
(යොහාන් භාසුර)
ලෝක වෙළෙඳපොලේ සිමෙන්ති මිල ඉහළ යෑමෙන් ආයයන පිරිවැය ඉහළ ගොස් ඇති බවත් එම මිල ඉහළ යෑමට සාපේක්ෂව දේශීය සිමෙන්ති මිල ද ඉහළ යෑමක් වියහැකි බවත් සිමෙන්ති ආනයනරුවෝ පවසති.
සිමෙන්ති ආනයනය කිරීමේදී සිමෙන්ති කොට්ටයක පිරිවැය රුපියල් 1300 ක් පමණ වන බවත් ඒ හේතුවෙන් ඉදිරියේදී සිමෙන්ති මිලේ පොඩි වැඩිවීමක් සිදුවිය හැකි බවත් සිමෙන්ති ආනයනකරුවෝ වැඩි දුරටත් පවසයි.
රජය පසුගියදා සිමෙන්ති පාලන මිල ඉවත්කිරීමත් සමඟ සිමෙන්ති සමාගම් කිලෝ 50 කොට්ටයක් රුපියල් 93 කින් ඉහළ දැමීමත් සමඟ සිමෙන්ති කොට්ටයක නව මිල රුපියල් 1098 ක් බවට පත්විය.
COMMENTS
1098 සිමෙන්ති කිසිම තැනක නෑ. මේ දවස් වල සංස්තා සිමෙන්ති 1500ට විකුනන්නෙ. එහෙම ගන්ඩත් සිමෙන්ති නෑ
පොඩි වැඩිවීමක්??? මේ කම්පැණි කාරයො විහිළු කරන්නත් දන්නවනෙ. කොන්ද පණ නැති, නපුසංක ආණ්ඩුවත් ඔහේ බකංනිලාගෙන ඉන්න හැටි. නිදහසින් පසු බිහිවූ දුර්වලම, අදක්ෂම රාජ්‍ය පාලකයා සහ රජය!!!
හා පොඩි වැඩිවීමක්. සිමෙන්ති සංස්ථාව ඇතුලත් වෙන්නේ විමල්ගේ කර්මාන්ත අමාත්‍යංශ යටතේද? ඔහුගේ යටතේ නම්, ඔහු මිල වැඩි කරන්නේකක් නැහැ. මොකද්ද ඔහු ඡන්ද කාලේ කිව්වා ලෝක වෙළෙඳපොලේ මිල වැඩි වෙනවා නම්, මෙහෙ වැඩි කරන්න ජනාධිපති හෝ අගමැති හෝව ඇමති හෝව සභාපති අවශ්‍ය නැහැ කියලා.
මේ වගේ කාලකණ්ණි ආණ්ඩුවක් ඉල්ලලනේ අපේ මෝඩයින් ඡන්දෙ දුන්නේ... දැන් සැපයි...
ඉතාමත් හොඳයි. තව වැඩිකරන්න ඕනා. මැටි ගෙවල් වල සිටිය යුතු එවුන් සිමෙන්තියෙන් හදාපු ගෙවල් වල ජීවත් උනාම මොලේ විකාරේ හැදෙනවා. බඩු මිල, තෙල් ඇතුළු සියලුම අත්‍යාවශ්‍ය භාණ්ඩ වල මිල ගණන් තව වැඩිවිය යුතුයි. මොනා උනත් අපට ඉන්න රටක් තියනවනේ දැන්? හා නැද්ද?