IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


සාමාජිකයන් 15ක් සහිත නැවක් සුළං පහරින් රූමස්සල ගල් පරයක සිරවේ

(ඩී.ජී.සුගතපාල,  සුමතිපාල දීයගහගේ  සහ සිරංගිකා ලොකුකරවිට)
 
අද සවස හමාගිය දැඩි සුළඟින් ගාල්ල පිටත වාරයේ නැංගුරම්ලා තිබූ ‘ශ්‍රී ලංකා ග්ලෝරි’ නම් නැවක් නැංගුරම කඩාගෙන, ගසාගෙන ගොස් රූමස්සල සාම චෛත්‍ය අසළ ගල් පරයක වැදි සිර වී තිබේ.
 
මේ නැවේ 15ක පමණ පිරිසක් සිටින බවද පොලිසිය කියයි.
 
ගාල්ල රුහුණු සිමෙන්ති කම්හලට ක්ලින්කර් ගෙන එන ලද නැවක් එහි සිටි නාවිකයින්ද සමග මෙසේ ගසාගෙන ගොස් ඇති බව ගාල්ල වරාය පොලිසිය පවසයි.
 
මේ වනවිට ගාල්ල සහ ඒ අවට ප්‍රදේශවලට තද සුළං සමග ධාරාණිපාත වර්ෂාවක් ඇද හැලෙමින් පවතින අතර මුහුද ඉතා රළු වෙමින් ඇති හෙයින් එම ස්ථානයට යාමටද අපහසුවී ඇතැයිද පොලිසිය පවසයි. 
 
මෙම නෞකාවේ පිරිස බේරා ගැනීමේ කටයුතු ක්‍රියාත්මක වෙමින් පවතින බවද පැවසේ. 
 



අදහස් (0)

සාමාජිකයන් 15ක් සහිත නැවක් සුළං පහරින් රූමස්සල ගල් පරයක සිරවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 81 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 733 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 354 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site