පාකිස්තානයේ සියල්කොට්හිදී ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාර මහතාගේ පවුලට සියල්කොට් ව්‍යාපාරික ප්‍රජාව ඇමෙරිකානු ඩොලර් 100,000ක මුදලක් පරිත්‍යාග කර ඇත.
පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කර තිබේ.
පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් නිකුත් කළ ට්විටර් පණිවුඩයේ මෙසේ ද දැක්වේ.
“ප්‍රියන්ත කුමාර මහතාගේ බිරිඳගේ ගිණුමට ඇමෙරිකානු ඩොලර් 100,000 මුදලක් පරිත්‍යාග කළ සියල්කොට් ව්‍යාපාරික ප්‍රජාවට මම කෘතඥ විය යුතු යි. එමෙන්ම රාජ්කෝ ඉන්ඩස්ට්‍රීස් ආයතනය ඇයගේ ගිණුමට මාසික වැටුප (ප්‍රියන්ත කුමාර) ඇමෙරිකානු ඩොලර් 2000ක් යවා තිබෙනවා. ඔවුන් වසර 10ක් යන තෙක් මෙම මුදල ඇගේ ගිණුමට යවනවා.”
COMMENTS
Reply To:
-
අපේ තාත්තාවත් පාකිස්තානයේ ජොබ් එකකට අරින්න හිතෙනවා.
වරද නිවැරදි කරගන්න උත්සාහ කරන මිනිස්සු.අපේ රටේ ඉන්නේ වැරදි කරලා ඒවා නිවැරදි වගේ පෙන්නන්න හදන එවුන් නේ
හොඳ වෙලාවට ප්‍රියන්ත කුමාර මහතාගේ බිරිඳගේ ගිණුමට මේ මුදල් යවන්නේ. එහම නැතුව ආණ්ඩුව හරහා එනවා නම්, එතනත් ගසා කෑම තමා.
සල්ලි දුන්නට ළමයින්ට තාත්තා කෙනෙක් නැහැනේ
තව කසාදයක් කරගන්න පුලුවන්නේ
බලාගෙන රාජපක්ෂලාගේ පවුලේ අය ඕකෙනුත් කොමිස් ගහන්න බැරි නැහැ. පරිස්සමින්, රාජපක්ෂ කම්බ හොරු... සුනාමි ආධාරවලිනුත් හොරාකාපු අයනේ...
ෆෙයාරූස්ගේ කමෙන්ට් එක ඇරෙන්න අනිත් සේරම එලොවටත් නැති මෙලොවටත් නැති කමෙන්ට්ස්