(චන්ද්‍රසේන ගමගේ)

වීරකැටිය පෞද්ගලික ඇඟළුම් කම්හලක සේවකයන්ට සයිනොෆාම් එන්නතේ දෙවැනි මාත්‍රාව දුන් සේවකයන් 50 දෙනකුට පමණ ආසාත්මික තාවයක් නිසා වීරකැටිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බව සෞඛ්‍ය අංශ පවසයි.

එන්නත ලබා දීමෙන් අනතුරුව සේවකයන් පිරිසකට වමනය කැරකිල්ල හා ක්ලාන්ත ගතිය ඇති වීමෙන් අනතුරුව එම සේවකයින් රෝහල් ගත කොට තිබේ.

රෝහලට ඇතුළත් කළ ඇඟළුම් සේවකයින් ගේ තත්වය බරපතල නොවන බවත් ප්‍රථිකාර ලබා දීමෙන් අනතුරුව පිරිසක් රෝහලෙන් පිටව ගොස් ඇත. තවත් පිරිසක් නේවාසික ප්‍රතිකාර ලබන  බව වීරකැටිය ප්‍රාදේශීය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිළධාරී තුෂාර චිමන්ද මහතා පැවසීය.

මෙම තත්වය ලබා දුන් සයිනොෆාම් එන්නත නිසා ඇති වූ සංකූලතා තත්වයක් නොවන බවත් සමහරුන්ට මෙවැනි අසාත්මික තත්වයන් ඇති විය හැකි බවත් වෛද්‍ය තුෂාර චමින්ද මහතා පැවසීය.