IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


සුමන්තිරන්ගේ තනි කැමැත්තට නායකත්වයට පත් වෙන්න බෑ

එෆ්.අස්ලම්

දෙමළ ජාතික සන්ධානයේ නායකත්වය සඳහා එම්.ඒ.සුමන්තිරන් මහතාට තනි කැමැත්ත මත පත්විය නොහැකි බවත් ඒ සඳහා සිය පක්ෂවලද එකඟත්වය හා කැමැත්ත තිබිය යුතු බවත් එම සන්ධානයේ නියෝජනය කරන ප්ලොට් හා ටෙලෝ සංවිධාන අවධාරණය කරයි.

පක්ෂ තුනකින් සැදුම් ලත් දෙමළ ජාතික සන්ධානයේ නායකත්වයේ වෙනසක් ඇති කළ යුතු බවට කතිකාවක් පක්ෂ ආරම්භයේ පටන්ම නිර්මාණය නොවූ බවත් නායකත්වයේ වෙනසක් කිරීමට නම් ඉලංගයි තමිල් අරසු කච්චි ප්ලොට් හා ටෙලෝ යන පක්ෂ ත්‍රිත්වයේම එකඟත්වය සහ කැමැත්ත පැවතිය යුතු බවත් මෙම සංවිධාන සඳහන් කර සිටියි.

ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂය විසින් ඒකමතිකව සුමන්තිරන් මහතාව දෙමළ ජාතික සන්ධාන නායකත්වයට නම් කළත් තම පක්ෂවල කැමැත්තකින් තොරව ඔහුට එම ධූරය සඳහා පත්විය නොහැකි බවත් ප්ලොට් සංවිධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා පැවසීය.

එමෙන්ම සුමන්තිරන් මහතා දෙමළ ජාතික සන්ධාන නායකත්වයට පත්වන්නේ නම් ඒ සම්බන්ධයෙන් පක්ෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීම කැඳවා යෝජනා කළ යුතු බවත් ඒ සම්බන්ධයෙන් තම පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්ව ඒ පිළිබඳ තීරණයක් ගතයුතු බවත් ටෙලෝ සංවිධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයිකලනාදන් මහතාද කීවේය.

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා වයස හා සෞඛ්‍ය තත්වය ගැන සිතා සන්ධානයේ නායකත්වය සඳහා සුමන්තිරන් මහතාව පත්කිරීමට පක්ෂ අභ්‍යන්තරයෙන් යෝජනා වී තිබෙන බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඊ.සරවනභවන් මහතා මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකර තිබිණි.

එම ප්‍රකාශය සම්බන්ධයෙන් කරන ලද විමසුමට පිළිතුරු දෙමින් සිද්ධාර්ථන් හා අඩෙයිකලනාදන් යන මන්ත්‍රීහු මේ අදහස් පලකර සිටියේය.

කෙසේ වෙතත් සරවනභවන් මහතාගේ මෙම ප්‍රකාශය නිවැරදි නොවන බව මාවෙයි සේනාධිරාජා හා එම්.ඒ.සුමන්තිරන් යන මන්ත්‍රීවරුන් මාධ්‍ය මගින් ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම සුමන්තිරන් මහතාට දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් අතර දැඩි අප්‍රසාදයක් පවතින බවත් ඔහුගේ ක්‍රියාකලාපය ඊට හේතු වී තිබෙන බවත් එම සන්ධානයේ නියෝජිතයින් ද සඳහන් කර සිටීයි.

 



අදහස් (1)

සුමන්තිරන්ගේ තනි කැමැත්තට නායකත්වයට පත් වෙන්න බෑ

Hafeel Tuesday, 12 February 2019 04:37 PM

සුමන්තිරන් හොඳයි එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට.

:       2       85

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 557 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site