
(ටී.කේ.ජී.කපිල)
ශ්‍රී ලංකාවේ එන්නත්කරණය සදහා චීනයෙන් මිළදී ගත්, රට නිෂ්පාදිත " සයිනොෆාම් " එන්නත් ,තවත් මාත්‍රා ලක්ෂ 40 ක් (මිලියන 04 ) බෙයිජිං නුවර සිට , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් මගින් අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ආ බව ගුවන්තොටුපොළ ආරංචි මාර්ග කියයි.
එන්නත් මාත්‍රා ලක්ෂ 40 ක් ශ්‍රී ලංකාවට ගෙන ආ දෙවන අවස්ථාව මෙයයි .
මෙම එක් එන්නත් බදුනක් තුළ එන්නත් මාත්‍රා 05 ක් අසුරා තිබීම නිසා , එන්නත් බදුන් ලක්ෂ 08 කින් සමන්විත මෙම එන්නත් ලක්ෂ 40 ක තොගය එක් ගුවන් යානයකින්ම එකවරම ප්‍රවාහනය කිරීමට හැකි වී තිබේ .
කිලෝ ග්රැම් 16,214 ක් බරැති මෙම එන්නත් පෙට්ටි 41 ක් තුළ අසුරා තිබුණි .
ගුවන් යානයෙන් පිටතට ගත් එන්නත් තොගය,ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ අංශයේ ශීතකරණ තුළ තැන්පත් කිරීමට පියවර ගෙන තිබුණි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝවිඩ් වලින් වැටුණු රටවල් වලට ලැබෙනා විශාල මුදල් ආධාර අප රටටත් ලැබුණා. ඊට පෙර තවත් ආධාර ලැබුණා. ඇයි චීන එන්නත්ම ගෙන්නන්නේ. ඇයි ෆයිසර් ගෙනැවිත් මේ රටේ මිනිස්සුන්ට විදින්නට බැරි? කෙසේ හෝ මේ රටේ දේශපාලකයින්ගේ වුවමනාව චීනයට ගැති, මිනිසුන් පිරිසක් මේ රටේ බිහිකිරීමයි. එසේ වෙනවිට, චීනාගේ හතුරන් වන ලෝක බලවතුන් අප හා අමනාප වෙන බව සිතීමට මේ අයට සිතීමේ ශක්තියක් නැහැ. පැත්තකට බර නොවී මැදි පිළිවෙතක් අනුගමනය කරන වැඩපිළිවෙළක් තමයි අපට අවශ්‍ය වන්නේ. ඒත්, එය සිහිනයක් පමණයි.
කෝ මේ ''ඇමති චන්න"", මේවා බාරගන්න එයා දැන් එන්නෙ නැද්ද? ෆොටෝ ශූට්, වොයිස් කට් එහෙම දැන් නැද්ද......
මේක සල්ලි වලට ගත්ත එකක්.