( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
සීමානිර්ණය වාර්තාව ඉදිරිපත් වී නොමැති අවස්ථාවක පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකියාවක් තිබේද යන්න පිළිබඳ අර්ථ නිරූපණයක් ඉල්ලා ජනාධිපතිවරයා යොමුකර ඇති අයැදුම්පත පිළිබඳ විභාගය ලබන 23 වැනිදා පෙරවරු 10.00ට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවැත්වීමට නියමිතය.
ඒ පිළිබද ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය මේ මස 30 වැනිදාට පෙර ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට ද නියමිතය.
ජනාධිපතිවරයාගේ මෙම අයැදුම්පතට අදාළ නීතිමය ලිඛිත දේශන තිබේ නම් ඒවා ලබන 21 වැනි දා ට පෙර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයට දැනුම් දී තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරීවරයා විසින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා වෙත යොමුකර ඇති ලිපියකින් සඳහන් කර තිබෙන්නේ සීමා නිර්ණය පිළිබඳ වාර්තාව ඉදිරිපත් වී නොමැති අවස්ථාවක පැරණි ක්‍රමය යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ඇති නීතිමය ඉඩකඩ පිළිබඳව ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 129 (1) වගන්ති යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමක් සිදුකර ඇති බවයි.
ඒ අනුව මෙම කරුණට අදාළව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සාමාජිකයින්ට ද ලිඛිත දේශන ඉදිරිපත් කිරීමට හැකියාවක් තිබෙන බව එම ලිපියෙන් පෙන්වා දී ඇති ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරීවරයා එම ලිඛිත දේශන මේ මස 21 වනදා දහවල් 12.00 පෙර ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස දැනුම් දී තිබේ.
ජනාධිපතිවරයා විසින් යොමු කර ඇති මෙම මත විමසීමට අදාළ විභාගය මේ මස 23 දා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවැත්වීමට නියමිත අතර එහි තීරණය මේ මස 30 වැනිදාට පෙර ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත යැයි ද එම ලිපියේ සඳහන් වේ.
2025 නොවැම්බර් මස 04
22
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2001
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1555
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සීමානිර්ණය ගැන ජනපතිගේ අයැදුම්පත විභාගය 23 දා
YAMADUTHA Tuesday, 13 August 2019 03:40 PM
අපේ ඡන්ද කල්දාපු එකේ පව් මෙලොවදීම පටිසන් දෙනවා.