IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


සම්පායෝ අත්අඩංගුවට

(පුෂ්පකුමාර ජයරත්න)

අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණය මඟින් වරෙන්තු නිකුත් කර තිබූ වැඩ තහනමට ලක්ව සිටින මීගමුව හිටපු බන්ධනාගාර අධිකාරි අනුරුද්ධ සම්පායෝ මහතා අද (2) මීගමුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් වෙත බාර වීමෙන් පසුව අත්අඩංගුවට ගනු ලැබීය.

අධිකරණ නියෝගයට අනුව තමන් පොලීසියට බාර වන බවට සම්පායෝ මහතා මීගමුව ප්‍රදේශය බාර උසස් පොලිස් නිලධාරියෙකුට දැනුම් දීමෙන් පසුව මීගමුවෙන් පැමිණි විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අද පස්වරු 3.45 ට පමණ කුරුණෑගල ශාන්ත ආනා විදුහල අසලදී ඔහුව අත්අඩංගුවට ගනු ලැබීය.

කුරුණෑගල ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු ඇතුළු පිරිසක් සමඟ සම්පායෝ මහතා පොලීසියට බාර වීමට පැමිණ සිටියේය.

ඔහු එම ව්‍යාපාරිකයාගේ නිවසේ පොලීසිය මඟ හරිමින් සැඟවී සිටි බව පැවසේ.

හිටපු බන්ධනාගාර අධිකාරිවරයා පොලීසියට බාර වීමෙන් පසුව කියා සිටියේ කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරන කැබිනට් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් තමන් සඟවාගෙන සිටින බවට එල්ල කරනු ලබන අසත්‍ය චෝදනා හේතුවෙන් මෙසේ පොලීසියට බාර වීමට තීරණය කළ බවය.

මීගමුව බන්ධනාගාර අධිකාරිවරයා වශයෙන් සේවය කරමින් සිටියදී එම බන්ධනාගාරය තුළ සිර දඬුවම් විඳිමින් සිටි ප්‍රබල අපරාධකරුවන් පිරිසකට සුවිශේෂ පහසුකම් සැපයීමේ චෝදනාව මත සම්පායෝ මහතා සේවයෙන් පහ කර ඔහුට එරෙහිව විමර්ශනයක් ආරම්භ කර තිබුණී.

එම විමර්ශනයෙන් අනාවරණය වූ කරුණු වලට අනුව ඔහු අත්අඩංගුවට ගෙන පරීක්ෂණයක් පැවැත්වීම සඳහා නීතිපතිවරයා විසින් වැඩ බලන පොලිස්පතිවරයා වෙත නියෝගයක් නිකුත් කර තිබුණි.

ඒ අනුව සැකකාර හිටපු බන්ධනාගාර අධිකාරිවරයා ඇතුළු ඊට සම්බන්ධ මීගමුව බන්ධනාගාරයේ සේවය කළ තවත් නිලධාරීන් පිරිසක්ද අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණය මඟින් වරෙන්තු නිකුත් කර සතියක කාලයක් ගතවී තිබුණද සම්පායෝ මහතා අධිකරණයට බාර නොවී කට්ටි පනිමින් සිටියේය.

මේ තත්ත්වය මත ඔහුව අත්අඩංගුවට නොගැනීමට හේතු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස සඳහන් කරමින් නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් පොලීසිය දැඩි ලෙස විවේචනයට ලක් කළේය.

එම මාධ්‍ය හමුව නීතිපති දොපාර්තමේන්තුවේ විසින් පවත්වන ලද ප්‍රථම මාධ්‍ය හමුව ලෙසද ඉතිහාසයට එක් විය.

සැකකාර සම්පායෝ මහතා කුරුණෑගල උයන්දන ප්‍රදේශයේ පදිංචිකරවෙකි.

 

.


 
 
 
 
 



අදහස් (3)

සම්පායෝ අත්අඩංගුවට

රුවන් Sunday, 02 August 2020 11:55 AM

දැන් හිතාගන්න පුළුවන් මොකද වුනේ කියලා දිලීප පිරිස් මහත්තයා කියපු දේ පැහැදිලියි.

:       0       0

Nihal Sunday, 02 August 2020 02:18 PM

මම හිතුවේ අත්අඩංගුවට ගන්න ඇති කියලා. ලංකාවේ පොලිසිවලට කොහෙද එහෙම හැකියාවක්. පොල් හොරෙක් හරක් හොරෙක් නම් මෙහෙම කරද්දී අල්ලයි රට පෙරලළා හරි. ඉතිං මේ වගේ පොලිසි අපිව රකියිද?

:       0       0

Kamal Koyrala Sunday, 02 August 2020 02:40 PM

සඟවාගෙන සිටි කෙනාව බේරගන්න එළියට දාලා. නීතිපති දෙපාර්තමේන්තුවෙන් අඟහරුවාදාට උසාවියට ඉදිරිපත් කරන්න කීවාම තමයි පොලිසිය ක්‍රියාත්මක වෙලා තියෙන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 51 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 717 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 341 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site