IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


සිම්බාබ්වේ රන් ආකාරයක ගිලී 23 ක් මරුට

 
සිම්බාබ්වේ නීතිවිරෝධී ලෙස පවත්වාගෙන ගිය රත්තරන් පතලක සිටි පුද්ගලයන් 23 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 
හරාරේ අගනුවර සිට කිලෝමීටර් 145ක් නිරිත දිගින් පිහිටි ප්‍රදේශයේදී මෙම අනතුර සිදු වී ඇත.
 
ප්‍රදේශයේ ඇති වූ ගංවතුර තත්ත්වය  පතලට බලපෑම නිසා අනතුර සිදුව  ඇති බව වාර්තා වේ.
 
පොම්ප භාවිතා කරමින් පතලේ වතුර ඉවත් කිරීමට කටයුතු කරන බවත්, මළ සිරුරු සොයා ගැනීම සිදු කරන බවත් දිස්ත්‍රික් පරිපාලකවරයා පැවසුවේය.
 
මෙසේ නීතිවිරෝධී ලෙස පතල් පවත්වාගෙන යාම බහුලව දක්නට ලැබෙන බව ඔහු පැවසුවේය.
 
පසුගිය වසරේ සිම්බාබ්වේහි  රන් ටොන් 33 ක් නිපදවා ඇති අතර එම නිෂ්පාදනයෙන් 60%ක් නිපදවා ඇත්තේ නීති විරෝධී පතල්කරුවන් ඇතුළු කුඩා ප්‍රමාණයේ රත්තරං නිෂ්පාදකයන් බව වාර්තා වේ. 
 
 
(රොයිටර් ඇසුරෙනි) 
 
(63226)



අදහස් (1)

සිම්බාබ්වේ රන් ආකාරයක ගිලී 23 ක් මරුට

sujeewa Friday, 15 February 2019 08:47 AM

මේවා සේරම වලපල්ලට ගිය රටවල්... අපේ රටත් එහෙම තමයි... වාහන හැප්පිලා පාරේ මිනිස්සු මැරෙන්නේ පාලකයින්ගේ වැරදි ක්‍රියාකාරකම් නිසා කියලා තේරුම් ගන්න අපේ මිනිස්සුන්ට තව කාලයක් යයි. රුපියලේ අගය පහළ ගිහින් බදු මිල වැඩිවෙලා ආර්ථිකය කඩාවැටිලා තියෙන්නේ පාලකයින් නිසා කියලා තාම තේරුම් අරන් නැහැ. ඉස්පිරිතාලේ බෙහෙත් නැත්තේ.., පාසලේ සල්ලි එකතු කරන්නේ දේශපාලකයින් ගසාකන නිසා බව කවදා තේරුම් ගනීද? ලෝකෙටම එපා කරපු කුඩු මුදලාලිලා මේ දහම් දිවයිනෙන් බිහිවෙන්නේ පාලකයෝ නිසා බව ජනතාව දන්නවද? දැනගත්තත් එ්ක වෙනස් කරන්න මොනවාද කරන්නේ...?

:       0       178

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 80 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 137 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 938 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site