(යොහාන් භාසුර)
අපොස සාමාන්‍ය පෙළ විභාගයේ (2020) ප්‍රතිඵල නිකුත් කරන දිනයක් තවම කිව නොහැකි බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා අද (22) පස්වරුවේ පැවසීය.
ප්‍රතිඵල නිකුත් කිරීම පිළිබඳව ක්‍රමවේදයක් අධ්‍යාපන අමාතයංශයට යොමු ඇති බවත් අධ්‍යාපන අමාත්‍යංශයේ දැනුම්දීම අනුව ප්‍රතිඵල නිකුත් කරන දිනයක් ඉදිරියේදී ප්‍රකාශයට පත්කරන බව සනත් පූජිත මහතා වැඩි දුරටත් පැවසීය.
උද්ගතව ඇති තත්තවයට ගැලපෙන ලෙස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කළ හැකි ක්‍රම හතරක් සකස් කර විභාග දෙපාර්තමේන්තුව මේ වන විටත් අධ්‍යාපන අමාත්‍යංශයට යොමු ඇති බව දැනගන්නට ඇති අතර එම කිසිඳු ක්‍රමයක් පිළිබඳව අධ්‍යාපන බලධාරීන්ගේ අවධානය මේ දක්වා යොමු වී නොමැති බව ද දැනගන්නට තිබේ.
ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ වැඩවර්ජනය සහ කොවිඩ් හේතුවෙන් පාසල් වසා තැබීම නිසා සෞන්දර්ය විෂයන්වල ප්‍රායෝගික පරීක්‍ෂණ පැවැත්වීමට නොහැකි වීම හේතුවෙන් පසුගිය මාර්තු මස පැවැත්වූ සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ දක්වා මාස හයක් ගතවී තිබුණ ද නිකුත් කර නොමැත.
2025 දෙසැම්බර් මස 18
421
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1027
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සාමාන්‍ය පෙළ-2020 ප්‍රතිඵල තවත් ප්‍රමාද වෙයි
චන්දන Wednesday, 22 September 2021 06:59 PM
පීරිස් ඇමතිවරයා නිදාගෙන හිටියා ට අපි හිතුවේ දැං වත් ඇහැරිලා ඇති කියල . ඔබතුමා ට විශ්‍රාම යන්න තියෙන්නේ තව ටික කාලයයි මම හිතන්නේ . ඔබතුමා ගේ කාර්ය විශිෂ්ට ලෙස කලත් අමාත්‍යාංශය ඔබට දෙන සහයෝගය අඩු බවයි පේන්නේ .
මහජනයා Wednesday, 22 September 2021 07:15 PM
මෙම ප්‍රමාදයට ප්‍රධාන හේතුව නිසි සැලසුමක් නොමැතිවීමයි. අ.පො.ස.(සා.පෙ.) විභාගය අවසන් වූ පසු අවස්ථා කීපයකදී සැලකියයුතු කාලයක් රට විවෘත කර තැබූනත් ප්‍රයෝගික පරීක්ෂණ පවත්වනවාද නැද්ද කියමින් විටින් විට විවිධ ප්‍රකාශ කරමින් කල් මැරීය. නිසි කලට ඉක්මන් නිවැරදි තීන්දු නොගැනීම නිසා සමහර විට 2020 හා 2021 අ.පො.ස.(සා.පෙ.) ප්‍රතිඵල එකම දිනයකදී නිකුත් කිරීමටද ඉඩ ඇත.