(ලක්ෂ්මී ජයකොඩි)
දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්තී‍්‍ර එම්. ඒ සුමන්තිරන් මහතා වෙත ලබාදී තිබුණු විශේෂ කාර්ය බළකා ආරක්ෂාව ඊයේ (07) රාති‍්‍රයේ සිට හදිසියේම ඉවත් කර ඇත.
මේ පිළිබඳව කිසිදු පෙර දැනුම්දීමක් සිදු නොකෙරුණු බව සුමන්තිරන් මහතා පවසයි.
කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකු වශයෙන් ලැබෙන පොලිස් ආරක්ෂාව එයාකාරයෙන්ම තිබෙන බව සඳහන් වේ.
දෙමළ ජනතාවගේ ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් පැවති පොතුවිල් සිට පෝලිකණ්ඩි දක්වා පාගමනේ ආරම්භක අවස්ථාවේ සිට අවසානය දක්වාම සුමන්තිරන් මන්තී‍්‍රවරයා සහභාගී වු අතර එබැවින් මන්තී‍්‍රවරයාට ලබාදී ඇති විශේෂ ආරක්ෂක අංශයට ද එම පාගමනට එක්වීමට සිදුවිම පිළිබඳ සොයා බැලීමක් සිදු කිරීමට ඔහුගේ විශේෂ ආරක්ෂාව ඉවත් කර ඇති බව වාර්තා වේ.
මීට ටික කලකට ඉහත දී සුමන්තිරන් මන්තී‍්‍රවරයාට මරණ තර්ජන ඇති බවට හෙළිදරව් වු අතර ඒ හේතුවෙන් මෙලෙස ඔහුට විශේෂ කාර්ය බළකා ආරක්ෂාවක් ලබා දී තිබිණි.
COMMENTS
රටේ අපරාධකරුවන්ට විරුද්ධව නඩු තීන්දු දෙන විනිසුරු වරයෙකුට දෙන්නෙත් එක පොලිස් නිලධාරියෙක්ගේ ආරක්ෂාව විතරයි නම් මෙයාලාට පොලිස් ආරක්ෂාව තිබුණාම හොඳටම ඇති. මෙයාලගෙන් රටට ඇති සෙතේ කුමක්ද?
හොඳයි අපෙන්ම ආරක්ෂාව ලබාගෙන අපිටම දෙන්නනේ හදන්නේ...!!!
එකල නැට්ට කොහේදවත් සිතා ගැනුමට නොහැකි විදියට හංගගෙන හිටිය නිවටයින් දැන් හෙන වීරයින් වෙලා.. ඒ එක්කම අඬනවා ආරක්ෂාව ගැන.. "දෙපත් ගැරඩින් " තමයි ඉන්නේ...
කොටි සටනට උදව් දෙන හා රට වැනසීමට පැමිණි කොටි කල්ලියේ අය වෙනුවෙන් උදව් උපකාර කිරීම පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකු හට කිරීමට බැහැ. මන්ත්‍රී වරයෙකු ලෙස දිව්රුම් දීමේදී රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වෙන කිසිවක් හෝ ඊට පටහැනි කිසිවක් නොකරන බවට දිවුරුම් දෙනවා. එසේ කොට මොහු රට වැනසු ත්‍රස්තවාදී කල්ලියක් වෙනුවෙන් පෙළපාලි ගියා. ඒ නිසා වැඩි ආරක්ෂාව ඉවත්කිරීම වැදගත්...
බොහොම හොඳයි...!
නිවට සිංහලයින්, පාලකයින්ට ආවඩා ගෙන හිටියාට දෙමළ ජනතාව එහෙම නැහැ. සුමන්තිරන් මහත්මයා උගත්, බුද්ධිමත් පුද්ගලයෙක්. අනික, එතුමා හොර තක්කඩි දේශපාලකයෙක් නොවෙයි. මෙතුමා තමන්ගේ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙරමුණ ගැනීම කොහොමද වැරැද්දක් වෙන්නේ? බහුතර සිංහල ජාතියේ අය කරන තක්කඩිකම් සාධාරණීකරණය කරගෙන අන් ජාතිකයින්ගේ නුගුණම දකින ජාතියට තරු පෙනෙන දවස වැඩි ඈතක නැහැ.
අපේ දේශපාලකයෝ නම් පෙළපාලිම යයි අපි වෙනුවෙන්. ඒ අය අපේ තියෙන ටිකත් හොරකම් කරනවා. දැක්කනේ සුනාමි සල්ලිවලට ගැහුව හැටි. ඒ වගේම අපේ සල්ලිවලින් සොහොන් හදපු හැටි. ඒත් අපේ අය තාම කඹුරනවා.