(නිමල කොඩිතුවක්කු)
කොරෝනා වසංගත ව්‍යාප්තිය හේතුවෙන් විස්සට එරෙහිව හෙට (8) දිනයේ හයිඞ්පාක් පිටියේදී ආරම්භ කිරීමට නියමිතව තිබූ විරෝධතා ව්‍යාපාරය අවලංගු කිරීමට සමගි ජනබලවේගය තීරණය කර තිබේ.
මෙයට අමතරව “දිනමු” තේමාවෙන් ආරම්භ වූ සමගි ජනබලවේගයේ ප්‍රවර්ධන වැඩසටහන් තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇති බවත් සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පැවසීය.
ඒ අනුව මේ සති අන්තයේ දී බදුල්ල සහ මොනරාගල දිස්ත්‍රික්ක ඉලක්ක කරමින් පැවැත්වීමට නියමිතව තිබූ එම ප්‍රවර්ධන වැඩසටහන් නොපැවැත්වෙන බවත් ඔහු සඳහන් කළේය.
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (5) පැවති සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේ දී මෙම තීරණය ගත් බවද අත්තනායක මහතා සඳහන් කළේය.
විසිවවන සංශෝධනයට එරෙහිව පෙරේදා (5) දිනයේදී කොටුව දුම්රිය ස්ථානය ඇතුළු ස්ථාන කිහිපයකදී සංවිධානය කර තිබූ අත් පත්‍රිකා බෙදාහැරිමේ වැඩසටහන අවලංගු කිරීමටද සමගි ජනබලවේගය පියවර ගනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd