
(දිලීප් ජයසේකර)
මරණීය දණ්ඩනය නියම කිරිමේදී සාම්ප්‍රදායිකව අනුගමනය කරන විදුහි පහන නිමාදැමීම, විනිශ්චය ආසනයෙන් ගැනී සිටිම සහ තීන්දුව අත්සන් කළ පෑන කඩා දැමිම වැනි ක්‍රියා තමා අද දිනයේ සිදු නොකරන බවත්, මෙම දඬුවම සාමාන්‍ය නඩු තීන්දුවක් ස්වරූපයෙන් නියම කිරීමට කටයුතු කරන බවත් තංගල්ල පූර්වගාමී මහාධිකරණ විනිසුරු ආර්.ඒ.එස්. සපුවිද මහතා විත්තිකරුවකුට මරණීය දණ්ඩනය නියම කරමින් විවෘත අධිකරණයේදි ප්‍රකාශ කළේය.
වලස්මුල්ල හෙරේවෙල ප්‍රදේශයේ දී ඉකුත් 2006 .10.16 හෝ ඊට ආසන්ද දිනකදී සුබසිංහ කට්ටඬිගේ සයින්දරා නමැති කාන්තාවකගේ මරණය සිදු කිරීමේ චෝදනාවට වරදකරු වූ වලස්මුල්ල පදිංචි රාජපක්ෂලාගේ ලාල් රංජන් නමැත්තට මරණීය දණ්ඩනය නියම කරමින් මහාධිකරණ විනිසුරුවරයා එසේ ප්‍රකාශ කළේය.
මෙම මරණීය දණ්ඩය නියම කිරීමේ නඩු තීන්දුව ප්‍රකාශයට පත්කරමින් මහාධිකරණ විනිසුරු මෙසේද ප්‍රකාශ කළේය.
මහාධිකරණයකදී චුදිතයෙකුට එරෙහිව මරණීය දණ්ඩනයක් නියම කිරීමේදී විවෘත අධිකරණයේ විදුලි පහන් නිවා දැමීම,විදුලි පංකා නිවා දැමීම,විනිශ්චය ආසනයෙන් නැගී සිටීම හා අදාල තින්දුව අත්සන් කරන ලද පෑන කඩා දැමිම සිදු කරන නමුත් අද දිනයේ මා එම සාම්ප්‍රධායික ක්‍රියා කිසිවක් විවෘත අධිකරණයේදී සිදු නොකරමි.
එයට හේතුව වන්නේ ගරු ශ්‍රේෂ්ඨ මහාධිකරණ විනිසුරු වරයෙකු වු සරත් අඹේපිටිය මහතා ඝාතනය කර ඒ සදහා මිනී මැරීමේ චෝදනාවට වරදකරු වු චූදිතයින්ට ද මෙරට ඉහළම අධිකරණය වන ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ද එම තීන්දුව ස්ථිර කිරීමෙන් පසුවද අද වන තෙක් මෙරටෙහි මරණීය දණ්ඩණය ඔවුන්ට එරෙහිව ක්‍රියාත්මක නොවීම මෙන්ම ඇතැම් තවත් මරණීය දණ්ඩනය නියම කරන ලද අවස්ථාවල දී ඒ ආකාරයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පවා එකී මරණීය දණ්ඩනය ස්ථිර කර තිබියදීත් ඇතැම් එවැනි චුදිතයින් පවතිනා නිති රාමුව තුළ සමාවන් මත නිදහස් වී යාම යනාදී ක්‍රියා කලාපයන් තුළ මරණීය දණ්ඩනයක් මේ ආකාරයෙන් සාමාන්‍ය පුද්ගලයකු සම්බන්ධයෙන් නියම කිරීමේදී සාම්ප්‍රධායිකව එසේ කරනු ලබන පෙර කී ක්‍රියාවන්හි අදාළතාවයක්,ප්‍රායෝගිකතාවයක් නොමැතිය.
ඒ අනුව මා විනිශ්චය ආසනයේ නියමිත සෙසු නඩුවල තින්දු ප්‍රකාශ කරන ආකාරයෙන් ඉඳ මරණීය දණ්ඩනයේ නියමය චුදිතට කියවා දී මරණ දණ්ඩනය නියම කරමි යැයි මහාධිකරණ විනිසුරු වරයා වැඩි දුරටත් පැවසීය.

COMMENTS
ඔබ නිවැරදියි නඩුකාර තුමනි
කතාව සහතික ඇත්ත, අද රටේ මරණ දණ්ඩනය නියම වුවන් නිදහස් කර නොනැවතී එකරැයින් රජයේ ඉහලම තනතුරු දෙනවා. පාදඩ නායකයා රටේ නීතිය අධිකරණය අද බාල්දු කරලා තියෙන්නේ. අපි ඔබේ ක්‍රියාව ඉහලින්ම අගය කරනවා
ඔය වෙලාවේම එල්ලලා මරන්න දිනයක් සහ වෙලාවක් නියම කරන්න බැරිද ?
මම ඔබට ගරු කරනවා සර්.......
ආගමික ලවුඩ්ස්පීකර් ශබ්ද දූෂණයෙන් රට බේරාගන්නේ කවදාද ? ලවුඩ්ස්පීකර් ශබ්දය නිසා පාඩම් කරන්න බෑ අපිට
මිනීමරුවෝ සභාපතිලා වීමට බොහෝ ඉඩ ඇත.
අද අපේ රටේ අධිකරණයත් දූෂිත දේශපාලුවන්ගේ ඕනෑ එපාකම් ඉටුකරගැනීම සදහා යොදාගැනීමට එරෙහිව මතුවන නව ප්‍රවනතාවය බෙහෙවින් අගය කරමු.
හරියටම හරි මම ගරු කරනවා සර්.
ඇත්තනේ ඕනෑම රටක නීතිය මරණ දණ්ඩනය කියන්නේ උපරිමයයි ,මේ රටේ මරණ දඬුවම කියන්නේ විහිලුවක් වෙලා ඉවරයි .ඉතින් බොරුවට සම්ප්‍රදාණුකුලාව දේවල් විහිලු කරගන්න හොඳ නැහැ
ගරු මහාධිකරණ විනිසුරු තුමාගේ තීන්දුව හා ප්‍රකාශය සම්බන්ධයෙන් ගම්‍යමාන වෙන්නේ,වර්තමානයේ නීතිය ක්‍රියාත්මක වීමේදී පවතින දේශපාලන ක්‍රමය තුළ ඇති අසාධාරණ බව නොවේද ? විනිසුරු වරයෙකු හා අධිකරණය මරණ දඬුවම දුන්නද,එය නිෂ්ප්‍රභා කොට අපරාධකරුට සමාව දීමට දේශපාලකයන් ක්‍රියාකිරීම නීතියේ ආධිපත්‍යය බිඳ වැටීමට හේතුවී ඇති බව නොවේද ? ගරු විනිසුරු තුමානි, එඩිතර ව සත්‍ය පෙන්වාදුන් ඔබතුමාට අපගේ ප්‍රණාමය.නීතිය පසෙක තබා දේශපාලනඥයන් ට රෙදි නැතිව කඩේ යන ඇතැම් නීතිඥයන්ට හා නීතියේ ක්ෂේත්‍රයේ අයට ඔබතුමා දී ඇත්තේ බලවත් කම්මුල් පහරකි.ඔබතුමාට රට ජාතියේ ප්‍රණාමය ... !!!
පොදුවෙන් බැලුවුත්, ඒක් අපරාධකරුවකුට විභාග කරලා දඬුවම් දෙනතුරු ආයතන ගණනාවක් කාලය, ශ්‍රමය වියදම් කරලා සහ මහජන මුදල් නාස්තිකරලා අධිකරණයෙන් තීන්දුව දීල, පසුව ජනාධිපති සමාවෙන් නිදහස් වෙන එක මොනතරම් මෝඩ වැඩක් සහ අසාධාරණයි. මේ වැඩේ මුලදී කළා නම්, ඉහත සඳහන් කරුණු සේරම ඉතුරු.
ඉතාමත් නිර්භීත තීරණයක්. ඔබතුමාට ආචාර කරමි.
නෛතික කලකිරීම
පොඩ්ඩක් ඉවසලා ඉන්න. අපේ සර් ගල බොඩයා දාලා වස්තියක් දෙන්න යන්නේ ඔක්කොම ලෙඩ සුව වෙන්න කියලා
ශ්‍රිලංකාවේ පාර්ලිමේන්තුවත් ,අධිකරණයත් විහිළු සපයන කෝලම් මඩු බවට පත්ව ඇති බවට හොඳම උදාහරණයක් මේ.එයට තමන්ට හැකි ආකාරයට විරුද්ධත්වය පලකල මේ විනිසුරුවරයාට ගරු කරමි.
අපි සාම්ප්‍රදායෙන් පිට පැනපු රටක් වෙලා අවසානයි විනිසුරු තුමනි.
නිකරුණේ හිරබත් කන රංජන් මැතිතුමා කිව්වෙ මේකද.? මෙතන චුදිතයා තවත් රාජපක්ෂ කෙනෙක් නේද.?
දියවන්නාවේ හැංගිලා ඉන්න මිනීමරුවන්ටත් මේක අදාලද.?
හරි හොඳයි
මිනීමරුවො සාම විනිසුරු වූ යුගයකුත් තිබ්බ. එදාත් උනා අදත් වෙනව හෙටත් වෙන්න ඉඩ තියෙනව. 44අවුරුද්දක් පාලනය කරපු නායකයො මේවට වගකිවයුතුයි.
විනිසුරුතුමා ඔබ ඉතා නිවැරදියි
මේ රටේ මරණ දඬුවම කියන්නේ විහිලුවක් වෙලා ඉවරයි
මෙම තිරනයෙන් කියැවෙන යථාර්තය තේරැමි ගැනිමට නිති ක්ෙෂ්තත්‍රයේ පිරිස් මෙන්ම සෙසු ජනයාත් තේරැමි ගත්තෙත්..... ඉතා හොඳ තීරණයක්.... ගෞරවනීය විනිසුරු තුමනි ඔබට මගේ ප්‍රණාමය....
ජීවිතාන්තය දක්වා හිරේට නියමවූ අයත් නිදහස් වෙන රටක්. .මිනිමරුවොත් අද නීදහසේ ඉන්නවා. අධිකරණයත් දේසපාලණීකරණය වෙලා, සිද්ද වෙන දේවල් දිහා බැලුවම අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ .
නූගත් දේශපාලකයින් විසින් උගත් විනිසුරුතුමන්ලාගේ ගෞරවය සාධාරනත්වය මත ගනු ලබන විනිශ්චයන් හෑල්ලුවට ලක්කරනවාට ගතයුතු ඉතා යහපත් ප්‍රතික්‍රියාවකි.
මරණ දඩුවම සුදුසු ජීවත්වෙලා ඉන්න අය වැරදිකරන එක වලක්වාගන්න ඇරමුන සදහා පමණයි. මැරුනට පස්සේ මොකද වෙන්නෙ කියල මේවෙනතෙක් විද්‍යාත්මක සාධක නැත. සමහරවිට මැරුනට පස්සේ මිනිස්සුන්ට උන්නට වඩා හොදක් වෙන්නත් පුලුවන් නරකක් වෙන්නත් පුලුවන්. සහරවිට අවම මාස 6 සිරදඩුවමටත් වඩා අඩු දඩුවමක් වෙන්නත් පුලුවන් මරණ දඩුව කියන එක. මගේ අදහසනම් මරණ දඩුවම වෙනුවට ජීවිතකාලයේම විදවන්න දඩුවමක් හදුන්වාදෙනවනම් වරද කරපු පුද්ගලයාටත් නියම දඩුවමද ලැබෙන්න පුලුවනි.
රට හොඳ දිශාවකට ගමන් කරනවා වගේ... ඇත්තටම නීතිය අධිකරණය කෙළින් ඉන්නවා නම් රටට යහපතක් වේවි
ඔබ තුමා වැනි ගෞරවනීය විනිසුරු වරයෙකු ලංකාවේ අධිකරණ පද්ධතිය තුල සිටිනවා යයි අසන්නට ලැබීමත් සතුටට කරුණක්. හොර, තක්කඩි, මිනීමරුවන් පාලන තන්ත්‍රයේ රජකරන රටක ගරු අධිකරණයේ තීන්දු වලට මෑතකදී අත්වූ ඉරණම දැක අප කනගාටු වුවා මිස වෙන මොනා කරන්නද? ඔබ තුමා වැනි වැදගතුන් ලංකාවේ අධිකරණ ශේත්රය තුල තව තවත් බිහි වේවා යයි පතමි!!
මෑතක සිට විනිසුරුතුමන්ලා කිහිප දෙනෙක් අදිකරණය ස්වාදීන බව පෙන්වමින් අභීත තීන්දුදීම අගය කලයුතුය.