
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව සිටි 656ක් සුවය ලබා අද(08) පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කළ දෛනික නිවේදනයේ දැක්වේ.
ඒ අනුව, සුවය ලැබූ සමස්ත ආසාදිතයන් ගණන 40,317කි. එම අගය ප්‍රතිශතයක් ලෙස 84.8%කි.
දෙසැම්බර් 26 වැනි දින සිට මේ දක්වා වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් සුවය ලබා පිටව ගොස් ඇත්තේ ජනවාරි 1 වැනිදාය. එම ගණන 826කි. දෙසැම්බර් 14 වැනිදා සිට 500ට වැඩි පිරිසක් ආසන්න වශයෙන් දෛනිකව පිටව ගොස් ඇත.
ජනවාරි මාසයේ සෑම දිනකදීම 400ට වැඩි පිරිසක් සුවය ලබා පිටව ගොස් ඇතැයි වාර්තා වී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ නිල වෙබ් අඩවිය සඳහන් කරයි.
ලෝකයේ කොරෝනා ආසාදිතයන් සුවය ලැබීමේ අනුපාතය 71.8%කි.
මේ වනවිට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන ආසාදිතයන් ගණන 46,780කි. එය ප්‍රතිශතයක් ලෙස 14.7%කි.
කොරෝනා ආසාදනය වීමෙන් 222දෙනෙකු මියගොසිනි.
COMMENTS
ඔය අපේ ධම්මික පැණිය බීලා වෙන්න ඇති.