( පාලිත ආරියවංශ )
බදුල්ල, පස්සර පාරේ 3 කණුව ප්‍රදේශයේ පදිංචිව පුද්ගලයෙකු පිහියකින් කපා කොටා ඝාතනය කළ බවට සැක පිට ඔහුගේ බිරිඳ අද (26) අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලීසිය පවසයි.
පෙරදින (25) රාත්‍රීයේදී මෙය සිදුවී ඇතැයි පොලීසිය සඳහන් කළේය.
මෙසේ ඝාතනය වී ඇත්තේ විශ්‍රාමික ලංගම සේවකයෙක්වූ ඩබ්ලිව්.එම්. මහින්ද නැමැති 65 හැවිරිදි අයෙකි.
මිය ගිය පුද්ගලයගේ බිරිය කලබලයෙන් නිවසින් පිටව යනු දුටු අසල්වැසියෙක් නිවසට ගොස් බැලීමේදී බරපතල කැපුම් තුවාල සහිතව වැටී සිටී මෙම පුද්ගලයා සිටිනු දැක, සුව සැරිය ගිලන් රථයකට දැනුම් දී රෝහල් ගත කර ඇතැයි ද අනතුරුව ඔහු මරණයට පත්ව ඇතැයිද පොලීසිය සඳහන් කරයි.
මෙම යුවළට දරුවන් නොමැති අතර ඔවුන් දෙදෙනා පමණක් මෙම නිවසේ ජීවත්ඇති බවද විමර්ශන වලදි අනාරවණ වී තිබේ.
සැකකාර බිරිඳ නිවසට කිලෝමීටර් 4 පමණ දුරින් පිහිටි වේවැස්ස මාර්ගයේ තනිවම ඇවිද යමින් සිටියදී පොලිස් අත්අඩංගුවට පත්ව ඇති අතර ඇගේ ගෙලෙහිද කැපුම් තුවාල තිබීම හේතුවෙන් ඇය රෝහල්ගත කර තිබේ.
2025 නොවැම්බර් මස 04
695
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2366
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1734
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සැමියා ඝාතනය කළ බිරිය අත්අඩංගුවට