( +++ අංජුල මහීක වීරරත්න/ නිමල කොඩිතුවක්කු)
එක්සත් ජාතික පක්ෂය ප්‍රමුණ සමගි ජන බලවේගය ඉදිරි මැතිවරණයට හංසයා ලකුණ යටතේ තරග කිරීමට පක්ෂ උපදේශක කාරක සභාව ඊයේ (18) තීරණය කළේය.
උපදේශක කාරක සභාවේ මෙම තීරනය අද (19) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම දැනුම් දීමට නියමිත බව පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ලංකාදීපයට පැවසීය.
එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පුළුල් සන්ධානය සමග ජන බලවේගය නමින් ඉදිරි මහා මැතිවරණයට මුහුණ දීමට ද උපදේශක කාරක සභාව මෙහිදී තීරණය කර තිබේ.
හංසයා ලකුණ යොදාගැනීම සම්බන්ධයෙන් වන නීතිමට තත්වය සොයා බැලීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රංජිත් මද්දුම බණ්ඩාර හා රවි කරුණානායක යන මහත්වරුන්ට බාර කෙරෙන බවද ලක්ෂ්මන් කිරි ඇල්ල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂයේ උපදේශක කාරක සභා වට කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (18) පස්වරුවේ රැස් වූ අතර එම රැස්වීමෙන් පසුව මාධ්‍යයට අදහස් දක්වමින් සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසුවේ සියලුම පාර්ශව එක්ව හංසයා ලකුණින් සමගි ජන බලවේගය සන්ධානයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වීමට තීරණය කළ බවය.
මෙම උපදේශක කාරක සභාව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්වරුන් ඇතුළු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෝ සහභාගී වූහ.
උපදේශක කාරක සභාව ගත් මෙම තීරණය අද (19) පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කර නිල වශයෙන් අනුමැතිය ගැනීමට නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අතට වූනදේම අලියට වුනා.
මේ ඉලව්ව අහල අහලා එපාවෙලා ඉන්නෙ දැන්... ඕන කෙන්ගෙඩියකින් ඉල්ලන්නකෝ.
මිනිස්සු එක පාරක් හංසයාට රැවටුන නිසා ද ඒ අහිංසක සතාවම කන්න හදන්නේ ? මේගොල්ලන්ගේ පක්ෂ බෙදිමුයි බද්ධ වීමුයි ද රටේ මිනිස්සුන්ට තියෙන දැවෙන ප්‍රශ්නේ? පක්ෂයක් හැටියට එක තැනක ඉන්න බැරි ව කොහෙද රටක් හදන්නේ ? මම කියන්නේ දෙගොල්ලොම ගැන .. ලජ්ජා නැතිව මහපාරේ කුලල් කාගන්නේ බලය ට තියෙන කෑදර කමට ඇරෙන්න වෙන මොන මගුලක ට ද ??
ඒ වුනාට නවීන් දිසානායක තුමා කිව්වා වගේ මතකයි අලියා හැර වෙන මොකකින් වත් එයා ඡන්දෙ ඉල්ලන්නේ නැහැ කියලා. ඒ කියන්නේ එයා මේ සැරේ ජාතික ලැයිස්තුවෙන් රිංගන්න හදන්නේ නේද? බොහොමයක් ලොකු තනතුරු දරපු අයට මේ සැරේ ජාතික ලයිස්තුවේ පිහිට තමා. මනාප ඡන්දෙ නම් හම්බ වෙන්නේ නැහැ.
ඒ අයත් එකයි. මේ අයත් එකයි. අවසානේ මේ ඉන්න 225 හොරු රැළ දුෂකයෝ රැළම පත්වෙයි. මහජනයෝ දුක්වෙති. හූල්ලති.
දැන් ලකුණත් හරි ශ්‍රී මුඛය අරින්න විතරයි තියෙන්නේ. රනිල් මහත්තයා නොහිටින්න බලාගන්න තිබුනා.