
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 43 ක් අත්අඩංගුවට ගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පැවසීය.
ඩෙල්ෆ් ප්‍රදේශයට ආසන්න මුහුදු සීමාවේදී ධීවර යාත්‍රා හයක ඉන්දීය ධීවරයන් මෙසේ අත්අඩංගුවට පත්වූ බව කී නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා එම ධීවරයන් සහ යාත්‍රා මයිලඩි ධීවරවරායට රැගෙන ඒමෙන් පසුව ඉදිරි විමර්ශන ක්‍රියාත්මක කරන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් සඳහන් කළේය.
COMMENTS
ඉන්දියානු දමිළ චිත්‍රපටිවල පෙන්වන අයුරින් බලහත්කාරකමින් වැඩකරන එක මේ අයගේ පුරුද්ද... උතුරේ දමිළ ධීවරයින් වුණත් දන්නවා. එක භාෂාව කථාකළද මේ අය ශ්‍රී ලාංකික දමිළ වන ඔවුන් ගැන හෝ මුහුදගැන කිසි හැඟීමක් නැති බිහිසුණු පුද්ගලයින් කියලා. මෙච්චර රට ණයවෙලා තියෙද්දී ඉන්දියාවට ඉඩදෙන්න වෙලා තියෙන්නේ ඔවුන් සමග හරි විදියට කෙලින් කථා කිරීමට හැකි වෘත්තීය හැකියාවක් අපේ පාලකයින්ට නැති නිසයි. අපේ අය දන්නේ හොරකම් කරලා ජනතාව පිටින් දාලා ණය ඉල්ලන්න විතරයිනේ...