(බිඟුන් මේනක ගමගේ සහ හර්ෂණ තුෂාර සිල්වා)
මීගමුව ප්‍රදේශයේ හටගත් කලහකාරී සිදුවීමක් පදනම් කරගනිමින් නැවතත් ෆෙස්බුක්, වට්සැප්, ඉන්ස්ටග්‍රෑම්, වයිබර් ආදී සමාජ මාධ්‍ය ජාල අවහිර කිරීමට ක්‍රියාකර ඇතැයි ශ්‍රී ලංකා පරිවර්තන සමූහය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
අප්‍රේල් 29 වනදා සමාජ මාධ්‍ය තහනම ඉවත් කිරීමට රජය ක්‍රියාකළත් නැවතත් එම ඉවත්කරගැනීම හකුලා ගැනීමට සිදුකිරීම පිළිබඳව සිය බලවත් අප්‍රසාදය රජය වෙත පලකරන බව එම නිවේදනයේ සඳහන් වේ.
මෙම සිදුවීම් වලට මූලික හේතුව සමාජ මාධ්‍ය ජාල වෙබ් අඩවි නොවන බවත් සමාජ මාධ්‍ය ජාල වෙබ් අඩවි යනු තාක්ෂණික මෙවලමක් වන බවත් රෝමය ගිනි ගනිද්දී නීරෝ වීණා වාදනය කළා මෙන් සැබෑ ගැටලුවලට විසදුම් සෙවීම පසෙකලා සමාජ මාධ්‍ය සියලුම සිදුවීම් වලට වරදකරුවෙක් කරමින් තාවකාලික පැලැස්තර යෙදීමට කටයුතු කරන බලධාරීන් සියල්ලන්වම සිය සමූහය පිළිකුලෙන් යුතුව හෙළා දකින බවත් එහි වැඩිදුරටත් සඳහන් වේ.
COMMENTS
මොනවද මේ කරන්නේ? රට ඉන්න මම පුතාට කතා කරන්නේ, හෝම්වර්ක්වලට උදව් කරන්නේ පවා අන්තර්ජාලය හරහායි.. පුදුම මෝඩයින් ටිකක්නේ රට පාලනය කරන්නේ...
මේ රටේ ජනාධිපතිවරයා සිරිසේන.. මේ සමාජ මාධ්‍ය සමග විරසකයි. මෙයාට ඕනේ ඕනේ සෙල්ලම් දාන්න බැරි නිසා. ඕකයි තිත්ත වුනත් ඇත්ත...
සමාජ ජාලාවලින් ජාතිවාදී අදහස් දක්වන්නන් පාලනය කළ යුතුයි.
මේ දවස්වල ෆේස්බුක් කියන්නේ ජාතිවාදය වපුරවන, මෝඩ අදහස් පතුරුවන අය කීප දෙනෙක්ගේ පෝස්ට් බෙදාහරිමින් තිබෙන මාධ්‍යයක්. සමාජයේ උසස් උගත් සියලු දෙනා හැඟීම්වලට වහල් වෙලා කුරිරු අදහස් පතුරුවනවා.