
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පරිසර සංවේදී කලාපයක්වන මුතුරාජවෙල වගුරු බිමෙහි පර්චස් හැට පන් දහස් එකසිය දෙකක (65,102) භූමි ප්‍රමාණයක් පර්චසය රුපියල් 500 බැගින් මිලදීගෙන ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝපා ) ඉහළ අවධානය යොමුවී ඇත.
ගම්පහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තු කාර්යාලයට මුදල් ගෙවා මෙම මිලදීගැනීම කර ඇති අතර ඒ සඳහා උදව් කර ඇතැයි පැවසෙන එම දෙපාර්තමේන්තු නිලධාරීන්ට එරෙහිව කිසිදු පරීක්ෂණයක් මෙතෙක් කර නොතිබීම ගැන කෝපා කමිටුව විමතිය පළ කර ඇත.
මේ සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා එම ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට කැඳවා ඇතත් ඔවුන් පැමිණීම මග හැර ඇත.
ඒ පිළිබඳව එම කාරක සභාව ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට දැඩි අප්‍රසාදය පළ කර ඇතැයි කෝපා කමිටු වාර්තාවක සඳහන්වේ.
මේ අතර පරිසර සංවේදී මුතුරාජවෙල භූමියට කිසිවකුට හෝ අනවසරයෙන් ඇතුළුවීමට ඉඩ නොදිය යුතු බවටත් එහි කිසිදු ගොඩ කිරීමක් නොකිරීමට වගබලා ගත යුතු බවටත් කමිටුව පරිසර අමාත්‍යාංශය ඇතුළු අදාළ ආයතනවලට උපදෙස්දී ඇත.
මේ අතර මුතුරාජවෙල අභයභූමියේ අනවසරෙන් කැණීම් කරමින් සිටියදී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ බැකෝ යන්ත්‍රය වෙනුවට වෙනත් බැකෝ යන්ත්‍රයක් පොලිසියට ඉදිරිපත් කර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්ද රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අවධානය යොමුවී ඇත.
හෙක්ටයාර් 6232ක භූමි භාගයකින් යුතු මුතුරාජවෙල වගුරු බිමෙහි හෙක්ටයාර් 3068ක් තෙත් බිම් ප්‍රදේශයක් ලෙස සඳහන් වේ.
එසේ තෙත් බිම් ප්‍රදේශයක් ලෙස සඳහන්වී තිබියදී 2016.9.9 නිකුත් කර ඇති ගැසට් නිවේදනයක් මගින් එම ප්‍රදේශයෙන් කොටසක් නාගරික සංවර්ධන ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති බව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පවසයි.
2025 නොවැම්බර් මස 04
772
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2411
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සමාගමක් මුතුරාජවෙල පර්චස් 65,000ක් බූදලයට ලියාගෙන
ravin Saturday, 20 November 2021 11:22 AM
මුතුරාජවෙල යනු හාල් සහිත ප්‍රදේශයකි. ඔය කියන හාල්පාරුවෝ කීප දෙනෙක් ගිහිල්ලා මුතුරාජවෙලේ අත ඇරියා නම් අග, මුල හරියට හොයාගන්න තිබුණා.
sujeewa Saturday, 20 November 2021 12:28 PM
මෙවැනි හෝ කුමන ආකාරයක හෝ වරදක් කර ඇති අවස්ථාවලදී ඊට කුමන ආකාරයකින් හෝ සහාය දැක්වූ අයට දැඩි දඬුවම් ලබාදීමටත්, එවැනි ක්‍රියාමාර්ගයකින් සිදුවූ ඕනෑම ක්‍රියාවක් නිශේධනය කොට කිසිඳු වන්දියක් හෝ අලාභයක් හෝ නොගෙවාම නැවත පවරා ගැනීමටත් කටයුතු කළ හැකි දැඩි සහ නිශ්චිත නීති පනවන්න. එවිට අවම වශයෙන් තමාට ඉදිරියේදී සිදුවිය හැකි අලාභය ගැන සිතා හෝ මෙවැනි ක්‍රියාමාර්ග වලට පෙළඹීම හෝ පාලනය වේවි... එසේ නොවුණහොත් තමන් කුමක් කළත් දඬුවමක් නොලැබෙන බවට ඇතිවන විශ්වාසය නිසා මෙවැනි වැරැදි හැමදාමත් සිදුවේවි...!
පැරකුම්Saturday, 20 November 2021 02:03 PM
ඒ නිසා තමයි මම හැමදාමත් කියන්නේ ඔය බලතල නැති එක එක නම් වලින් තියන සභා වහාම විසුරුවා හරින්න.. නිකන් අපරාදෙ අපේ සල්ලි...
Hafeel Saturday, 20 November 2021 02:21 PM
දේශපාලන අනුග්‍රහය නැතුව නිලධාරීන්ට පමණක් මේ වැඩේ කරන්න බැහැ. තුනෙන් දෙකක බලය තිබෙන, විස්සත් සම්මත කළ මේ වැඩ කරනවයි කියන මේ විරුවා ඉන්න යුගයේ වෙන දේවල්...
soru elavamu Saturday, 20 November 2021 05:07 PM
පොහොට්ටු, අලි, ශ්‍රීලනිප ඇතුළේ ඉන්න සොර දෙටුවන් පන්නා දමවු...
විපරමා Saturday, 20 November 2021 05:08 PM
ඕවා ගැන හරියටම දන්නේ බලලෝභී දූෂිත දේසපාලුවන් තමා.