන පක්ෂයක් හෝ කිසිම රට වැසියෙක් පළාත් සභා වලට විරුද්ධ නොවන්නේ අැයි..? පළාත් සභා පිහිටවුවේ කාගේ වුවමනාවටද? ඉන් රටට වන යහපත කුමක්ද? ප්‍රමාණයෙන් ඇති විශාල වෙනත් රටවල බොහෝ විට ඒ ප්‍රාන්ත රාජ්‍යයක් අපේ ලංකාව මෙන් කීප ගුණයක් විශාලයි. මේ කුඩා දිවයිනට පළාත් සභා කිසිසේත්ම අවශ්‍ය නොවේ. ජනතා කැමැත්තෙන් තොරව පිහිටවනලද මේ පළාත්සභා තවදුරටත් අවශ්‍යද යනවග විමසීමට ජනමත විචාරණයක් පවත්වා නිගමනයකට පැමිණිය යුතුයයි මම යෝජනා කරමි..
දැන් මෙයා රාජපක්ෂලා ගහන ගහන පදේට 18 වන්නමටත් එහා නටනවා 62 දෙ ලක්සේ පවු .
මරණ දඩුවම් චන්ද හෙට කියයි කවුද කිවුවේ පත්තරෙන් දැක්කේ කියලා
බොරු කියලා ලෝකවාර්තාවක් තිබ්බ ලෝක නායකයා ගේ නොබෙල් තෑග්ගට හිමියා මෙයාටද ?
මහින්ද නූල නටවනකොට මෙයාව නැටවෙනවා..
බඩට නැති උනත් ලුණු කැඳ අපට ඕනිමයි කතිරය ඒකයි ඉහලම ආතල් එක ඕයි... සියලුම මැතිවරණ එක පත්‍රිකාවකින් එක දිනයකින් පවත්වා මේ සා ජාතික ධනයක් විනාශවීම නැවැත්වීමට හැකි බුද්ධියක් ඇති පාලකයෙකු පහලවන තුරු බලා සිටිමි...
ඉස්සර නම් කිව්වේ පරන ක්‍රමේ එපා අලුත් ක්‍රමේ ඕන කියලා මේ යන එන මන් නැති ශ්‍රිලනිපය සහ එහි නායකයා. දැන් අායෙත් වෙනස් වෙලා. මේ ශ්‍රිලනිපය දේශපාලනයෙන් එලවලා දාන්න ඕන ප්‍රතිපත්තියක් නැති නිසා
අපි සියලුම දෙනා එකාවන්ව එකතුවී අපිට මේ පළාත් සභා ඡන්දය වර්ජනය කරන්න පුලුවන්නම් පැහැදිලි පණිවිඩයක් ආණ්ඩුවට මෙන්ම සියලුම දේශපාලකයෝන්ට දෙන්න පුළුවන්. නමුත් නොවෙනා දෙයම එයයි. මෙය සල්ලි වනසන සුදු අලියෙක් විතරමයි. මේ කුඩා රටට මෙතරම් ජනතා නියෝජිතයෝ අනවශ්‍ය බව කව්රුත් පිලි ගන්නවා. දේශපාලකයන්ගේ පැවැත්මට ඒ නරුමයන් මෙය අවශ්‍ය බවට හගවමින් අපේ ඊරි මාංශය උරා ගනිමින් යහතින් වැජබෙනවා. පළාත් සභා අනවශ්‍ය යැයි සිතන උදවිය මෙයට තම අදහස් ලියන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා.