(දයාසීලි ලියනගේ)
සමගි ජන බලවේගය සඳහා ඉදිරි මැතිවරණයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයන් තෝරා ගැනීම සඳහා හෙට (28) සිට අයැදුම්පත් කැඳවන බව පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා කීය.
පුවත්පත් දැන්වීමක් මගින් මේ සඳහා අයැදුම්පත් කැඳවීම සිදුවන බවද ඔහු කීය.
දුෂිතයන් වංචනිකයන් වශයෙන් සමාජයේ චෝදනාවන්ට ලක්වූ එක්ව නාමයෝජනා බාර නොදෙන බවද ඔහු පැවසීය.
COMMENTS
අරමුණ බොහොම හොඳයි. නමුත් ඔබ පක්ෂයේ 50%ක් පමණ ඉවත් කිරීමට සිදුවනු ඇත. එවැනි අය තෝරන මණ්ඩලයට සුදුස්සන් තෝරන්නේ කොහොමද?
බලවේගයේ සමගිය කෙතරම්ද කිවහොත්, තාමත් කුලල් කා ගන්නවා.
පුත්තලමේ බූරුවන් ටිකට දෙමු.
මතකද චන්ද්‍රිකා මහත්මියගේ කාලයේදී නාලන්ද එල්ලාවල මැතිතුමාගේ මරණයට එදා පොදුජන පෙරමුණ (අද පොහොට්ටුව) ඉතාම තදබල ලෙස ඔබේ පක්ෂයේ සිටි සුසන්ත පුංචි නිලමේ මන්ත්‍රීවරයාට චෝදනා කළා කියා. ඔබේ පක්ෂය එතුමාගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කළා. නමුත් ඊළඟ මැතිවරණය එන කොට ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. රන්ජන්ට මිනීමරු චෝදනා නැහැ. ඔහුට නාමයෝජනා නොදුන්නොත් 2024 මැතිවරණය එනකොට රන්ජන්වත් පොහොට්ටුවට බඳවාගෙන තියේවි...
පක්ෂයේ නම හරියටම ගැලපෙනවද මන්දා? ඉන්න උනුත් ඔක්කෝටම හපන්.. සමගිය බලය වේ. කියලා කතාවකුත් තියෙනවා. අහලවත් නෑ වගේ...
එක්ව ඉදිරියට 'බඩ' යන මග සැදුණා.
මෙදා අපි බලන්නේ පක්‍ෂයවත්, පක්‍ෂ නායකයාවත් නොවේ. ඡන්දෙ ඉල්ලන අපේක්‍ෂකයාවයි. අපේක්‍ෂකයා අවංක, ජනහිතකාමී, දැනඋගත්කමක් තිබෙන, යහපත් පැවැත්මක් ඇති, තරුණ හෝ මැදි වයසේ පසුවන මහත්මා ගතිපැවැතුම් සහිත මහත්මයකු හෝ නෝනා මහත්මියක විය යුතුවෙයි. ඕනෑම පක්‍ෂයක් වූවාට කමක් නැත. ඡන්ද පත්‍රිකාවේ එවැනි නම් නැත්නම් ඡන්දය අවලංගුවීමට ඉඩ තිබේ.
සමගි ජන බලවේගය නොවෙයි, හරියන නම සතුරු ජන බලවේගය...